(සුමතිපාල දීයගහගේ)
දුම්රිය ධාවනය වන නිසා වසා තිබු ගාල්ල කටුගොඩ දුම්රිය හරස් ගේට්ටුවෙන් රිංගා ගිය යතුරුපැදිකරුවන් 8 දෙනෙකු අද (6) අත්අඩංගුවට ගත් බව දුම්රිය ආරක්ෂක අංශ පවසයි.
කොළඹ සහ බෙලිඅත්ත අතර දුම්රිය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ දුම්රිය කීපයකට මෙම හරස් ගේට්ටුව වසා තිබියදී එම අනතුර ගැන නොතකා වසා තිබූ ගේට්ටුවෙන් රිංගා යමින් සිටියදී දුම්රිය ආරක්ෂක අංශය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් 8 දෙනා සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවරන බව දුම්රිය ආරක්ෂක අංශ සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපිරි නියමයි. අන්න එහෙම කරලා තමයි මාර්ග විනය හදන්න ඕන. දැන් ඔය කෙනෙක් කෝච්චියට යටවුනා නම් ඔතන පාරවල් වහගෙන ගල් ගහලා උද්ඝෝෂණ කරනවා රටට පේන්න.
මේ අයට ප්‍රසිද්ධියේ කස පහර දෙන්න ඕනේ.
ඉතාම හොද ක්‍රියාවක්. උපරිමයෙන් දඩුවම් ලැබේවා !!!
තමන්ගේම ආරක්ෂාව සඳහා පවතින ක්‍රමවේද පිටුදකින අයවලුන්ට දඬුවම් කිරීම සාධාරණ වේ. @පිටිගල මිලානෝ - නමුත්, කස පහර අනවශ්‍යි. රටේ පවතින නීතිය අනුව කටයුතු කිරීම් ප්‍රමාණවත්. අපේ රට අරාබිය නොවේ.
ඉතාම හොද වැඩක්. අපේ මිනිස්සු කවදාවත් නීති ගරුක වෙන්නෙ නෑ. ඒ නිසා දැඩි දඩුවම් මගින් ඔවුන්ව නීතියට යටත් කල යුතුයි. එක්කෙනෙකුට අඩුගානේ රුපියල් 25000.00 දඩයක්වත් ගැසිය යුතුයි.