
(රංජන් කස්තුරි)
කොතලාවල පනත හකුලා ගන්නා ලෙස බලකරමින් රටපුරා සියලු විශ්ව විද්‍යාලවල අද පෙරවරුවේ ආචාර්යවරු උද්ඝෝෂණයක නිරත වූහ.
විශ්ව විද්‍යාල ආචාර්යවරු අද ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වූහ.
කොතලාවල ජනතා හකුලාගන්නැතෙක් ඔන් ලයින් වර්ජනය අත්නොහරින බව ද විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ආචාර්ය රොහාන් ලක්සිරි මහතා පවසයි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)







COMMENTS
මෙවන් පනත් සාදන්නන් දැන හෝ නොදැන කරන්නේ රජය ප්‍රපාතයකට ඇද දැමීමයි
රට දියුණු කරන හැටි කියන්න මේ ගොල්ලෝ ඉදිරිපත් වෙන්න ඕනෑ.
මේ අයට ඔහොම්ම පාරේ ඉන්න කියලා, කරුණාකර රටේ පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රවර්ධනය කරන්න.
ඔය වගේම විරෝධය පාන්න ඕන තව ලොකු දෙයක් තියෙනවා. අනාදිමත් කාලෙක ඉඳල ලංකාවේ විශ්වවද්‍යාලයීය කථිකාචාර්යවරු පිටරට විශ්වවිද්‍යාල වලට යනවා ආචාර්ය උපාධිය වාගේ ඉහල ඉගෙනීම් වලට. ඒ යන්නේ ලංකාවට ලැබෙන පිටරට ශිෂ්‍යත්වයක් හෝ මහපොල වගේම ලංකාවේ ශිෂ්‍යත්වයක්මගින්. ඒ වගේම පඩි සහිත නිවාඩු ලබනවා. එහි කොන්දේසියක් තමා නැවතත් ලංකාවේ පැමිණ සේවය කරන බව හෝ නැත්නම් ආපසු මුදල් ගෙවන බවට බැඳුම්කරයකට අත්සන් කිරීම. නමුත් ඒ වගේ යන බොහෝ දෙනා ආපහු එන්නත් නැහැ අර බැඳුම්කරය ගෙවන්නත් නැහැ. පඩියත් ගන්නවා. විශේෂයෙන් ඕස්ට්‍රේලියාවට එන අය එහේ ස්ථිර පදිංචිය අරගෙන රස්සාවල් කරන ගමන් දෙපැත්තෙන්ම කන වෙලාවලුත් තියෙනව. පසුගිය රජයේ කාලයේදී ඔහොම ඉන්න ලයිස්තුව නම් ඇතුව පල කලාට මේ ආචාර්යවරුන්ට බොහොම තරහා ගියා. ඒ අය හිතන්නේ ඔහොම රටට අනින එක වෘත්තිය අයිතිවාසිම්වලට අයිතිය කියලා. ඔය වගේ ලංකාවෙන් ශිෂ්‍යත්ව අරන් මාරුව දාන වෛද්‍යවරුන් රජයේ සේවකයෝ හරියට ඉන්නවා. අදත් සෑහෙන කොටසක් ඉන්නවා ඕස්ට්‍රේලයානු විශ්වවිද්‍යාල වලම රැකියා කරන. ඔය දේවල් ගැන අද ඔය නිහඬ විරෝධය පාන සංගම් කතාකරන්නේ නැත්තේ ඇයි. නම් ටික ප්‍රසිද්ධ කරාම විරුද්ධයි. හොර වැඩේට ඔට්ටුයි.
මිලිටරිකරණය හෝ මොන මලකරණය කර හෝ කොන්ද පන තියෙන එක එකාගේ පුද්ගලික යටි අරමුණුවලට නොරැවටෙන විනීත වැදගත් අනාගත පරපුරක් හදාගන්න පුළුවන් නම් ඒ හොදටම ඇති. "නිදහස් අධ්‍යාපනය මුවාවෙන්" මේ ආචාර්ය, මහාචාර්ය උන්දලාත් නොකියා කියන්නේ සරසවි සිසුන් කෑ මොර දෙමින් පාරේ රස්තියාදු වෙයල්ලා යන්න නොවේද ?"අන්තරේ ඉන්න බූරු අන්දරේලාගේ" (කළුකුමාරයාගේ ගොට්ටන් ) මුලිකත්වයෙන් සිද්ධ වෙන නවකවදය අනුස්මරණය කිරීමක් නොවේද ? විනයක් නැති නම් කොතරම් දුරට ඉගෙන ගත්තත් උන්ගෙන් සමාජයට කිසිදු පලක් නැති කාලකන්නි පරපුරක් බිහි වෙනවා යන සරල දැනුම්වත් නොමැත මේ ආචාර්ය, මහාචාර්ය උන්දැලාට මෙම අදහස් කියවීමට හැකි වේවා..... නුබලාගේ දූ දරුවන් ඉගෙන ගන්නෙත් මේ රජයේ සරසවිවලමද යන්නද විමසන්නෙමු.
මෙතුමන්ලා උගන්වන සරසවිවල ලෝක ශ්‍රේණිගත කිරීම් ගැන මෙයාලට කියන්න තියෙන පිළිතුර මොකක්ද?
යෝජිත පනත හොඳින් කියවා බැලූ අතර කිසිඳු ආකාරයකින් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට තර්ජනයක් හෝ පවතින තත්වය වෙනස් කරන වගන්ති නොදුටුවෙමි. මේ තරම් විරෝධතා දක්වන වගන්ති මොනවාදැයි දැනුවත් කරන්න...
ඔක්කොටම ඉස්සරවෙලා , මේ පාරට බැහැල ඉන්න උදවිය කරලා තියෙන පර්යේෂණ ප්‍රමාණය, ඔවුන්ට තියෙන පේටන්ට් ප්‍රමාණය ,ඒවායින් ලංකාවේ සරසවි වලට ලැබෙන දායකත්වය , ඒවායින් රටේ ආර්ථිකයට ලැබෙන දායකත්වය පෙන්වන්න කියන්න . උදේ ඇවිත් කටපාඩම් කරපු ටික කට මැත දොඩවල , " අපිට රජයේ රස්සා දියව් " කියල පාරේ පිකටිං කරන විශ්වවිද්‍යාල සිසුන් බිහිකරන මෙයාල ඒවාට විසඳුම් දීල තියෙනවා ද ? හැමදාම කලේ තමන් කඩේ යන දේශපාලන පක්ෂයට ගැතිව පිකටින්,කැට හොල්ලන එක පමණයි. හරියට නිදහස් අධ්‍යාපනයේ ප්‍රයෝජන දරුවන්ට දුන්නා නම් අපි තවම හිඟා කන රටක් වෙන්න බැහැ .
රටේ ජනතා හද ගැස්ම හඳුනන්නේ නැති ආණ්ඩු තියෙන කොට මෙහෙම දේවල් දකින්න ලැබෙනවා.