IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වසූරිය වයිරස කුප්පි හමුවෙලා: ජංජාලයයි

වසූරිය වයිරසයේ විෂබීජ අඩංගු වයිරස කුප්පි 15 ක් ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ජනපදයේ මොන්ටිගොමරි ප්‍රාන්තයේ ඖෂධ සමාගමකින් හමුවීමත් සමඟ මහත් ආන්දෝලනයක් හටගෙන ඇත. වසූරිය යනු එන්නත්කරණය මගින් ලොවෙන් තුරන් කළ ඉතාමත් බිහිසුණු මාරක වයිරසයකි.

'වසූරිය' (Smallpox) වයිරසය හැඳින්වෙන්නේ 'වැරියෝලා' යනුවෙනි. ලොවෙන් මුළුමනින්ම තුරන් කර දැමීමෙන් පසු වසූරිය වයිරස සම්පල ඇත්තේ ලෝකයේ ස්ථාන දෙකක පමණි. වයිරස සාම්පල ඇති එක් ස්ථානයක් වන්නේ, ඇමෙරිකාවේ ඇට්ලැන්ටා නුවර ඇමෙරිකන් වසංගත රෝග පාලනය සහ වළක්වා ගැනීමේ ආයතන මූලස්ථානයයි. අනෙක් ස්ථානය, රුසියාවේ කේල්ට්ස්වෝ හි 'වෙක්තෝර්' අධි ආරක්ෂිත පර්යේෂණාගාරයයි.

මෙම ස්ථාන දෙක හැර ලොව වෙනත් කිසිදු ස්ථානයක 'වසූරිය' වයිරස සාම්පල නොමැති බව පැවැසෙයි. මොන්ටිගොමරි ප්‍රාන්තයේ ඖෂධ සමාගමක පර්යේෂණාගාරයකින් වයිරස කුප්පි හමුවීම ආන්දෝලනයක් ඇති කළේ මේ නිසාය. එෆ්.බී.අයි. හෙවත් ඇමෙරිකානු මධ්‍යම පරීක්ෂණ කාර්යාංශය මේ සම්බන්ධයෙන් විශේෂ පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

1900 දශකයේ 'වසූරිය' ලෝක ජනගහනයෙන් මිලියන 30 ක් බිලිගත්තේය. මානව වර්ගයාට හදි කළ බිහිසුණුම වයිරසය ලෙස වසූරිය අවිවාදයෙන් සැලකිය හැකිය. සාර්ථකව එන්නතක් සොයා ගනිමින් වසූරිය මුළුමනින්ම ලොවෙන් තුරන් කිරීමට සමත් වීම මානව වර්ගයා ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව පැවැසෙයි.

'වසූරිය' (Smallpox) යන ලේබලය සහිත කුප්පි 5 ක් ද 'වැරියෝලා' යන නම සඳහන් කුප්පි 10 ක් ද මොන්ටිගොමරි ප්‍රාන්තයේ එම පර්යේෂණාගාරයේ අධි ශීතකරණ කුටියේ තිබී හමුවී ඇත්තේ පර්යේෂණාගාරයේ සේවකයකුටය. එම සේවකයා වයිරස කුප්පි සොයා ගන්නා අවස්ථාවේදී මුළු සිරුරම වැසෙන ලෙස ආරක්ෂිත ඇඳුමින් සැරසී සිටි බව පැවැසෙයි. ඊට අමතරව, පර්යේෂණාගාරයේ 'වසූරිය' වයිරස කාන්දුවක් සිදුවී නොමැති බවත් එෆ්.බී.අයි. කාර්යාංශය තහවුරු කර ඇත.

වයිරස සාම්පල අඩංගු කුප්පි හමුවී ඇත්තේ ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන සම්ගමක් ලෙස සැලකෙන 'මර්ක්' ඖෂධ සමාගමට අයත් ඖෂධ පර්යේෂණාගාරයකිනි. 'මර්ක්' සමාගෙම් ප්‍රධානීන්ගෙන් ද මේ වනවිට ප්‍රශ්න කෙරෙමින් පවතින බව ඇමෙරිකන් මාධ්‍ය පවසා තිබේ.

(ඩේලිමේල්)



අදහස් (6)

වසූරිය වයිරස කුප්පි හමුවෙලා: ජංජාලයයි

Covid 19 Friday, 19 November 2021 09:18 PM

කොරෝනා 02...

:       1       2

B. Herath Friday, 19 November 2021 11:09 PM

මේක බොරු! හමුවෙලා තියෙන්නේ වසූරිය එන්නත් කුප්පි කීපයක් බව සහතික කොට ඇත...

:       0       1

pakeer Saturday, 20 November 2021 07:58 AM

ඔන්න ඔය විදිහටම තමයි කෝවිඩ් වෛරස් එකත් එළියට ආවේ... ලැබ් එකකින්ම තමයි..

:       3       5

අබිලින් Saturday, 20 November 2021 08:23 AM

චීන්නු කෝවිඩ් වයිරසය දුන්නා වගේ ඇමරිකන් ජාතිකයින් වසූරිය මොන විදියකින් දේවිදැයි සැකයි. ආයුධ වෙළඳාම නැති එකේ බෙහෙත් වෙළඳාම ජයට කරාවිද?

:       4       7

චන්දන Saturday, 20 November 2021 02:28 PM

කොරෝනා ආවෙත් කොහොමද කියලා පැහැදිලියි නේද?.

:       4       8

sharm warn Monday, 22 November 2021 10:07 AM

බලවත් යැයි කියා ගන්න රටවල් වලට බල තණ්හාවට උල් පන්දම් සපයන තිරෙන් පිටිපස්සේ ඉන්න අය තමයි මේ බහු ජාතික ඖෂධ සමාගම්.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 532 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site