(නිමල කොඩිතුවක්කු)
තෙල් මිල සම්බන්ධව ප්‍රසිද්ධියේ විවාද කරපු ඇමතිවරුන්ගේ සැබෑ මුහුණුවර රටට පෙන්නන්න විශ්වාසභංග යෝජනාවෙන් හැකියාව ලැබෙන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
ජනතාව ඉදිරියේ කිබුල් කිඹුල් කඳුලු හෙලූ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට තවදුරටත් රෑ දැනියෙල් දවල් මිගෙල් චරිත රඟ දැක්විය නොහැකි බවත් අත්තනායක මහතා සඳහන් කළේය.
ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව ජනතාවගේ හඬ මෙම විශ්වාසභංග යෝජනාවෙන් ඉදිරිපත් කිරීමට හැකි වූ බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ට තමන් ගැනවත් ශතේක විශ්වාසයක් නැති මිනිහෙක්.. අනිකාව විශ්වාස නැහැ කියන්නේ කෙසේද...? පොදුවේ ගත්කළ අපට නම් "දියවන්නාව පට්ටියේ 225ම" විශ්වාස නැත.
ඔබ මොන ලෝකෙද ඉන්නේ? මිනිසුන්ට විරුද්ධ අදහස් තිබෙන්න පුළුවන්... නමුත් තමන්ගේ ආණ්ඩුව පාවාදෙන්නේ කවුද? දේශපාලුවන්ට අර මොන දෙයියන්ටද වැඩිය මුහුණු තිබෙන බව අපි නම් දන්නවා. ඔබටම මුහුණු කීයකින් පෙනී සිටිනවාද?
තමුන්නැහේලාගේ මුහුණ අපි හඳුනාගෙන ගොඩක් කල්...
විහිළු නොකර ඉන්න මහත්තයෝ... ඔය 2015දී කොහේද හිටියේ? දැන් කොහේද ඉන්නේ? කාවද රවට්ටන්න හදන්නේ?
තිස්ස අත්තනායක කියන්නෙත් මුහුණු දෙකක් තිබෙන කෙනෙක් බව පහුගිය අවුරුදු ගාණක් තිස්සේ රටම දන්නවනේ... තමාගේ දරුවන්ට විතරක් නෙවෙයි මිතුරියගේ පුතාටත් තමුන් විපක්ෂයේ ඉඳලත් විදේශ තානාපති රැකියාවන් හදාදෙන්න පුලුවන් කෙනෙක්. එහෙම එකේ ඔබ බලයට ආවොත් මුහුණු කීයක් පෙන්නාවිද?
අපට නම් ආරංචි අර ශවේන්ද්‍ර සිල්වා මහත්තයාගේ මස්සිනා වෙන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහත්තයාගේ ඡන්දයත් ඔය විශ්වාස භංගයට විරුද්ධව දෙනවා කියලයි...
හිටපු සෞඛ්‍ය ඇමැතිතුමා, දින 13...