
(ඩයනා උදයංගනී)
දැනට ගැසට් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගැටලු ඇත්නම් එය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පෙර කමිටු අවස්ථාවේදී සංශෝධනය කළ හැකි බව සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (10) පැවසීය.
මෙම සංශෝධනය සර්ව සම්පූර්ණ එකක් නොවන බව කී අමාත්‍යවරයා එහි ඇති දේශපාලනමය හා නෛතික අඩුපාඩු නිවැරදි කිරීමට හැකි බවත් සඳහන් කළේය.
වත්මන් රජය බලයට ගෙන ඒමට ක්‍රියා කළ ආචාර්ය ගුණදාස අමරසේකර, මහාචාර්ය නලින්ද සිල්වා, ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා වැනි මහත්වරුන් මෙන්ම විපක්‍ෂ දේශපාලනඥයින්, රටේ ජනතාව ආදී සෑම පාර්ශවයක්ම මේ සම්බන්ධයෙන් දක්වන අදහස්වලට රජය ගරු කරන බව ද ගම්මන්පිල මහතා කීවේය.
අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (10) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
COMMENTS
අප ගම්මන්පිල ගොයියාට මෙසේ යෝජනා කිරීමට කැමැත්තෙමු. අප තරයේ විශ්වාස කරනවා. ඔහොම අවංකවම එම යෝජනාව විස්සේ කමිටුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන ලංකා මාතාවට වඩාත්ම ප්‍රායෝගික සේවයක් සලසාවි යන්න. එමගින් ගම්මන්පිල උන්දෑටත් "බංකුව" නැතිවෙයිද මන්දා? (නමුත් කරනවා නම් මෙන්න වැඩ). කිසියම් "දේශපාලුවෙක් " (පක්ෂ, පාට අදාලම නැත) කිනම් හෝ වරදකට උසාවිය මගින් දඬුවම් ලැබුවහොත් එයාට දියවන්නාව පට්ටියේ වැට කඩුලූ ළඟටවත් "පස් පාගන්න ඉඩ නොදිය යුතුයි යන යෝජනාව" ...මොකද කියන්නේ "ගම්මන්පිල" අභියෝගය බාරගන්නවද?
කටින් බතල කොළ...
හාමුදුරුකෙනෙක් හෙරොයින් සමග අත්අඩංගුවට පත්වෙලාලු... අන්න ඒකත් මේ විස්සට ඇතුල් කරන්න පුළුවන්ද?
ජනාධිපතිගේ සහ අගමැතිගේ කටයුතු විගණනය නොකිරීමත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ජනපති විසින් පත්කිරීමත් මගින් ආණ්ඩුව හිතුවක්කාරී ගමනක් යනබව නම් ඉතා පැහැදිලියි.