
(ඩයනා උදයංගනී)
විශ්වවිද්‍යාවලට ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් කැඳවීම අන්තර්ජාලය ඔස්සේ මේ දිනවල සිදුකෙරෙන අතර සංචරණ සීමා පවතින කාලයේදී විදුහල්වලින් ලබාගන්නා සහතික ආදිය නොමැතිව තමන් සතුව පවතින තොරතුරු පමණක් අයදුම්පත්‍රයට ඇතුළත් කිරීම ප්‍රමාණවත් යැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
ඒ අනුව එම අයදුම්පත් සමඟ පාසල්වලින් හා ග්‍රාම නිලධාරීන්ගෙන් ලබාගත යුතු සහතික එවීම කළ යුතු නැතැයි කී සභාපතිවරයා එම සහතික සංචරණ සීමා ඉවත්කර සති තුනක් ඇතුළත විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත එවීම ප්‍රමාණවත් බවද සඳහන් කරයි.
සංචරණ සීමා පැනවීම සමඟ පාසල් වසා තිබීම නිසා පාසල් අයදුම්කරුවන්ට පාසල් හැරයාමේ සහතික, විදුහල්පතිගේ සහතික ආදිය ලබාගැනීමත්, බාහිර අයදුම්කරුවන්ට තම පදිංචිය සහතික කරන ග්‍රාමසේවක සහතික මෙන්ම නම්වල වෙනස්කම් පවතින අයට නම් තහවුරු කිරීමේ සහතික ලබාගැනීමත් ගැටලුවක් වී ඇති බැවින් මෙම තීරණය ගත් බවද මහාචාර්යවරයා කීවේය.
මහාචාර්ය සම්පත් අමතුංග මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
2025 නොවැම්බර් මස 21
149
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
227
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1089
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
විශ්ව විද්‍යාලවලට අයදුම් කිරීමේදී තමන් සතු තොරතුරු ප්‍රමාණවත්