
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ දී සංශෝධන කිහිපයක් ඉදිරිපත් කිරීමට රජය කටයුතු කර ඇතැයි නීතිපතිවරයා අද (29) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
විසිවැනි සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීම ආරම්භ වූ අවස්ථාවේ දී නීතිපති දප්පුල ද ලිවේරා මහතා මෙම දැනුම්දීම සිදුකර තිබේ.
ඒ අවස්ථාවේදී රජය ඉදිරිපත් කළ සංශෝධන ඇතුලත් වාර්තාවක් මෙහිදී නීතිපති විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවට ඉදිරිපත් කරන ලදී. මෙහි දී නීතිපතිවරයා අධිකරණයට දන්වා සිටියේ, කාරක සභා අවස්ථාවේ දී සිදුකිරීමට නියමිත සංශෝධන අඩංගු ලේඛනයක් මෝසමක් මාර්ගයෙන් දැනටමත් අධිකරණය හමුවේ ගොනු කර ඇති බවය.
අධිකරණය හමුවේ ගොනුකර තිබෙන අදාළ සංශෝධනය අඩංගු ලේඛනය තමන් වෙතට ලබාදෙන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීමක් කළහ.
ඒ අනුව අදාළ සංශෝධන අඩංගු ලේඛනවල පිටපත් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් වෙත ද ලබාදීමට පියවර ගන්නා ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය මේ වනවිටත් පැවැත්වේ.
COMMENTS
ජෙප්පෝ, ටෙලිෆෝන් කාරයෝ, එන්.ජී.ඕ. කාරයෝ කෑ ගැසුවාට පළවෙනිවර කියවීම ඉදිරිපත් කරන්න මන්ත්‍රීයන්ට කියවා සංශෝධන ඉදිරිපත් කරන්න. ඕවා අපිට කියා දුන්නේ පාසලේදී පාසල් නොගිය, ඒත් පාර්ලිමේන්තුවට ආව ගොයියෝ ඕවා දන්නේ නැහැ.
මේ වගේම එකක් නීතිපති ඉස්සෙල්ලත් කළා. විල්පත්තු වන සංහාරය ගැන නඩුවේදී නීතිපති උසාවියට කිව්වා විල්පත්තුවේ අනවසරයෙන් අල්ලන් ඉන්න ඉඩම් අතෑරලා, ඉතුරු ටික විල්පත්තුවට ගැසට් කරනවා කියලා. වෙනත් විදිහකට කියනවා නම් රක්ෂිත වනාන්තර විනාශ කළාට කමක් නැහැ විතරක් නෙමෙයි. ඒවා ඔවුන්ට ලියලත් දෙනවා කියලයි නීතිපති කිව්වේ. ඒකට මිනිස්සු විරෝධය දැක්වූවා. නඩුව තාම යනවා.. මම හිතන්නේ... මේකත් ඒ වගේ. රටට අහිතකර 20 වෙනි සංශෝධනය සුද්ද කරන්න දැන් කියනවා සංශෝධන ඇතුළත් කරලා තියෙනවලු. ජනාධිපතිවරයා නිල වශයෙන් කිව්වා කිසිම වෙනසක් කරන්නේ නැහැ කියලා. කිසිම සංශෝධනයක් නැතුව තියෙද්දී, 20 වෙනි සංශෝධනය නීත්‍යානුකූලයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයටත් එහා ගිය බලයකින් ඒක අනුමත කරපු නීතිපතිමයි දැන් මෙහෙම කියන්නේ...