වර්ජනය හේතුවෙන් ප්‍රමාද වන දුම්රිය කටයුතු පවත්වාගෙන යාම සදහා විශ්‍රාමික දුම්රිය රියැදුරන්, අද(30) සිට දුම්රිය සේවා කටයුතු වෙනුවෙන් යොදවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
ප්‍රවාහන අමාත්‍යංශය පසුගිය ජූනි මාසයේදී විශ්‍රාමික දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිරුන්, දුම්රිය සංඥා නිලධාරීන් ආදීන් වර්ජන අවස්ථාවලදී සේවයට යොදාගැනීම වෙනුවෙන් අලුතෙන් බදවා ගන්නා ලදී.
(16844)
COMMENTS
මේ අය සදහටම ගෙදර යවන්න.
ලෝකයේ බොහෝ රටවල් මෙවැනි අවස්ථා කළමනාකරණයට යොදා ගන්නේ ත්‍රිවිධ හමුදාව. අපේ හමුදාව ඕනෙම දෙයකට මුහුණ දෙන්න පුළුවන් තරම් වෘත්තීය හැකියාවන්ගෙන් යුක්තයි. දුම්රිය, ඛනිජතෙල්, විදුලිය, ජල සම්පාදනය, වරාය වගේ අත්‍යවශ්‍ය සේවා ඔවුන්ට පුරුදු කිරීම මහා කජ්ජක් වෙන්න බැහැ. රෝහල් සේවා වුණත් බොහෝදෙයක් කරන්න ඔවුන්ට හැකියාව තියෙනවා. ටිකක් විතර සලකලා බලමු නේද?
වෙරි ගුඩ්... ඒ ගොල්ලන්ට වර්ජන කාලය පඩිරහිත නිවාඩු හැටියට සලකලාම විශ්‍රාමික අයව යෙදෙව්වා නම් තවත් හොඳයි. සාමාන්‍ය මිනිස්සුන්ට කරන අපරාධය තේරෙන්නත් එක්කම.. මොකද එයාලා හොඳාකාරවම දන්නවා දුම්රියෙන් යන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න ඔවුන් නෙමේ කියලා.. මාසේ මුලදීම මාසික ප්‍රවේශ පත්‍ර අරගෙන දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායමින් බාගෙකට වඩා ලබා දෙන පාසල් දරුවන් සහ කාර්යාල සේවක ජනතාව විතරයි මේකේ යන්නේ.., මේ වර්ජන වලින් දුක් විඳින්නෙත් ඒ කොටස විතරයි කියලා නොතේරෙන බබ්බුන්ට තමන්ගේ පොකට් එකට ටිකක් වැදෙන්නම ඕන යමක් තේරෙන්න.. ඒ නිසා වැඩ නොකළා නම් පඩිරහිත නිවාඩු හැටියට සලකන්න. එතකොට මොලේ පහළ වෙයි..
මේ ඉන්න පින් පඩි ටික ඔක්කොම සදහටම ගෙදර යවලා, හමුදාවට බාර දුන්නා නම් මේ කතාව ඉවරයි.. එහෙනම් හමුදාවෙන් වෙලාවට කලාවට පිරිසිදුව දුම්රිය සේවය කරනවා. මේ කාලකන්නි පින්පඩි කාරයන් ටිකට දැඩි දඬුවම් දෙන්න ඕනෑ..
ඉතා හොඳදෙයක්... එවකට ජේ.අාර්. කරා වගේ ඔය වැඩවර්ජන කරන එකෙක්ටවත් ජොබ් එක දෙන්න එපා. මදි පාඩුවට අපේ හමුදාවේ අයව සම්බන්ධ කරගන්න. වැඩවර්ජන කරන අයගේ මේ මාසේ සිට වැටුපත් ඉවත් කර ඒක හමුදාවේ අයටම සහ විශ්‍රාමික අයට දෙන්න. වැඩවර්ජනය කරන අයට පැත්ත පළාතේ එන්න දෙන්න එපා. අනික ඔය කියන වැඩවර්ජන නායකයන් කිසිම වැඩක් නොකර පඩි අරන් උඩ බලන් ඉන්න පිරිසක්... අනික අර පොහොට්ටුවේ දුම්රිය සමිතිකාරයා ඊයේ මාධ්‍ය සාකච්ඡාවකදී පිළිගත්තා. සමහර අය ලක්ෂ දෙක තුනේ පඩි ගන්නවා. පැය 24ම වගේ වැඩකරලා සහ නවක අයත් සියලුම දීමනා එක්ක 60000, 70000 වගේ ගන්නවා කියලා. රටේ ගුරුවරු, පොලිසියේ අය සහ හමුදාවේ අයවත් ගන්නේ නැති වැටුපක් මොවුන් ගනිමින් තව ඉල්ලනවා. එතැනම පේනවා මහජනයා අපහසුතාවයට පත්කරලා රාජ්‍ය බලය ගන්න පොහොට්ටුව කරන අමනවැඩක් මේක කියලා. ඒක නිසා එකෙක්වත් රැකියාවට ගන්න එපා...
කාලකන්නි තමයි ...
සේවයට වාර්තා නොකරන අය සේවයෙන් ඉවත් කළ යුතුමයි. නැතිව මෙම ප්රශ්නය විසඳිය නොහැකිය.
තමන්ගේ අයිතීන් දිනාගැනීමට උත්සාහ කරන වෘත්තීය සමිති නායකයින් සාමාන්‍ය ජනතාවගේ මේ අදහස්ද අවධානයට ගත්තොත් හොඳයි.
චේගුවේරා හරි, ලෙනින් හරි ඉන්න තිබ්බේ.. මගේ මතේ නම් ලංකාවට ඕන දැන් එහෙම මිනිහෙක්.. ස්ට්‍රයික් කරන මිනිස්සු සේවය හැර ගියා කියලා චක්‍රලේඛනයක් ගහන්න.. කොන්දක් තියන මිනිහෙක් ඉඳලනේ ඕක කරන්න.. මේවා රටට සාප.. රටකට හරියන්නේ කොහොමද? ගුරුවරු වර්ජනය කරනවා. අනේ අපේ කාලේ ගුරුවරු කියන්නේ දෙවිවරු... අද අපි මේ තැන්වල ඉන්නේ ඒ මිනිස්සුන්ට පින් සිද්ධ වෙන්න. හැමදාම කියනවා වගේ මට නම් ලංකාව ගැන කලකිරිලා තියෙන්නේ. මොන පක්ෂයෙන් මොන කෙනා ආවත් අවංකව වැඩ කරන, අවංකව රටට ආදරේ කරන රට ගොඩගන්න කෙනෙක් මන් හිතන්නේ නැහැ බිහිවේවි කියලා.. පොඩ්දේටත් කුලල් කන අසරණ මිනිස්සු දඩමීමා කරගෙන ස්ට්‍රයික් කරන ඉතාමත් පහත් සමාජයක් රටේ ගොඩනැගිලා ඉවරයි.
ඔය වැඩ ටික ඉගෙන ගන්න ඕනනම් මාසයක් යාවි. ජේ.ආර්. මහත්තයා කලා වගේ ගෙදර යවලා අලුත් අය දාන්න. එතකොට කවුරුවත් වර්ජන කරන එකක් නැහැ. පොදු ජනතාවට මෙහෙම බර පටවන්න එපා.
බොහෝම ස්තුතියි.විශ්‍රාමික දුම්රිය රියැදුරන් හට
මම මේ ප්රශ්නයේ තාවකාලික පිළිතුර දකින්නේ වෙනත් ආකාරයකට... මේ විශ්‍රාමික රියැදුරන් ඔවුන්ගේ විශ්‍රාමික සුවය පසෙකලා සේවය කිරීම ඉතා පැසසිය යුතු කාරණයක්... නමුත් මට ඇති පැනය නම් මේ විශ්‍රාමික රියදුරන්.. ඔවුන්ගේ සේවා කාලය තුළ කිසිම දවසක උද්ඝෝෂණ කර නැතිද? කර ඇති නම් මෙය දෛවයේ සරදමක් නොවේද? ඒ වගේම මගේ මතයත් සාමාන්‍ය ජනයා තලා පෙලා මේ කරන උද්ඝෝෂණ (ඕනෑම සේවයක) කිසිමවිටක සාධාරණ නැත...
මේ සේරම ගෙදර යවන්න. කිසිම සාකච්ඡාවක් දෙන්න එපා. හමුදාවේ මහත්තුරු ගෙන්නලා දුම්රිය දෙපාර්තමේන්තුව කරවන්න.වැඩිම වුනොත් මාසයක් යනකල් ප්‍රශ්න ඇතිවෙයි .මේවා සහ ගහන අපරාධ.
හරියට හරි... මේවා දේශපාලන කුමන්ත්‍රණ.. එදා ජේ.ආර්. කළා වගේ සියලු දෙනාම දොට්ට දාන්න මහජනයා මේ කරදරයෙන් මුදාගන්න ගරු ජනාධිපති උතුමාණනි...!!!
රට ගැන ජනතාව ගැන හිතලා වර්ජකයන් රැකියාවෙන් දොට්ට දාන්න හමුදාව, පොලිසිය, විශ්‍රාමික දුම්රිය රියදුරන් යොදවා මහජනයාට සහන සලසන්න ගරු ජනාධිපති උතුමාණනි, අපි නැවතත් ඔබතුමාව ජනාධිපති කරවනවා.
වර්ජනය කරන දින ගණනට පඩි රහිත නිවාඩු දෙන්න. එතකොට නිකම්ම වැඩට එනවා. මේවාට මැකියාවෙලීගේ නීති ක්‍රමය ගේන්න ඕනේ. අසාධාරණ විදිහට වර්ජනය නිර්මාණය කරන අයගේ ගෙවල් වලට ගිහිල්ලා කතාකරන්න ඕනේ. ප්රජාතන්ත්රවාදය හෝ නිදහස කියන්නේ මේ වගේ වර්ජන වලට නෙමෙයි.පුලුවන්නම් සියලුම රියදුරන් අස්කරලා අලුතින් බදවාගන්න. දුම්රිය රියදුරන් විතරද අපේ රටේ රාජකාරි කරන්නේ? මීට වඩා වැඩි වගකීම් දරන අය පෞද්ගලික අංශවල වැඩ කරන්නේ නැද්ද? දුම්රියක් පදවන අයට ඔය හැටි පඩි දෙන්න ඕනෙද?
හමුදාවේ අය තමුන්ට සාධාරණයක් ඉල්ලා උපවාස කරනවා. මේ මිනිස්සු පොහොට්ටුවට බැන බැන හමුදාවේ උදව් හොයනවා. ලැජ්ජයි...