(ඉන්දික අරුණ කුමාර)
වස්ගමුව ජාතික වනෝද්‍යානයේ බලපත්‍ර නොමැතිව රැදී සිටි පොලොන්නරුව ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් දෙදෙනෙක් හා හිමිනමක් ඇතුළු 28 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වස්ගමුව ජාතික වනෝද්‍යාන නිලධාරිහු පවසති.
වස්ගමුව ජාතික වනෝද්‍යානයේ නගානාගල ප්‍රදේශයේ දී වැටලීම සිදුකර තිබේ.
වෙසක් පොහෝ දින වස්ගමුව ජාතික වනෝද්‍යානයට බලපත්‍ර නොමැතිව ඇතුල්වීම හා රැදී සිටිමේ චෝදනා යටතේ මෙම සැකකරුවන්ට එරෙහිව පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිමට නියමිතය.
අත්අඩංගුවට ගත් පිරිස සමග ඔවුන් සන්තකයේ තිබු පිහි කිහිපයක් හා ආහාර ද්‍රව්‍ය රැසක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් කුමන අරමුණක් සදහා වනෝද්‍යානයට ඇතුළු වූවාද යන්න සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.
COMMENTS
හා දේශපාලුවොත් ඉන්නවා නේද? දවස් 28ක් නොරෝදායනයට. සැප පහසු ඇති හොටල වල තියන මද්‍යස්ථාන වලට නොවේ. අඩුම පහසුකම් ඇති මුල්ලක තියන මද්‍යස්ථාන වලට. ඊට අමතරව නිතිය තදින්ම ක්‍රියාත්මක කලයුතුවේ. නීතිවිරෝදී එකමුතුව?
ප්‍රාදේශීය සභාකාරයෝ දෙන්නක්ම හිටියා නම් භයානකයි. ඕකලා පිහියා එහෙම අරගන නිකමට වනාන්තරේට යන්නේ නැහැනේ. හාමුදුරුවන් වත් රවටාගන කාට හරි පිහියෙන් අනින්න හරි, එහෙම නැත් නම් ස්ත්‍රී දුෂනේකට හරි යන්න ඇති. දෙන්නාම පොහොට්ටුවො ද කියල හොයලා බලන්න.
වෙසක් පෝයට සිල්සමාදම් වෙන්න යන්න ඇති. අඩු වශයෙන් මරණාධාර සමිතියේ අම්බරුවන් දෙදෙනාගේ නම් ගම් සදහන් කරන්නේ නම් ඒ අනාගතයට වැදගත් වනු ඇත. මෙම පුවතෙහි සදහන් පරිදි 28 දෙනෙකු... බස් එකක්ම ගිහින් වගේ අනේ මන්ද....
කාලකන්නි... අනිවාර්යයෙන්ම මේ හොර රැල දඩයමේ යන්න ඇති. වෙඩි තිබ්බේ නැත්තේ ඇයි....? මම එතන හිටියා නම් දේශපාලුවා, අරකා මේකා... කියලා බලන්නේ නැහැ. රාජකාරිය කරද්දී මට ඔය කෝකත් එකයි... ඔක්කොටම තියනවා..කෑලි යන්න.
නිධන් ටීම් එකක් වගේ...
මන්ත‍්‍රීලා දෙන්නයි සෞදි යන්න ඇත්තේ... එක්කෝ කොරෝනා වලට බෙහෙත් හොයන්න. නැතිනම් බෙහෙතට මුවෙක් හොයාගන්න වෙන්න ඇති...
ඕනෙම වසුරු ගොඩක සිවුරක් තියෙනවා. රටේ උදේ ඉඳන් රෑ වෙනකම් බණ දහම් දෙසන අයගේ හැටි පෙනෙනවා නේද? ආගම ජීවනෝපායක් විතරක් වුනේ සිවුරට දේශපාලනය එක්වුනදා ඉඳලයි.