(රංජිත් රාජපක්ෂ)                       

නුවරඑළිය වලපනේ මුන්වත්ත මලපට්ටාව ප්‍රදේශයේ නායයාමෙන් අතුරුදන්ව සිටි තිදෙනෙකුගේ සිරුර මේ වන විට සොයාගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය.

වලපනේ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ වලපනේ මහනුවර ප්‍රධාන මාර්ගයේ මුන්වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට ඉහළින් වූ පස් කන්දක් සමඟ ප්‍රධාන මාර්ගයට පහළින් වූ නිවසක් පස් කන්දට යටවී එහි සිටි අඹුසැමි යුවළක් සහ පාසල් සිසුන් දෙදෙනෙකු අතුරුදන් වු බව දිස්ත්‍රික් ලේකම්වරයා කීවේය.

අතුරුදන් වූවන් සොයා නුවරඑළිය යුද හමුදා කඳවුරේ නිලධාරින් සහ පොලිසිය එක්ව මෙහෙයුම් සිදුකරයි.