IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වැස්සට කොටු වූ 288ක් නාවික හමුදාවෙන් මුදා ගනියි

(ඉන්දිකා රාමනායක)

අධික වැසි තත්ත්වය හමුවේ  පැය 48ක කාලය තුළ ආපදාවට පත්ව සිටි පුද්ගලයන් 288  මුදාගත් බව නාවික හමුදාව කියයි.

2021 නොවැම්බර් මස 08 සිට අද 10 පෙරවරුව  දක්වා  දිවයිනේ ප්‍රදේශ රැසක මෙම පිරිස බේරාගත් ගෙන  ආරක්ෂිකත ස්ථාන වෙත යොමු කර අවශ්‍ය සහන සැලසීමට කටයුතු  කළ බවද නාවිකපහමුදාව කියයි.

අධික වැසි හේතුවෙන් කල්පිටිය පාලවිය හා කරඹේ ප්‍රදේශයේ ආපදාවට පත් පුද්ගලයින් 95 දෙනෙකු දල මා ඔය පිටාර ගැලීම හේතුවෙන්  කුරුණෑගල ගිරිඋල්ල ප්‍රදේශයේ ආපදාවට පත් පුද්ගලයන් 77 දෙනෙකු දල  කලා ඔය හා බත්තුලු ඔය පිටාර ගැලීම හේතුවෙන් පුත්තලම වතාතවිල්ලුවල එළුවන්කුලම හා තාරවිල්ලුව ප්‍රදේශයන්හි ආපදාවට පත්ව සිටි පුද්ගලයන් 93 දෙනෙකු දල කරබලන් ඔය පිටාර ගැලීමෙන් උඩුබද්දාව ප්‍රදේශයේ ආපදාවට පත් පුද්ගලයන් 23 දෙනෙකු දල වශයෙන් මේ වන විට පුද්ගලයන් 288 දෙනෙකු මෙලෙස මුදා ගැනීමෙන් පසු ආරක්ෂිීත ස්ථාන වෙත යොමු කර අවශ්‍යය සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් විසින් කටයුතු ඇත.

බස්නාහිර" දකුණ "උතුරු මැද "වයඹ සහ සබරගමුව පළාත් ආවරණය වන පරිදි කළුතර පරගොඩල රත්නපුර නව නගරයල ගාල්ල උඩලමත්තල පුත්තලම පාලවියල වනාතවිල්ලුවල එළුවන්කුලමල මන්නාරම මාර්ගයල කල්පිටියල උඩුබද්දාවල තාරවිල්ලුවල කොටදෙනියාව හා කරඹේල කුරුණෑගල ගිරිඋල්ල සහ අනුරාධපුර රාජාංගණය යන ප්‍රදේශ වෙත නාවික හමුදා සහන කණ්ඩායම් 14ක් යොදවා ඇත

 අධික වැසි තත්ත්වය හමුවේ ජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය  පරිදි ස්ථානගත කිරීමට තවත් අමතර සහන කණ්ඩායම් 60ක් බටහිර නැගෙනහිර දකුණ වයඹ සහ උතුරු මැද නාවික විධානයන් තුළ සූදානමින් තබා ඇත



අදහස් (0)

වැස්සට කොටු වූ 288ක් නාවික හමුදාවෙන් මුදා ගනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site