IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වෙසක් තොරණවලට එකතු වූ මුදල් විහාරස්ථාන සඳහා බෙදා දෙයි

(මනෝජ් හර්ෂික)

ජාතික වෙසක් දින උත්සවය වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබූ තොරණ කිහිපයක් සඳහා එකතු වූ මුදල් ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම විහාරස්ථාන අතර බෙදා දීමට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) සිදු කෙරිණි.

ව්‍යාපාරික ප්‍රජාවගෙන් ලැබූ මුදල් ගාල්ල දිස්ත්‍රික්කයේ ඇති බෞද්ධ විහාරස්ථාන 884ක් සඳහා රුපියල් 10,000 බැගින් බෙදා දීම අමාත්‍යවරයා විසින් සිදු කරන ලදී.

මෙවර ජාතික වෙසක් උත්සවය ගාල්ල දිස්ත්‍රික්කය මූලික කරගනිමින් හික්කඩුව තොටගමුව රත්පත් රජමහා විහාරයේ දී පවත්වන අතර එයට සමගාමීව දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක ව්‍යාපාරික ප්‍රජාව විසින් ඉදිකිරීමට නියමිතව තිබිණි.

තොරණ කිහිපයක් රටේ උද්ගතවී ඇති තත්ත්වය හේතුවෙන් අවලංගු කළ අතර මෙසේ සිදු කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එම තොරණ ඉදිකිරීමට ව්‍යාපාරිකයන් විසින් පරිත්‍යාග කරන ලද මුදල් වජිර අබේවර්ධන පදනමට ලබාදීමෙන් පසුව එම පදනම මගින් මෙලෙස විහාරස්ථාන වෙත බෙදාදීම අමාත්‍යවරයා විසින් සිදු කළේය.

මෙහි දී අදහස් දැක්වූ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙසේ පැවැසීය.

‘ජාතික වෙසක් දින උත්සවය සැළසුම් කළ ආකාරයෙන් ම පවත්වනවා. නමුත් ජනතාව විශාල වශයෙන් එකතුවන තොරණ පැවැත්වීම ආරක්ෂක හේතූන් මත නවත්වා තිබෙනවා. තොරණ කිහිපයක් සඳහා ව්‍යාපාරික ප්‍රජාව විසින් වෙන් කළ මුදල් අපි විහාරස්ථාන සඳහා බෙදාදීමට තීරණය කළා. අපි මෙම මුදල් ලබා දෙන්නේ ඒ ඒ විහාරස්ථානයන් හි වෙසක් දිනවල පැවැත්වෙන ආලෝක පූජාවන් සඳහා ප්‍රයෝජනයට ගැනීමටයි. වෙසක් දිනයේ දී බෞද්ධ ධර්මය අනුව කරුණාවල මෛත්‍රීය පතුරුවමින් ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දී සියලු දෙනාට කටයුතු කරන ලෙස මා ඉල්ලා සිටිනවා’ යැයි ද  ඔහු පැවසීය.



අදහස් (3)

වෙසක් තොරණවලට එකතු වූ මුදල් විහාරස්ථාන සඳහා බෙදා දෙයි

kap Sunday, 12 May 2019 07:25 AM

නගරේ පන්සල් වල ඇතිවෙන්න සල්ලි තියෙනවා . මේ සල්ලි දුප්පත් මිනිස්සුන්ට බෙදුව නම් ඊට වඩා පින් .

:       193       370

Prabha Sunday, 12 May 2019 02:22 PM

අනේ රාහුල හිමියනි, ඔබ වහන්සේ වැඩ සිටියා නම්...,

:       0       1

Nihal Sunday, 12 May 2019 07:38 PM

බෝම්බ ප්‍රහාරයෙන් අනාථ වුනු දරුවන්ට, පවුල්වලට දුන්නනම් සහනයක්. තව ටික දිනකින් මේ අසරණ වුනු අය දිහා ඇහක් ඇරලා බලන්න කෙනෙක් නැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site