IMG-LOGO

වාසු කූපන් ක්‍රමයක් ගැන කතා කරයි

(යොහාන් භාසුර)

අඩුආදායම්ලාභීන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා කූපන් ක්‍රමයක් ආරම්භ කළ යුතු බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

ආණ්ඩුව අසීරු තත්වයකට පත්ව සිටීම නිසා ජනතාව ද අමාරු තත්වයට පත්ව සිටින බව කී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා කූපන් ක්‍රමයක් ආරම්භ කරන ලෙස රජයට යෝජනා කරන බව සඳහන් කළේය.

ඉන්ධන ද කූපන් ක්‍රමයක් අනුව සලාක ක්‍රමයකට නිකුත් කිරීමට කටයුතු කළ යුතු බවත් එමගින් ඉන්ධන පරිභෝජනය අඩුකරගත හැකි බවත් අමාත්‍යවරයා කීය.

ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අද (19) පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.

 



අදහස් (16)

වාසු කූපන් ක්‍රමයක් ගැන කතා කරයි

wicky Monday, 20 December 2021 07:47 AM

මැති ඇමතිවරුන්ට දීලා තියෙන වාහන ප්‍රමාණයත් එක්ක, සහ ඒවායේ ඉන්ධන වැයවන ප්‍රමාණයත් සමග, මුලින් සියලු කප්පාදු 225ට කරන්න. ඊට පස්සෙ බලමු හොඳේ...

:       1       19

timal Monday, 20 December 2021 07:59 AM

ජනතාව අසරණ වුනේ ඔබතුමා ඇතුළුව හතලිස් අටෙන් පසුව පාර්ලිමෙින්තුවට ගිය පිරිස වගකීම් අමතක කරලා තමන් ගැන විතරක් හිතපු නිසා. ජනතාව කරපු වැරැද්ද තමයි මෙහෙම හොරු සහ මෝඩයො පත්කරපු එක... කූපන් නෙවෙයි මහත්තයෝ.., මිනිස්සුන්ට කෙළින් හිටගෙන ගෙන ‌අභිමානයක් ඇතිව ජීවත්වෙන්න විදියක් හදලා දෙන්න. ඡන්දෙ ගන්න බොරුව කරන්න එපා...

:       0       21

saliyaMonday, 20 December 2021 12:12 PM

වගකිවයුත්තේ රාජපක්ෂලා ,වික්‍රමසිංහලා ,ප්‍රේමදාසලා.ඒ ගොල්ලන්ගේ සහචරයෝ ටික .48 න් පස්සේ ඔක්කොම වගකියන්න ඕන නැහැ.නිදහස් අධ්‍යාපනය ගෙනාව මිනිස්සු ..ගොවි ජනපද හදපු මිනිස්සු ,වාරි මාර්ග වැව් අමුණු හදපු මිනිස්සු වග කියන්න ඕන නැහැ.ඒ දේවල් වල හොඳ ප්‍රතිපල බුක්ති විඳිනවා අපි

:       0       2

Sunil Monday, 20 December 2021 08:06 AM

එක්තරා වකවානුවක ජනජීවිතයේ වටිනාම අංගයක් වූ හාල් පොත අහෝසි වී දශක 4ක් පමණ ගතවී ඇත. ඒ අප රටට ලැබුණු ආර්ථික වර්ධනයත් සමගයි. ආඩම්බරයෙන් සඳහන් කළ යුතුව ඇත්තේ අප නැවතත් එම යුගය කරා කඩිනමින් පියමන් කරමින් සිටින බවයි. එයද අප පැතූ සෞභාග්‍යය..?

:       1       22

පාල මුදලාලි Monday, 20 December 2021 01:02 PM

මුන්දෑ මුලින්ම 1970 දී කිරිඇල්ල ආසනයෙන් (දැනට ඇහැලියගොඩ) පාර්ලිමේන්තුවට පත්වූ කෙනෙක්. දැනට මුන්දෑ ඇවිල්ලා අවුරුදු 50කට වැඩියි හරියට මන්ත්‍රී කෙනෙක් ලෙස මිනිහා වැඩ කළා නම් ඇහැලියගොඩ මේ වනවිට සුරපුරයක් වෙන්න ඕනෑ... ජනතාව මුලාකර සිටියා මිස කරපු දෙයක් නැහැ. මුන්දෑ කියන සලාක ක්‍රමය 1970 සිට 1977 දක්වා තදින්ම තිබුණා මේ කරන්න හදන්නේ මෑතක උපන් අයටත් අඟහරුවාදා හා සිකුරාදා බත්කෑම තහනම් කර දුන්නු අත්දැකීම් ලබාදීමට තමයි...

:       0       8

අප්පුහාමි Monday, 20 December 2021 08:32 AM

ඔව් ඔව්.., අපි පෙට්‍රල් ගන්නේ මල්වලට දාන්න..

:       0       21

ravin Monday, 20 December 2021 09:56 AM

ඊට නරකයිද ඔය කියන කූපන් ක්‍රමවේදය 225ටම දීලා, වාහන, කෑම බීම, සේවක, ඉන්ධන, දීමනා, ගැහිලි, විශේෂයෙන් ගල්පැලෙන බොරු කීම කූපන් ක්‍රමවේදයට කෙරුවොත්... හැබැයි වැඩියෙන් රැවැට්ටුවොත් එකකට කූපන් දෙක ගානේ කපනවා හොඳේ.

:       0       24

de silva Monday, 20 December 2021 11:07 AM

උසාවියෙන් මරණ දඬුවම නියම වූ මිනීමරුවන්ට ඡන්දය දෙන්න කියපු මෙයා කියන දේවල් වලින් ඵලක් නැත.

:       0       17

දිමුත් Monday, 20 December 2021 11:20 AM

දැන් අපි හැමෝම අඩු ආදායම්ලාභීන් වෙලා ඉවරයි...

:       0       17

fairoos Monday, 20 December 2021 01:05 PM

කෝ වහල්ලු මේවට අදහස් ලියන්න බැරිද?

:       1       5

Shan Monday, 20 December 2021 01:13 PM

කාලය බලලා මේ වගේ අපතයින් පත්කරපු අයට ඉස්සරවෙලාම සලාක දෙන්න ඕනෑ...

:       0       8

සිල්වා Monday, 20 December 2021 01:14 PM

කොහොම වුණත් අඩු ආදායම් ලාභීන් ආහාරපාන ගන්නේ අඩුවෙන් තමයි. එමනිසා සලාකයක් අවශ්‍ය නැත. නමුත් වැඩිපුර ආහාරයට ගන්නා අයටයි සලාකයක් මගින් පාලනය කළ යුත්තේ...

:       0       10

ලලිත් අම්බලන්ගොඩ Monday, 20 December 2021 02:16 PM

මේ වෙලාවේ ආර්ථිකය අමාරු තමයි. ඒත් ඒ අතර බොහෝ මිනිසුන් ආත්මාර්ථකාමි ලෙස කටයුතු කරනවා. මම පසුගිය සතියේ පෙති පාන් ගෙඩියක් ගත්තා රුපියල් 100 කට... ඊට කලින් ඒ පාන් ගෙඩිය තිබුණේ රුපියල් 90කට. මාස දෙකකට විතර කලින් රුපියල් 80 යි. ඊයේ ගිහිං ඉල්ලුවාම රුපියල් 110ක් කිව්වා. පළා මිටියක් වික්කේ රුපියල් 40 කට.. නමුත් ගියසතියේ රුපියල් 50යි. අද ගියාම රුපියල් 60 යි. මේවා කොතරම් දුරට සාධාරණ දැයි මට නම් තේරෙන්නේ නැහැ. අම්ලන්ගොඩ නගරයේ වෙළඳසල්වලට සතියකට පරිප්පු ලොරි තුන, හතරක් එනවා. හාලුත් එහෙමයි. ඒවායේ මිල දවසින් දවස වැඩි කරනවා. අද පරිප්පු 240 නම් හෙට 245යි. කොරෝනාව ව්‍යාපාරකයින්ට නම් ව්‍යවසනයක් නොවෙයි, හොඳ ස්වසනයක්. හොඳට ලාභ ගන්නවා. නමුත් රජය විදියට කිසිම පාලනයක් නැහැ. ඊයේ සවස අම්බලන්ගොඩ සතොසේ හාල් නැත. සීනි නැත. පරිප්පු නැත. ඒ වගේ අත්‍යාවශ්‍යම භාණ්ඩ 10ක් විතර නැත, නැත, නැත කියලා තමයි බෝ්ඩ්ගහලා තිබුනේ. ඉතිං බන්දුල ඇමැති කථා කරන්නේ මුඛයෙන්ද කියලා මට පොඩි සැකයක් තියෙනවා. කොහොම නමුත් ආනයනික සම්බා නම් රුපියල් 130ට තිබුණා. රජය ඉතා කඩිනමින් නිසි මැදිහත් වීමක් කළ යුතුමයි.

:       0       1

Lalith M Monday, 20 December 2021 02:20 PM

ඔය ඔක්කොම මේ වගේ කාලකන්නි පත්කරන අපේ වරද? තරුණ පිරිස රට හැරදා යන්න හේතුව. මේ පවුකාරයින් ගල්ගසා පන්නා දමන්න ඕනෑ. රට ක්‍රමිකව චීන ණය උගුලකට අසුකළේ නම් මහින්ද රාජපක්ෂ. නිසරු සංවර්ධන යෝජනාවලට කොමිස් සඳහා ණය අරගෙන....

:       0       2

Hafeel Monday, 20 December 2021 03:17 PM

ඔයා නියෝජන කරන මේ ආණ්ඩුවේ සමහර මන්ත්‍රීලා බංගලොත් වෙලා... ඔවුන්ගේ වැටුප් ලෝන් එකට කපනවාලු. ඔවුන්ටත් මේ කූපන් කාඩ්පත දෙන්න. මේ වගේ බංගලොත් කාරයින්ට පුළුවන්ද රට දියුණු කරන්න...?

:       0       1

Kumara Monday, 20 December 2021 04:00 PM

දැන් ගහලා පන්නන කාලෙ ඉන්නේ...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 233 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 757 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1176 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site