IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


විශේෂඥ කමිටු වාර්තාව අනිද්දා

(අජන්ත කුමාර අගලකඩ)

ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවට උපදෙස් දීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටු වාර්තාව අනිද්දා(11) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුව අද(09) පාර්ලිමේන්තුවේදී රැස් වී ගත් තීරණයකට අනුව මෙම වාර්තාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සභාපතීත්වය දරන ව්‍යවස්ථා මෙහෙයුමේ කමිටුව සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21දෙනෙකුගෙන් සමන්විත වේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවක් කෙටුම්පත් කිරීම සඳහා පත්කරන ලද ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට උපදෙස් දීමට මෙම විශේෂඥ කමිටුව පත්කරනු ලැබීය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් එක් එක් දේශපාලන පක්ෂවල ස්ථාවරයන් සඳහන් කරමින් ඒ ඒ දේශපාලන පක්ෂ ලබා දී ඇති වාර්තා ද සැලකිල්ලට ගනිමින් මෙම විශේෂඥ කමිටු වාර්තාව සකස් කර ඇතැයි ද වාර්තා වේ.

මේ අතර එම දේශපාලන පක්ෂ විසින් සිය පක්ෂවල ස්ථාවරය සඳහන් කරමින් බාර දී ඇති වාර්තා ද අනිද්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.

විශේෂඥ කමිටු වාර්තාව ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවේ සභාපතිවරයා වන අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.



අදහස් (4)

විශේෂඥ කමිටු වාර්තාව අනිද්දා

දිලුම් Thursday, 10 January 2019 03:28 AM

රටක් පාලනය කරන්න ව්‍යවස්ථාව හදන්නේ අට පාස් නැති පාසැල් නොගිය ටික දෙනෙක්. ඒ අයට තව විශේෂඥ කියලත් දාගෙන. මේ අය විතරද මේ රටේ ජීවත්ව ඉන්නේ. අනික මේ අයගෙන් රටක යහපතට ව්‍යවස්ථාවක් හැදෙයි කියලා හිතන්න පුළුවන්ද.

:       101       137

RaveendraThursday, 10 January 2019 06:41 AM

" මිහරකුන්ට " විශේෂඥයන් යයි කියාගන්න එකම රට ලංකාව බව ඔබ නොදැන සිටීම කනගාටුවකි. එමෙන්ම ඔබගේ ඔබගේ දැනගැනුම සඳහා මෙම විස්තරයද සදහන් කරන්නෙමු. අප රට පාලනය කරන්නෙත් 225 කින් සමන්විත මිහරකුන් රැලක් බවත් සතුටින් දන්වන්නෙමු.

:       0       5

PIYAL Thursday, 10 January 2019 05:20 AM

හැම දේකටම ඇඟිලි දාන විදේශ බලවේග මේකට නැති වෙන්නේ නැහැ. කොහෙන් ගියත් අන්තිම සැලසුම රටවල් 9ක් .මේ සිධාන්තය හරි කියලා ඔය සැලසුම් දිහා බැලුවොත් ගැට අහුවෙයි.

:       9       19

Bamunuarachchi Thursday, 10 January 2019 11:44 AM

ඔය ව්‍යවස්ථාවට විරුද්දව රටේ උද්ගෝෂණ පටන්ගත යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 876 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 977 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site