
(එම්.කේ.නන්දසේන)
පසුගිය වසරේ අධික වර්ෂාව හේතු කරගෙන කැඩී බිඳීගිය යාල ජාතික වනෝද්‍යානයේ වැව් පද්ධතිය සහ මාර්ග පද්ධතිය මේ දිනවල කඩිනමින් පිළිසකර කරමින් පවතින බව ඌව කලාපය බාර වනජීවී සහකාර අධ්‍යක්ෂක උපුල් ඉන්ද්‍රජිත් මහතා පැවසීය.
මෙම වැව් පද්ධතියෙන් පලටුපාන වැව, බුතව වැව, ගෝනගලවැව, දළුක්කඩ වැව, ගිණි කසය වැව අලුත්වැඩියා කටයුතු මේ වන විටත් නිමවෙමින් පවතින බවද කීය.
මීට අමතරව පළටුපාන සිට යාල පිවිසුම් දොරටුව දක්වා ඇති කිලෝමීටර් 16 ක් දුරැති ප්‍රධාන මාර්ගයේ ද අලුත්වැඩියා කටයුතු ආරම්භ වී ඇති බවත්, අභ්‍යන්තර මාර්ග පද්ධතියේ ද බුතව පාර, ආකාශ චෛත්‍යය පාර, ඌරනිය පාර, වරහන පාර, ජඹුරාගල ඇතුළු කිලෝමීටර් 122 ක් දුරැති මාර්ග පද්ධතියේ අලුත්වැඩියා කටයුතු ද නිම වීමට ආසන්න බවත් කියා සිටියේය.
උද්‍යානය ඇතුළත පිහිටි වරහන, මහාශීලව, ඔන්ඩචිචි, තල්ගස්මංකඩ යනාදී නිවාඩු නිකේතන ද අලුත්වැඩියා කළ බවත් කීය.
කොරෝනා වසංගතය හේතුවෙන් යාල උද්‍යානය වැසී තිබූ කාලසීමාවේ ද සමස්ත කාර්ය මණ්ඩලයේ කැපවීම මත මෙම කටයුතු ඉටුකිරිමෙන් බොහෝ ව්‍යාපෘති නිම කිරීමට හැකිවූ බව නියෝජ්‍ය උද්‍යානයභාර නිලධාරී අජිත් වසන්ත කුමාර මහතා පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
149
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැස්සෙන් කැඩී ගිය යාලේ වැව්- මාර්ග පද්ධති පිළිසකර කරයි