(යොහාන් භාසුර)
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ භාණ්ඩ මිල ඉහළ යෑම හෙවත් උද්ධමනය පසුගිය ජූලි මස අවසානයේ සියයට 6.8 ක් බවට පත්ව ඇති බවත් එය පෙර මාසයට වඩා සියයට 0.7 ක ඉහළ යෑමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මෙය මෙම වසරේ වාර්තාව ඉහළතම උද්ධමන අගය වන බවත් පසුගිය ජූනි මස සියයට 6.1 ක උද්ධමනයක් පෙන්නුම් කළ මහ බැංකුව කියයි.
ආහාර සහ ආහාර නොවන යන භාණ්ඩ කාණ්ඩ දෙකේම අයිතමව මිල ඉහළ යෑම මෙම උද්ධමන ඉහළ යෑමට හේතු වී ඇති බවත් සීනි, එළවළු සහ කරවල ආදි ආහාරවල මිල ඉහළ යෑමත් ආහාරමය නොවන ඉන්ධන මිල ඉහළ යෑමෙන් ආපනශාලා සහ හෝටල්වල උප භාණ්ඩ ඉහළ යෑමත් මෙයට හේතු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ දුප්පත් සහ මධ්‍යම පාන්තික ජනතාව මෙතරම් දුක් විදින්නේ මාසිකව ලක්ෂ එක හමාරට වඩා වැඩි වැටුප් ලබන උදවියගෙන් අය කරගනු ලබන අදායම් බදු මුදල ප්‍රමාණවත් නොවීම නිසයි. මෙම ඉහල වැටුප් ලබන සේවකයින්ගේ අත ඇති මුදල් අතිරික්තය නිසාම ඔවුන් තමන්ගේ පන්තිය නඩත්තු කිරීම සදහා මිල අධික සුකෝප භෝගී වාහන ,මිල අධික ජංගම දුරකථන මිල අධික අත් ඔරලෝසු මිලට ගැනීම නිසා මෙරට මුදල් පිටරටට ගලා යෑම සිදු වෙනවා. එවිට ඩොලරය ඉහල යනවා. එවිට බඩු මිල ඉහල යනවා. එතකොට අසරණ මිනුසුන් කබලෙන් ලිපට වැටෙනවා. අන්තිමට බැලුවම පෝසතාගේ මිලදී ගැනීම් වලට දුප්පතා බදු ගෙවනවා වගේ පෙනෙන්නේ. මොකද මිල අධික බාන්ඩ පෝසතා මිලට ගැනීම නිසා දුප්පතාට අත්‍යාවශ්‍ය බාන්ඩ වල මිල ඉහල යෑමයි .බැසිල් මැති තුමනි ලක්ෂ එක හමාරට වඩා වැඩි අදායම් උපයන සියලු දෙනාට අධික බදු පනවන මෙන් ඉල්ලා සිටිනවා.