IMG-LOGO

2025 ජනවාරි මස 19 වන ඉරිදා


විස්සට සහාය දුන් විපක්ෂ මන්ත්‍රීන් ආණ්ඩුව පැත්තට යවන්නලු

 

(ඩයනා උදයංගනී)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සභාව තුළ ආණ්ඩු පක්ෂයෙන් අසුන් පනවන්නැයි ඉල්ලා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් යොමුකර තිබේ.

එම සංශෝධනයට සහය දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩයනා ගමගේ, ඒ. අරවින්ද් කුමාර්, ඉෂාක් රහුමාන්, ෆයිසාල් කාසිම්, එච්.එම්.එම්. හාරීස් , එම්.එස්. තවුෆීක් , නසීර් අහමඩ්, ඒ.ඒ.එස්.එම්. රහීම්, එස්. එම්. එම්. මුෂාරෆ් යන මහත්ම මහත්මීන්ට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමෙන් පරිබාහිරව අසුන් පනවන ලෙස ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහි සඳහන් කර ඇත.

එම මන්ත්‍රීන් සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායමෙන් නෙරපීමට තීරණය කර ඇති නිසා ඉහත ඉල්ලීම කරන බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.



අදහස් (14)

විස්සට සහාය දුන් විපක්ෂ මන්ත්‍රීන් ආණ්ඩුව පැත්තට යවන්නලු

Ashan Thursday, 29 October 2020 12:05 PM

හොඳ තීරණයක් . මේ වගේ අයට නියම දඩුවමක් කොතනින් හෝ ලැබිය යුතුයි.

:       12       33

Raveendra Thursday, 29 October 2020 12:28 PM

තමන් උපන් රටට තමන්ගෙන් කල සේවය කුමක්ද කිසිවෙකු විමසීමක් කලොත් උපන් රටට කෙසේ වෙතත් හන්තාන කන්ද දෙස බලාගත් අත බලාගෙන ඉදිවී....

:       6       18

Bamunuarachchi Thursday, 29 October 2020 12:35 PM

ඒක ඒගොල්ලෝ බලා ගනීවි ඔයා කලබල වෙන්නේ මක්කටයි?

:       26       17

pradeepa Thursday, 29 October 2020 02:16 PM

අනේ සජිත් ඔබත් තවත් රනිල් කෙනෙක් වෙන්න යනවා නේ... රනිල්ටත් බැරි වුණා තමන්ගේ අය තියාගන්න. දැන් ඔබත් ඒ වගේනේ. ඔබට තිබුණා මොනවා හරි උපක්‍රමයක් දාලා ඒ 8 දෙනා වළක්වා ගන්න.

:       3       11

චමින්දFriday, 30 October 2020 03:20 AM

මෙම කට්ටිය ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් ඉල්ලූ වෙලවේ දුන්නා නම් මෙහෙම වෙන්නේ නැහැ. රනිලුත් පාක්ෂිකයින්ට සැලකුවේම නැතුවා වගේ... සජිතුත් වැඩ කරනවා. මෙම පිරිස නොගියා නම් 20 සම්මත වෙන්නෙම නැහැ. මහ මැතිවරණයේදී රනිල්ගේ අදහසට වැඩකර තිබුණත් මෙහෙම වෙන්නේ නැහැ.

:       0       0

lanka Thursday, 29 October 2020 02:29 PM

නියමයි හොද ප්‍රතිඵලයක්...

:       6       7

chandima Thursday, 29 October 2020 02:32 PM

රිෂාඩ් සහ රකීම් ... දුන්නු සහයෝගය කිසිදා අමතක කරන්න බැහැ. එයාලා තමයි 69 ලක්ෂයේ බලාපොරොත්තු ඉටුකළේ..

:       9       17

Gunapala Thursday, 29 October 2020 05:17 PM

ඔන කෙනෙකුට තේරෙනවා ස්වඡන්දතාවය කියන්නේ කියන්නේ මොකක්ද කියලා...?

:       0       8

ravinda meegahawatte Thursday, 29 October 2020 06:53 PM

හන්තාන ඉඩමට සල්ලි දුන්නේ කවුද?

:       0       0

ranjith Friday, 30 October 2020 12:22 AM

ඡන්ද දායකයාගේ මතය ඉදිරියට ගෙනියන්න බැරි මහජන නියෝජිතයෝ ඵලක් නැහැ. පාර්ලිමේන්තු යන්නේ ඡන්දෙන්. එහිදී ඡන්දය දීපු ඡන්ද දායකයෝ අමතක කරලා හිතුමතේ වැඩකරන එක හරිද? මෙයාලා සංධානයෙන් නෙරපුවාවේ. අනාගතයේ යනඑන මං නැතිවෙනවා... හොඳ තීරණයක්.

:       0       0

D.m.Gamini dayarathne Friday, 30 October 2020 12:54 AM

නියමයි...

:       0       0

kamal Friday, 30 October 2020 02:05 AM

දෙපිටකාට්ටුවන්ට පාර්ලිමේන්තුවේ කෙසේවෙතත් අපායේ නම් පුටු ලෑස්තිවෙලා ඇති.

:       0       0

samanalee Friday, 30 October 2020 03:24 AM

පසුගිය කාලයකදී ලක්‍ෂ්මන් නමැති අලියෙක් සහ තවත් අලි කිහිප දෙනෙක් රටේ යහපත සඳහා පැවතුණු රජයට සහාය දෙන්න කියා ගොස් ඒ රජයේ ඇමතිකම් පවා ගත්තෝය​. අලි නායකයා ඇතුලු පිරිස මේ වල්අලින් රෑන අලි පාටියෙන් එලවන්නට හැදුවද එය බැරිවිය​. ඉන්පසු ලක්‍ෂ්මන් ඇතුලු වල් අලින් රෑනේ වැඩි දෙනෙක් නැවත මැතිවරණයක් එනවිටදී ආපසු අලි පාටියටම ගොස් තමන් බුලත් කොළ සහ පුටු අතරේ කෙරූ නොහොඹිනා වැඩද, කුරහන් සාටකයටම බැරකර ඇඟ බේරාගෙන අලි පාටියෙනුත් නැවතත් ඇමතිකම් ගත්තෝය​. ඒ අතරේදී මහ අලියා එලවා බාගෙට වැඩීගෙන එන අලියෙක්ව අලි රෑනේ නායකයා කරන්න ගොස් බැරිතැන දුරකතනයකින් ඇමතිකම් ගන්නට තැනුවත් බැරිවිය​. දැන් ඒ කෝල් සෙන්ටර් එකේ සමහර දුරකතන ක්‍රියාකරවන්නන් අර ඒ කාලයේ ලක්‍ෂ්මන් අලියා ඇතුලු අලි 17 රටේ යහපත උදෙසා කලාක් මෙන් දැන් පවතින රජයට උදව්වට සිය ඡන්දය දී ඇත​. නමුත් ලක්‍ෂ්මන් අලියාට තමන් පෙර කළ කී දේ අමතකව අලුත් දුරකතන ක්‍රියාවිරහිත කරවීමට තනන්නේය​. බලන් ගියාම මේ මහ කකුලුවා පැටවුන්ට කෙලින් යන්න කිව්වා වගේය​. ඒ නිසා ලක්‍ෂ්මන් දැන් අලියෙක් නෙවෙයි කකුලුවෙක්‍ වී ඇත​.

:       0       0

Bandara Friday, 30 October 2020 11:30 AM

යූඑන්පී එක විනාශ කරපු එකට දැන් වග කියන්න ඕනේ කවුද කියලා පැහැදිලියි. දැක්මක් උගත් කමක් නැති නායකයො පස්සේ ගියාම රටත් විනාශයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු සියල්ල විවෘත කරයි
2025 ජනවාරි මස 18 118 0

වර්ෂා පතනයේ වැඩිවීමත් සමඟ උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසාවෙන් එහි පිටවානේ ගේට්ටු සියල්ල අද (18) පස්වරුවේ විවෘත කල බව උල්හිටිය රත්කිද ජලාශ


ඌවපරනගම මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි
2025 ජනවාරි මස 18 107 0

පවතින අධික වර්ෂාවත් සමඟ ඌවපරනගම අඹගස්දොව රේන්දපොල මාර්ගයේ මාගා ගල්වල අසලදී අද (18) පස්වරුවේ පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව


ටි 56 ක් ලක්ෂ දෙකකට විකුණන්න ගිය වෙළදසැල් හිමි අල්ලයි
2025 ජනවාරි මස 18 374 0

වැලිකන්ද රුහුණුකෙත ප්‍රදේශයේදී ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ සමග අත්අඩංගුවට ගත් සිවිල් ආරක්ෂක බලකා නියාමකවරයකුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී රුපියල්


ගාල්ලේ ප්ලාස්ටික් අලෙවිසලක ගින්නක්
2025 ජනවාරි මස 18 333 0

ගාල්ල තනි පොල් ගහ හන්දිය ප්‍රදේශයේ ප්ලාස්ටික් ද්‍රව්‍ය අලවි වෙළඳ සැලක ගින්නක් හට ගෙන ඇති බව පොලිසිය පවසයි.


ථූපාරාම පිළිමගෙය සංරක්ෂණය අරඹයි
2025 ජනවාරි මස 18 767 5

සංස්කෘතික සංරක්ෂණය සඳහා වන එක්සත් ජනපද තානාපති අරමුදල සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මධ්‍යම සංස්කෘතික අරමුදල ඒකාබද්ධව ලෝක උරු


කළුතර කුණු ගොඩක ගින්නක්
2025 ජනවාරි මස 18 400 0

කළුතර ධර්මරාජ මාවතේ ඇල ඉවුර ආසන්නයේ අබිලි ද්‍රව්‍ය ගොඩගසා තිබු ස්ථානයක අද දහවල් ගින්නක් හටගෙන ඇති බව කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පවසයි .


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 351 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 591 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 324 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site