IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ දීමනාව ඉහළට

(නාලක සංජීව දහනායක)

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙවර අයවැය මගින් යෝජනා කළ පරිදි විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් සදහා මාසිකව ලබාදෙන දීමනාව රුපියල් 2,000කින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.
 
මෙම දීමනාව ලබන මස පළමුවැනිදා සිට ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව විශේෂ හැකියාවන් සහිත පුද්ගලයකු වෙනුවෙන් මෙතෙක් ලබාදුන් රුපියල් 3,000 දීමනාව රුපියල් 5,000 දක්වා ඉහළ යන බව මුදල් අමාත්‍යංශය සදහන් කරයි.
 
සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශය යටතේ විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් 32,000ක් පමණ ලියාපදිචිව සිටින අතර තවත් පුද්ගලයන් 40,000 ක් පමණ ලියාපදිංචිය අපේක්‍ෂාවෙන් සිටින බවද අමාත්‍යංශය සදහන් කරයි. එම පිරිසද ඇතුළුව විශේෂ හැකියා සහිත පුද්ගලයන් 72,000 ටම මෙම දීමනාව ලබාදීමට අමාත්‍යංශය තීරණය කර ඇත.
 
මේ සදහා රුපියල් මිලියන 4350ක මුදලක් වෙන්කර ඇති අතර එම ගෙවීම් සදහා අනුමැතිය ලබාදෙන චක‍්‍රලේඛය මහා භාණ්ඩාගාරය විසින් ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය වෙත පෙරේදා (11) නිකුත් කර තිබේ.



අදහස් (3)

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ දීමනාව ඉහළට

Raveendra Thursday, 13 June 2019 02:29 PM

අප විස්වාස කරනවා මෙය හොද තීරණයක් බවට. එමෙන්ම එවන් පිරිස් කිනම් හෝ ස්වයං රැකියාවන් කිරීමට අතහිත දෙන්නේ නම් ඒ අයගේ ශ්‍රමය සුළුවෙන් හෝ රටේ දියුණුවට එකතුවෙනවා නොවේද ?

:       0       65

රවින් Friday, 14 June 2019 02:06 AM

අත් දැකීමෙන් දන්නා දෙයක් තමා, ආබාදිත අයට යම්කිසි පුහුණුවක් ලබා දුන්නුවිට අනිකුත් අයට වඩා ඉහලින් තම කාර්ය ඉටුකරන බව. උදාහරණයක් ලෙස රෙදි විවීම වැනි දේ. දීමනා වැඩිකිරීමත් සමග ඔවුනට කිසිවෙකුට ඇත නොපා ජිවත් වීමේ මාර්ගයක්ද සලසා ගැනීමට අත හිත යොමුකලොත් නරකද?

:       0       11

Ruwan Friday, 14 June 2019 05:48 AM

අන්න හරි රවින් , අපේ අම්මගෙත් කකුලක් නෑ.එත් ගොඩක් මහන්සි වෙලා ජොබ් එක කරනවා. මම කොච්චර එපා කිව්වත් අම්මගේ ජොබ් එක හරි උනන්දුවෙන් කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 129 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 755 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site