(නිමල කොඩිතුවක්කු)
රටේ ආර්ථිකයේ විශාල ණය බරක් තිබියදීත් රාජ්‍ය සේවකයන්ගේ හා විශ‍්‍රාමිකයන්ගේ අගය වැඩිකිරීමට වත්මන් ආණ්ඩුවට හැකි වූ බව එක්සත් ජාතික පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ දී පැවසීය.
වැටුප්, සේවා සහ පහසුකම් වැඩිකරමින් ජනතාවගේ ජීවන මට්ටම ශක්තිමත් කිරීමට වත්මන් රජයට හැකි වූ බවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටියේය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ අද (8) පැවති ජාතික විශ‍්‍රාමික දින සැමරුම් උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
විශ්‍රාමයට නවෝදයක් තේමාවෙන් මෙවර ජාතික විශ‍්‍රාමික දින සැමරුම පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය.
‘‘අද ජාතික විශ‍්‍රාමික දින සැමරුම් දිනයයි. ඔබ සියලුදෙනාම ආණ්ඩුවේ සේවකයන් විදියට සේවය කළා. මමත් දේශපාලඥයෙක් විදියට කටයුතු කළා. ඒත් රටේ නීතිය අනුව ඔබ සියලු දෙනාටම යම් කිසි වයසකදී විශ‍්‍රාම යන්න තියෙනවා.
දේශපාලඥයන්ට එහෙම විශ‍්‍රාම යාමේ වයසක් දැනට නැහැ. ඒ නිසා මමත් මහින්ද රාජපක්ෂත්, සම්බන්දන් මහතාත් තවම සේවයේ නිරත වී සිටිනවා. මම හිතන්නේ නම් තුනම කියපු නිසා මම මැතිවරණ නීතිය උල්ලංඝණය කරලා නැහැ.
මෙතන ඉන්න බොහෝ දෙනෙකුට විශාල අත්දැකීම් තියෙනවා. සමහරු හැටේ දශකයේ දී රාජ්‍ය සේවයට බැදුණා. සමහරු 70 බැදුණා. 77 වනවිට මෙතන ඉන්න බොහෝ දෙනෙක් සේවයේ හිටියා. 77 දී පාලන ආර්ථිකයක ඉදන් අපිට විවෘත ආර්ථිකයකට පරිවර්තනය වෙන්න වුණා.
ඒ පරිවර්තනයේදි විශේෂයෙන්ම රජයේ සේවකයන් තමයි ඒ කටයුත්ත සිදුකළේ. සමහරු එම අවස්ථාවේම එය සිදුකළා. සමහරු මේක හොදයි ද කියලා හිතුවා. සමහරුන්ට ටිකක් කල් ගියා.
විවෘත ආර්ථිකයක් ඇති කරහම රාජ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව අඩු වෙයි කියලා ඇතැම් අයගේ විශාල බයක් තිබුණා. ඒත් අපේ අත්දැකීම අනුව රාජ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව විවිධ ආණ්ඩු යටතේ වැඩිවුණා.
මේ කාලය තුළ විවෘත ආර්ථිකයක් ක‍්‍රියාත්මක කිරීමේදී ඔබේ අත්දැකීම් ඉවහල් වුණා. මේ අතරතුරේදී අසූ තුනේ කෝලහාල දවසේ දී මේවාට මුහුණ දුන්නා. හැත්ත අටේ උතුරු නැගෙනහිර ප‍්‍රදේශ සුළි සුළඟට මුහුණ දුන්නා. අපි මේ සියල්ලටම මුහුණ දුන්නා.
ඒ වගේම විශාල සංවර්ධනයක් රටේ ක‍්‍රියාත්මක වුණා. මහවැලි ව්‍යාපෘතිය අවුරුදු පහකින් කරන්න. කෝට්ටේ අලූත් අගනුවර හදන්න, නිවාස හදන්න, විදුලි බලය ලබා දෙන්න මේ අය කැප වුණා. එදා අපේ දිසා ලේකම්වරුන්, ප‍්‍රාදේශීය ලේකම්වරුන් දිස්ත‍්‍රික් සංවර්ධන සභා මාර්ගයෙන් කරපු සේවය මට මතකයි.
මේ අයගේ විශාල සේවයෙන් රටේ සීඝ‍්‍ර සංවර්ධනයක් ඇති වුණා. ඉන්පසු අපි යුද්ධයකට මුහුණ දුන්නා. ඒ යුද්ධයත්, උතුරේ, දකුණේ භීෂණ වාතාවරණය අනුව ඔබ සියලුදෙනාම ආණ්ඩුව ගෙන ගියා. සමහර අයගේ ජීවිතය නැති වුණා. ඒත් රජයේ පාලනය ගෙන ගියා.
2004 දී අපි සුනාමියට මුහුණ දුන්නා. ඒ සුනාමියෙන් ඉදිරියට ආවා. ජනතාවගේ ජීවිත බේරගෙන යළි ප‍්‍රතිසංස්කරණය කළා. දැන් යුද්ධය අවසන් කරලා ආර්ථික ප‍්‍රශ්න වලට මුහුණ දීලා සංහිදියාව ඇති කළත් මේ පළපුරුද්ද ඔබ සියලු දෙනාටම තියෙනවා.
ඒ නිසා පළමුවෙන්ම මගේ යුතුකමක් තියෙන්නේ මෙහෙම කාලයක සේවය කරපු ඔබ සියලූ දෙනාටම අපේ ස්තූතිය ප‍්‍රකාශ කළ යුතුයි. ඔබ සේවය කරපු නිසා රාජ්‍ය යාන්ත‍්‍රණය යුද්ධ වලින්, සුනාමි වලින්, කෝලහල වලින් ආරක්ෂා වුණා. ඒ කාරණය විශේෂයෙන්ම අපි මතක තබා ගත යුතුයි’’ යැයිද අග‍්‍රාමාත්‍යවරයා එහිදී පැවැසීය.
චීනයේ ජාතික සැසිවාර දෙක පිළිබඳව කොතරම් විවේචන තිබුණත් එම සැසිවාර චීනයට පමණක් නොව සමස්ත ලෝකටම වැඳගත් බවත් රටක දියුණුව සහ සංවර්ධනය වෙනුවෙන් දිගු කාලීන
ජාතික නිදහස් පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තම පක්ෂයේ ලකුණ වන පංචායුදයෙන් තරඟ කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.
මීගමුව කදාන ප්‍රදේශයේ දුම්වැටි අලෙවි කිරීමේ හා බෙදා හැරීමේ පුද්ගලික සමාගමක් පවත්වාගෙන යමින් රුපියල් මිලියන 233ක (233203117.03) වැට් බදු මුදලක් නොගෙවා පැහැර හැ
ශ්රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගාවලියේදී ජයග්‍රහිකා පුෂ්පිකා ද සිල්වා ට පැලැන්දූ කිරුළ ගලවා දැමීම සම්බන්ධයෙන් සිදු කරන නඩු විභාගය සඳහා සාක්ෂි ල
කලුතර ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක දිවා දේව මෙහෙයට පැමිණි පුද්ගලයකු තමන්ට රට ඉදි ලබානොදීම සම්බන්දයෙන් උරණවී දේවස්ථානයේ මව්ලවි තුමන්ට පහරදි ඇති බව
මහින්ද රාජපක්ෂ ගෙදරින් එළියට දාන මාතෘකාව පරණ වෙනකොට ආණ්ඩුව දැන් බටලන්දක් ඇදගෙන දඟලන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දිසානායක මහතා:-(න.ප්‍ර
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
’විශාල ණය බරක් තිබියදීත් විශ්‍රාමිකයන්ගේ - රජයේ සේවකයන්ගේ අගය වැඩිකළා’
sarath Tuesday, 08 October 2019 09:51 AM
දවසට බිලියන 2 ගානේ ණයවෙලා වැටුප් ගෙවන එක හොඳ වෙන්නේ කොහොමද
vipula Tuesday, 08 October 2019 10:04 AM
විශාල ණය බරක් තියෙද්දී මහා බැංකුවට මොකද කලේ ?
Raveendra Tuesday, 08 October 2019 10:15 AM
විශාල ණය බරක් තිබුන නිසාද? මේවගේ ගොන් තඩියොනේ අපේ රට පාලනය කරන්නේ.
rasiTuesday, 08 October 2019 10:38 AM
රවින්ද්‍ර, ගොන් තඩියන්ට චන්දෙ දෙන්න ඇත්තේ ඔයා වගේ උගත් මිනිස්සු වෙන්න ඇති නේද ?
sirimal Tuesday, 08 October 2019 10:27 AM
ගෝඨාභයගේ රීට් පෙත්සමට අදාළ සම්පූර්ණ තීන්දුව තවමත් ප්‍රකාශයට පත් නොකිරීම නිසා එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කිරීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවත් කියනවා. ඒ අතර සමහර විනිසුරුවන් "වියත්මඟ" රැස්වීම් වලට සහභාගිවී ඉන්නා පින්තුර දැන් අන්තර් ජාලයේ පළකර තියෙනවා.
sisiraTuesday, 08 October 2019 11:45 AM
නඩුව අහන්න තරම් කරුණු නැති නිසා උසාවිය එය ඇසීම ප්‍රත්ක්ෂේප කළා. ඒ තීන්දු දෙන්න කවුරුත් නෑ. ඒක ඉවරයි. තරඟයට එන ප්‍රතිවාදියාව වට්ටන්නේ නැතිව තරඟ කෙරුවනම් ඉවරයිනේ. ඕවා බාල වැඩ. අනික ගරු අධිකරණයට අපහාස කරන්න එපා.
සේනක Tuesday, 08 October 2019 10:32 AM
අගමැතිතුමෝ, තාමත් කටින් බතල තමයි නෙද? තමුන්නාන්සේලා මැතිවරණ නීතිය උල්ලංඝනණය නොකලට කරන්න පුළුවන් හොඳම ඩැඩේ මහා බැංකුව මහා දවල් මංකොල්ල කෑවනේ. තමුන්නාන්සේ ඔය කියන දේවල් මේ අවුරුදු හතරාමාරකට කරලා තිබුණානම් අද අනිත් මිනිස්සුන්ට කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඔය බොරු කියවා කියවා හිටිය ඇති මහත්තයෝ. රටේ ජනතාව මෙදා පාරනම් රවට්ටලා හමාරයි.
mp Tuesday, 08 October 2019 10:50 AM
පෙන්ෂන් නැති විශ්‍රාමිකයින්ට හුළං තමයි. බැංතු පොලිය ලෑල්ලටම ගිහින්.... මේ පුද්ගලයා මොන කෙහෙල්මලක් කථා කරනවද?
sisira Tuesday, 08 October 2019 11:04 AM
දැන් ණය ඩබල් කරලා තියන්නේ මොනවා කරලද? තවත් ඉල්ලන්නේ රටේ කාලා ඉතුරු හපෙත් නැති කරන්නද? දේශපාලන අන්ධයින්ට පේන්නේ නැති වුණාට රට ආර්ථික අතින් බින්දුවටම වැටිලයි තියෙන්නේ..
kosala Tuesday, 08 October 2019 11:05 AM
අනික් අය එක්ක බර දාලා පක්ෂය දිනවන්න එළියට බහින්න. සජිත් පැරදුනොත් රටම ඉවරයි. අවුරුදු 30 ක් රාජපක්ෂලා.
theja Tuesday, 08 October 2019 11:08 AM
දැන් කරන්න තියෙන්නේ හංසයා දිනවන එක. අකිල ,රවී ,සාගල ,ඇතුළු කණ්ඩායම මැතිවරණය අවසන් වනතුරු පැය 24 ම හංසයා දිනවන්න වැඩකරන්න කටයුතු කරන්න.
Sunil Tuesday, 08 October 2019 11:13 AM
මමත් විශ්‍රාමිකයෙක්.රටම කාලා විශ්‍රාමිකයන්වත් කාලා දැම්මා.මහ බැංකුවත් කාලා රටේ ණය බර විශාල ලෙස වැඩිකරා. කළ හදිය හොඳටම ඇති.
සනත් වීරකෝන් Tuesday, 08 October 2019 02:11 PM
මිනිස්සුන්ට කොච්චර සල්ලි දුන්නත් මදි. මේ ආණ්ඩුවෙන් විතර පඩි වැඩිකල ආණ්ඩුවක් මුළු ලෝකයේමත් නැතුව ඇති. 2015 ට ඉස්සර විශ්‍රාමික ගුරුවරයෙකුට ලැබුනෙ රුපියල් 25000 විතර දීමනාවක් නමුත් අද ඒක රුපියල් 50000 වෙලා තියෙනව. අවුරුදු 4 ට දෙගුණයකින් වැඩිවෙලා තියෙනව.
thilakasiri Tuesday, 08 October 2019 11:16 AM
මේ වගේ විශාල ණය බරක් පියවමින් හා අනෙකුත් සියලු බාධකවලට මුහුණ දෙමින් පෙට්‍රල් මිල, ගෑස් මිල ඇතුළු බොහෝ භාණ්ඩ මිල මේ රජය බලයට එන්න පෙර තිබුණු මිලට වඩා අඩු මිලකට දෙමින් නොමිලේ ඇම්බ්යුලන්ස් නිවසටම ගෙන්වාගැනීමේ පහසුකම් සලස්වා ඖෂධ මිල අඩුකර පාරවල් හදා ජලාශ තනා සුපිරි මධ්‍යම හා අඩු අදායම්ලාභී නිවාස තනා නොයෙක් ගොඩනැගිලි තනා අනෙකුත් සෑම අංශයකින්ම දියුණුව ඇතිකර රාජ්‍ය සේවක වේතන මෙතෙක් නොවූ විරූ ලෙස වැඩිකර ජනපති සතුවූ තනි ඒකාධිපති බලය පාර්ලිමේන්තුවේ අගමැති හා කථානායක අතරද බෙදා ස්වාධීන කොමිෂන් හදා රාජ්‍ය යාන්ත්‍රණය ස්වාධීන කර අද පවත්වන මැතිවරණය පවා මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වයෙන් කරගන යන්නට හැකි පරිසරය අද ඇතිවී තිබෙන්නේ වත්මන් ආණ්ඩුවේ සියුම් රාජ්‍යතන්ත්‍ර ඥානය ඇති නායකයෙකු සමග වැඩකරන පිරිස නිසාමයි. මේ රජයට පෙර පැවැති මැතිවරණවලදී මෙවන් සාමකාමී බවක් නොතිබුණ හැටි රටේ බහුතරයට අමතක නැත...
kolam boss Tuesday, 08 October 2019 11:50 AM
" විශාල ණය බරක් තිබියදීත් විශ්‍රාමිකයන්ගේ - රජයේ සේවකයන්ගේ අගය වැඩිකළා’ --- අපි එහෙම කරලා තව ණය බර වැඩි කළා ....
senarath Tuesday, 08 October 2019 01:35 PM
තිබුණු ණය බර හැදුනේ අවුරුදු 50ක් 60ක් තිස්සේ විවධ රජයන් සංවර්දන වැඩ සදහා ගනිපු ණය නිසා. එත් ඒ සැම රජයක්ම රටට යම් වැඩ කොටසක් කලා. පසුගිය රජයත් යුද්ධෙට වියදම් කරන ගමන්ම රට විශාල වැඩ කොටසක් කළා. එත් මේ රජය මොනවද කල සංවර්දන වැඩ. එත් ගනිපු ණය පසුගිය අවුරුදු 60 ටම ගනිපුවට වඩා වැඩි. එත් තවම රටේ මිනිස්සුන්ව ගොනාට අන්දන්න හදන්නේ.
sharm warn Wednesday, 09 October 2019 04:25 AM
අනේ ඔයාත් විශ්‍රාම යන්නකෝ අප්පා .. එතකොට අපි ඔක්කොම විශ්‍රාමික දිනය සමරන්නම් .. එක තමයි "ජාතික සතුටු දිනය" වෙන්නේ කවදා හරි ...
ajith Wednesday, 09 October 2019 04:50 AM
මමත් විශ්‍රාමිකයෙක්. ඔය කියන විධියේ 40% ක විශ්‍රාම වැටුප වැඩි වෙලා නැහැ. මට ලැබුනේ රුපියල් 1143/- යි. විශ්‍රාම වැටුප් විෂමතාවය නැති කළා කියන්නේ පට්ටපල් බොරුවක්.