(විනීතා එම් ගමගේ)
අධිකරණයේ සේවා ජ්‍යෙෂ්ඨත්වය සළකා අගවිනිසුරු පදවියට විනිසුරුවෙක් පත් කරනු ලැබුයේ වසර 30 කට පසුව යැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.
අගවිනිසුරු වශයෙන් පත් කිරීමට ව්‍යවස්ථා සභාවට නම් කර යැවුයේ අධිකරණ සේවයේ ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉහළින්ම සිටින විනිසුරුවරයා බව ද හෙතෙම සඳහන් කළේය.
තමන් නම් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා අවුරුදු 38යි මාස 11 ක් සේවා කාලයක් හිමි, ප‍්‍රාථමික උසාවියක සිට පියවරෙන් පියවර ඉදිරියට ආ අයෙකු බව ද ජනාධිපතිවරයා පැවැසීය.
මේ කිසිවක් සැලකිල්ලට නොගෙන මීට පෙර පත්වීම් දී තිබු බව පැවසූ සිරිසේන මහතා තමන්ටත් එසේ කරන්නට තිබු නමුත් පැහැදිලි ප‍්‍රතිපත්තියක් තුළ සිටි බවත් සේවාවට ගරු කිරීමක් ලෙසත් අභිමානයක් ඇති වන අයුරිනුත් මෙම පත්වීම කරන්නැයි විනිසුරුවන් තමන් හමුවී ඉල්ලලා සිටි බවත් ප‍්‍රකාශ කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලූම විනිසුරුවන්ගේ පෞද්ගලික, අධ්‍යාපන, සේවා සුදුසුකම්, සියල්ල ගෙන්වා ගෙන සේවා ජ්‍යෙෂ්ඨත්වය අනුව මෙම පත්වීම කළ බව ද ජනාධිපතිවරයා කීය.
එහෙත් ලංකාවේ අගවිනිසුරු ධුරයට මීට පෙර ජනාධිපතිවරු පත්කර ඇත්තේ අධිකරණ සේවයේ ජ්‍යෙෂ්ඨත්වය සලකා නොවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයේ පැවැති වන නිලධාරින් 310 දෙනෙකුට පත්වීම් ප‍්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙ දෙන කොට ලක්ෂ 62 ක ජනතාව නම් ඕක බලන්න නැතිව ඇති නේද?
කලකට පසුව ඔබතුමා විසින් ගනු ලැබූ ඉතාමත් ශ්‍රේෂ්ඨ තීරණයක්... නීතිපති දෙපාර්තමේන්තුවේ සැඳෑසමය ගෙවන මහළු මඩමක්ව තිබූ ශ්‍රේෂ්ඨාධිකරණය මුල් වතාවට වෙනස් වී ඇත... බිම් මට්ටමේ සිට නීතිය ක්‍රියාත්මක කරන මහේස්ත්‍රාත්වරුන්ගේ දුෂ්කර සේවය දුක් ගැහැට දන්නා උත්තමයකු මේ වතාවේ පත්කර ඇත.
විනිසුරුවරයින්ගේ සුදුසුකම් ඕ ලෙවල්වත් හරියට නැති එක්කෙනෙක් හොයා බලන්නේ කොහොමද කියලයි මම කල්පනා කෙරුවේ?
ඉවත් කරන්න බලයක් නැතිකළ, පත්වීම් දීමෙන් ලබන සතුට ජීවිතය නම් වේ..
රජයේ ආයතනවල ජ්‍යෙෂ්ඨත්වය හෝ අධ්‍යාපන සුදුසුකම දැන් නොසැලකේ... සුදුසුකම වන්නේ ටෙන්ඩර් වලදී ආයතන ලොක්ක කියන පිටරට කොම්පැනියෙන් ඩොලර් වලින් ගැනීමට අත්සන් කිරිම වේ...
ඔබව ඔතැනට එව්වේ අපි ඔයටික කරන්න තමයි. නමුත් හරියට වැඩ කරපු අවස්ථා අතේ ඇඟිලි ගානටත් අඩුයි.
බම්බුව තමයි.. එයාපෝර්ට් වහලා හොරු අල්ලනවා කිව්වෙත් ඔය කටින්ම තමයි. අල්ලපු හොරෙකුත් නැහැ හොරකම්, ජඩකම් අඩුවකුත් නැහැ.
හොඳ තීරණයක්... මහින්ද මහත්තය හිටියා නම් මේවා මොකුත් බලන්නේ නැහැ. පන්දම් කාරයෙක් තමයි පත් කරන්නේ...