IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වැස්සෙන් කිලිනොච්චි වැසියෝ අවතැන් වෙති

(සිතුම් චතුරංග)


කිලිනොච්චිය දිස්ත්‍රික්කයට ඊයේ (21) රාත්‍රියේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොචිචය ප්‍රදේශයේ ජල ගැලීම් හේතුවෙන් විශාල පිරිසක් අවතැන්වී ඇති අතර ඒ නවය මාර්ගයේ  රථවාහන ධාවනයට අඩාල වී ඇති බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන නිලධාරීහු පවසති. මේ වනවිට පුද්ගලයින් 1977ක් අවතැන්ව සිටියි.

මාන්කුලම හා කිලිනොච්චිය අතර පිහිටි වැවක් කැඩීයාමෙන් මෙලෙස ඒ 9 මාර්ගයේ ධාවන කටයුතු වෙනුවෙන් බාධා එල්ල වි ඇති බව ආපදා කළමණාකරන ඒකකය පවසයි.

ප්‍රදේශයට පෙරේදා සවස සිට මිලිමීටර 250 කට වැඩි වර්ෂාපතනයක් පතිත වී ඇති අතර, කිලිනොචිචිය ඉරණමඩු ජලාශය වාන් දැමීම හේතුවෙන් පහත් බිම් රැසක් යටවි ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

වර්ෂාව හේතුවෙන් හා ජලගැලීම් හේතුවෙන් කිලිනොච්චිය , පණ්නන්කන්ඩි , රත්තිනපුරම්, ආනන්දපුරම්, පොන්නගර්, පෙරියකුලම්, තම්බිරාසපුරම් , උලවනූර් යන ගම්මාන විශාල ප්‍රමාණයක් යටවී ඇති අතර එහි පවුල් 300 අධික පිරිසක් අවතැන්වී ඇත.

ඉරණමඩු වැවේ සියලු වාන්දොරටු මේ වන විට විවෘත කොට ඇති අතර එම හේතුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් විශාල පිරිසක් අවතැන්ව සිටින බවත් අවතැන්වූවන් ගණන පිළිබද තවමත් නිශ්චිත සංඛ්‍යාලේඛන ලැබී නොමැති බවද කීය.

මාන්කුලම වැව කැඩීයාම හේතුවෙන් ඒ නවය මාර්ගය හරහා යාපනය සංචාරයට එක්වන පිරිස් වෙත අවදානමෙන් ගමන් ගන්නා ලෙස ප්‍රදේශයේ ආරක්ෂක අංශ ඉල්ලීම් කරයි.

අවතැන් පිරිස් කිලිනොච්චිය යුද හමුදාව හා ආරක්ෂක අංශ ඇතුලු ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් ජීවිතාරක්ෂක බෝට්ටු යොදාගනිමින් බේරා ගැනීමේ මෙහෙයුම් සිදුකරමින් බේරා ගැනිනි.

කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ ජල මට්ටම අඩි 37 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර,වැවේ වාන් මට්ටම අඩි 36 ක් වන බව කිලිනොච්චිය වාරිමාර්ග නිළධාරිහු පවසති.

ඉරණමඩු වැව වාන්දැමීම හේතුවෙන් කිලිනොච්චය සියලුවැව් පිටාර මට්ටමට පැමිණි ඇති බවත් කීය.


අවතැන්වූවන් කිලිනොච්චිය ප්‍රදේශයේ  සුබසාධන කඳවුරක් වෙත යොමු කිරීමට පියවර ගන්නා බව කිලිනොච්චිය ආපදා කළමනාකරණ නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ.

 



අදහස් (5)

වැස්සෙන් කිලිනොච්චි වැසියෝ අවතැන් වෙති

de silva Saturday, 22 December 2018 11:28 AM

අපේ ත්‍රිවිධ හමුදාව අවතැන්වූවන් ගලවා ගැනීමට සහ සහන සැලසීමට අද අලුයම් කාලයේ සිට මෙහෙයුම් ආරම්භ කළ බව හමුදාවේ සේවය කරන මිතුරෙකුගෙන් මට දැනගැනීමට ලැබුණා.

:       98       582

සමන්ත Saturday, 22 December 2018 01:54 PM

හමුදාව එපා කියපු අය නේද මේ හමුදාවෙන්ම උදව් ගන්නේ.. මෙහෙමත් මිනිස්සු...

:       0       0

sandy123 Saturday, 22 December 2018 02:53 PM

සෑම ආපදාවකටම අපේ ත්‍රිවිධ හමුදාව බැහැලා වැඩ. මේ අයගේ මනුස්ස කම නිසා තමයි අපේ රට මේ තරමට හරි තියෙන්නේ. නැතිනම් ඉතින් රටක් නැහැ. අපේ ත්‍රිවිධ හමුදාවට මගේ උත්තාචාරය!

:       0       0

anura Sunday, 23 December 2018 05:02 AM

අපදාවකට ලක් උනහම ඔක්කොමල්ලා හමුදාවේ කරේ නැගලා යනවා. අනික් වෙලාවට එළවන්න හදනවා.

:       0       118

de silva Sunday, 23 December 2018 07:26 AM

මෙවැනි හදිසි අවස්ථාවක ත්‍රිවිධ හමුධාව වහාම ක්‍රියාත්මක වී උතුරේ පුරවැසියන්ගේ ජිවිත දේපල බේරාගන්නා බව , උතුරෙන් හමුදාව ඉවත් කරවූ කියන ද්‍රවිඩ දේශපාලකයන් දැන්වත් තේරුම් ගත යුතුය .

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 677 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site