(ඩයනා උදයංගනී)

දිවයිනේ දිස්ත‍්‍රික්ක 11කට බලපා ඇති තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 1,156කට අයත් 4,126 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර මරණ තුනක් ද වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පීඩාවට පත්වූවන් අතරින් පවුල් 158කට අයත් 569 දෙනෙකු ආරක්‍ෂිත ස්ථාන 4 ක රැඳී සිටින බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප්  කොඩිප්පිලි මහතා පැවසීය.

මේ වන විටත් පස් කන්දකට යට වූ පුද්ගලයකු අතුරුදන්ව ඇත.

මෙම ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස දෙකක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 27කට අර්ධ හානි සිදුව ඇතැයි කොඩිප්පිලි මහතා සඳහන් කළේය.