IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විස්ස සම්බන්ධ ලිඛිත දේශන හෙට 3.00 ට පෙර

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

පාර්ලිමේන්තු  අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ලිඛිත දේශන ඇතොත්  ඒවා හෙට (06) දහවල් 3.00 පෙර අධිකරණයට ගොනු කරන්නැයි පංච පුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළේය. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ  ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ තීන්දුව ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත  දන්වා  යවන බව ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) මේ බව දැනුම් දුන්නේය. 
 
එම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ  විශේෂ පෙත්සම් සහ අතරමැදි පාර්ශව පෙත්සම් පිළිබඳ වාචික විභාගය අවසන් කරමින්  පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්  මේ බව ප්‍රකාශ කරන ලදී. 

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ,බුවනෙක අලුවිහාරේ, සිසිර ආබෘෘ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ යන මහත්වරුන් ගෙන් එම පංච පුද්ගල විනිසුරු මඩුල්ල සමන්විත විය. 

සැප්තැම්බර් මස   22 දින අධිකරණ ඇමැතිවරයා  විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.   සිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අභියෝගයට ලක් කරමින් සිවිල් සංවිධාන, සිවිල්  වැසියන්, සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙකු විසින් මේ පෙත්සම්  39ක් ගොනු කර තිබිණි. මෙම පනත් කෙටුම්පතට පක්ෂව අතරමැදි පාර්ශව පෙත්සම් 20 ක්  ගොනු කර තිබිණි. 

මෙම පෙත්සම් විභාගය ඉකුත්  සැප්තැම්බර් මස 29 දා ඇරඹුණි. පෙත්සම්  37ක්  එහිදි සළකා බැලූ අතර පාර්ලිමේන්තුවේ කථානායකවරයාට  නොතීසි  බාර දී නොතිබීමෙන් සිවිල් වැසියන් දෙදෙනෙකු ඉදිරිපත් කළ පෙත්සම් දෙකක් පිළිබදව  කරුණු  දැක්වීමට අවස්ථාව දීම  අධිකරණය විසින්  ප්‍රතික්ෂේප කරන ලදි. සිව් දිනක් පැවති  කරුණු සලකා බැලීම අද අවසන් කෙරිණ. 



අදහස් (0)

විස්ස සම්බන්ධ ලිඛිත දේශන හෙට 3.00 ට පෙර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site