IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


විශ්ව විද්‍යාල කොමිසමේ උප සභාපති ධුරයට මහාචාර්ය චන්දන පී.උඩවත්ත

(ප්‍රින්ස් රත්නායක)
 
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති ධූරයට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන පී.උඩවත්ත මහතා ජනාධිපතිවරයා විසින් පත්කර ඇත.

මහාචාර්ය චන්දන උඩවත්ත මහතා අද (5) පෙරවරු යෙදෙන සුබ මොහොතින් වැඩ ආරම්භ කළේය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන උඩවත්ත මහතා ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපති ධූරයේ කටයුතු කර ඇති අතර ව්‍යවහාරික විද්‍යා පීඨයේ භෞතික විද්‍යා හා තාක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් ලෙස කටයුතු කළේය.
චන්දන උඩවත්ත මහතා ඛණිජ සම්පත් වලට අගය එක් කිරීම පිළිබඳව පර්යේෂණ සිදු කළ විද්වතෙකි.

මීට පෙර ඒ මහතා රාජ්‍ය ආයතන කීපයක සසභාපති ධූරයේ කටයුතු කර ඇත. ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපතිනිය ලෙස කටයුතු කළ මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විශ්ව විද්‍යාලයේ උපකුලපති ධූරයේ වැඩ බාර ගැනීමත් සමඟ හිස් වූ උප සභාපති ධූරයට මහාචාර්ය චන්දන උඩවත්ත මහතාගේ පත්වීම සිදුකර තිබේ.

 



අදහස් (5)

විශ්ව විද්‍යාල කොමිසමේ උප සභාපති ධුරයට මහාචාර්ය චන්දන පී.උඩවත්ත

Rajapakse Friday, 05 March 2021 03:52 PM

වියත් මගට ජයවේවා...

:       2       8

upul Friday, 05 March 2021 03:54 PM

හරි පුද්ගලයා.. හරි තැනට

:       4       7

සමන්Saturday, 06 March 2021 05:22 AM

ඔබ කොතරම් නිවැරදි වුවත් ඔබට ඔතන නිවැරදිව වැඩ කරන්න බෑ. ඔතන තියෙන්නේ පාතාල සංස්කෘතියක්. ගොඨාභය මහත්තයා වරද්දා ගත්තා.

:       0       0

නිලන්ත Friday, 05 March 2021 05:25 PM

සම්පත් අමරතුංග හා චන්දන උඩවත්ත වැනි දේ්ශපාපාලකයින්ට කඩේ ගොස් තනතුරු ගත් අය UGC එකේ ලොක්කන් වුණාම අපේ ර‌ටේ අධ්‍යාපනයට අබ සරණයි. ඔය වාගේ කපටි හැත්ත අරගෙන මේ රට ගොඩ ගන්න බෑ.

:       0       0

nanda Saturday, 06 March 2021 06:16 AM

ඔහු හොඳ පුද්ගලයෙක්...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 681 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site