
(අතුල බණ්ඩාර - දයාරත්න ඇබෝගම)
වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසු චක්‍රලේඛයක් මගින් අත්හිටවූ, පසුගිය ආණ්ඩුව මගින් 2016-2019 අතර කාලයේ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබුවන්ට 2020.01.01 සිට ගෙවීමට කටයුතු කර තිබු විශ්‍රාම වැටුප වහාම ලබාදෙන්නැයි ඉල්ලමින් පාගමනක් හා උද්ඝෝෂණයක් අද දහවල් අනුරාධපුර නගරයේදී පැවැත්විණි.
විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ අනුරාධපුර ශාඛාවේ මෙහෙයැවීමෙන් පැවැති මෙම පෙළපාලියට එක්වූ විශ්‍රාමිකයෝ අනුරාධපුර නගරයේ ඩී .එස්.සේනානායක වටරවුම අසල සිට මහාවීදිය ඔස්සේ ඔරලෝසු කණුව වටරවුම දක්වා ගොස්, එතැනදී පැය භාගයකට වැඩි කාලයක් උද්ඝෝෂණයේ නිරතවූහ.
මේ පෙළපාලිය හා උද්ඝෝෂණය නිසා නගරයේ දැඩි වාහන තදබදයක්ද ඇතිවූ බැවින් වාහන හැසිරවීමට අනුරාධපුර පොලිසියටද මැදිහත්වීමට සිදුවිය.



COMMENTS
අලි දෙන්නං කොටි දෙන්නම් කියලා බලය ගත්ත අයයි, ඒ පොරොන්දුවලට රැවටුණු අයයි දෙගොල්ලෝම දක්කන්න ඕන අංගොඩ රෝහලට කියලා පැහැදිලියි.
2016 ට පෙර විශ්‍රාමික අයට ලැබෙන්නේ 2006 වර්ෂයේ පැවැති වැටුපට අදාල වැටුපක් වත්මන් අගමැතිතුමා..., ඔබලාගේ වැටුප් 2016ට පෙර අයටත් ගැලපෙන සේ සකසන බව කියලයි ප්‍රමාද කළේ.. අපිත් ඔය ඉල්ලීමට කැමති වුණත් රටේ තත්ත්වය අනුව ඉවසනවා.
විශ්‍රාම ගිය නිලධාරීන් සඳහා නිකුත් කරන ලද නිල ලිපියක් මගින් සඳහන් කර ඇති ලිපියක් තුළ සටහන් කර තිබෙන මුදල බලයට පැමිණි රජයක ඇමතිවරු පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේ දී කපා හැරීම සඳහා අත් ඔසවා සහයෝගය දැක්වූ ඉතිහාසයේ පළමු වතාව මෙයයි. මෙම මුදල රුපියල් දසදහසේ සිට විසිපන්දාහ දක්වා වෙයි. මෙම තත්වයට හේතුව වන්නේ මෙහි සත්‍ය දන්නේ ගොදුරු වූ අසරණ වැඩිහිටියන් පමණක් වීමයි.. හැමදේම අල්ලාගෙන කෑ ගහන විපක්ෂය පවා මේ සඳහා අවශ්‍ය නිසි බලපෑම් සිදුකර නැත. මේ සඳහා අවශ්‍ය නිසි බලපෑම් සිදුකරන ජනමාධ්‍යයට අසරණ විශ්‍රාමිකයින්ගේ ප්‍රණාමය පුදකරමු...