
(ඩයනා උදයංගනී)
දින ගණනාවක් තිස්සේ පැවති තද වැසි සමඟ ඇතිවූ ගං වතුර, අකුණු සහ සුළං සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 12 ක පවුල් 1,143 කට අයත් 4,391 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙම අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මරණ පහක් වාර්තා වී ඇති අතර තවත් දෙදෙනකු අතුරුදන්ව ඇතැයි එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
පීඩාවට පත් පවුල් 63 කට අයත් 251 දෙනෙක් ආරක්‍ෂිත ස්ථාන 2ක රඳවා එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, මාතලේ, මුලතිව්, යාපනය, මන්නාරම, බදුල්ල, පුත්තලම, ගාල්ල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලට එම ආපදා තත්ත්වයෙන් බලපෑම් එල්ල වී ඇතැයි ද කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
මින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත්‍රික්කයේ පවුල් 687 කට අයත් 2,680 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.
එම දිස්ත්‍රික්කවල නිවාස 12 පූර්ණ හානි සිදුව ඇති අතර තවත් නිවාස 635 කට අර්ධ හානි සිදුව තිබේ.
මේ අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක අටකට පනවා ඇති නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.
බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ රත්නපුර දිස්ත්‍රික්කයන්හි මෙම අවදානම් තත්වය පවතින බව ජාතිත ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
502
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැස්සෙන් 4391 පීඩාවට