(ඩයනා උදයංගනී)
කොරෝනා තත්ත්වය අවසන් වන තුරු පැවැත්වෙන විවාහ මංගල උත්සව සදහා සහභාගී කරවා ගත හැක්කේ උත්සවය පැවැත්වෙන ශාලාවේ ධාරිතාවයෙන් 40%ක් පමණක් වන අතර සහභාගී වන උපරිම පිරිස 100කට සීමා කළ යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය සහ ආහාර සුරක්‍ෂිතතා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ලක්‍ෂ්මන් ගම්ලත් මහතා පැවසීය.
ඒ අනුව 100 දෙනෙකුට උත්සවය පැවැත්වෙන ශාලාවට වඩා වැඩි පිරිසක් ඇතුළු කරගැනීම නීති විරෝධී බව ද නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සදහන් කළේය.
එසේ 100 ක් සහභාගී කරවා ගැනීමේදීද ශාලාවේ ප‍්‍රමාණවත් ඉඩකඩක් තිබිය යුතු බව ඔහු ප‍්‍රකාශ කළේය.
යම් හෙයකින් උත්සවයට සහභාගී වූ අයකුට කොරෝනා වැළදී ඇතැයි තහවුරු වුවහොත් එයට එක්වූ පිරිස හදුනාගැනීමේ හා නිරෝධායන කටයුතුවලට යොමු කරවීමේ පහසුව සළකා මෙම පියවර ගත් බව ද වෛද්‍ය ලක්‍ෂ්මන් ගම්ලත් මහතා කීවේය.
නිරෝධායන පනතට අනුව නිසි බලධරයා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සමග සාකච්ඡා කර මෙම තීරණය ගත් බව ද හෙතෙම පැවසීය.
පවතින තත්ත්වය අනුව විවාහ උත්සව පැවැත්වීමේදී මතුවන ගැටලූ සම්බන්ධයෙන් ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් හෝ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාගෙන් විමසා කටයුතු කිරීම වැදගත් බව ද ඔහු කීවේය.
එමෙන්ම විවාහ උත්සව ආදී උත්සව පැවැත්වෙන ශාලාවල ගෘහ භාණ්ඩ පිරිසිදු කර විෂබීජහරණය කිරීම, ශාලාවට ඇතුළු වන ස්ථානයේ අමුත්තන්ට දෑත් සෙදීමේ පහසුකම් සැලසීම, එම ජලකරාම වැලමිටින් හෝ පාදයෙන් ක‍්‍රියා කරවිය හැකි ඒවාවීම, ශාලාවට ඇතුළුවීමට පෙර සියලූ අමුත්තන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්‍ෂා කිරීම, සියලූ අවස්ථාවලදී අමුත්තන් අතර මීටරයක පරතරයක් පවත්වා ගැනීම, උත්සව ශාලාව ප‍්‍රමාණවත් වාතාශ‍්‍රයක් ලැබෙන සේ සැකසීම, සිපගැනීම සහ අතට අතදීමෙන් වැළකීම, වීදුරු පිගන්, හැදි ආදිය අමුත්තන්ට හවුලේ භාවිතා කිරීමට නොදීම, ආහාර බුෆේ ආකාරයට ඇතිවිට ඒවා බෙදාදීම සදහා වෙනම සේවකයන් පත්කිරීම, කණ්ඩායම් වශයෙන් ඡායාරූප ගැනීමෙන් වැළකීම, උත්සවය අවසානයේදී ශාලාව පිරිසිදු කර විෂබීජහරණය කිරීම, අමුත්තන් ද නිවෙස්වලට ගිය වහාම පිරිසිදුවීම ආදී පියවර අනුගමනය කළ යුතු බව ද හෙතෙම සදහන් කළේය.
මීට අමතරව අනුගමනය කළ යුතු තවත් උපදෙස් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති කොවිඞ් 19 වැළැක්වීමේ මාර්ගෝපදේශ සංග‍්‍රහයේ ඇතුළත් කර ඇති බව ද ඒ මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටගොන්නක් බීගත්තම ඔය ඔක්කොම කොරයි හරියටම. විවාහේ කොරගන්නම ඕනනම් ඕනවෙන්නේ අනිවාර්ය 5යි. රෙජිස්ට්‍රාර් මනාලයා මනාලිය සහ සාක්ෂි දෙදෙනා තවත් අමතරව ඕනම නම් ඡායාරූපකරු. දෙමව්පියන් සහ පවුලේ අය සමග වැඩිම 15යි.
ඔය විවාහ උත්සවවල ඔය කියන මීටරේ පරතර තියාගන්නේ නැහැ.. කාලා, බීලා, එකට නටලා විනෝද වෙනකොට ඕවා කරන්න බැහැ. ලොකු විවාහ උත්සව තව මාස 3කට තහනම් කරන්න. විවාහ වෙන්න කැමති කෙනෙකුට 10-20 විතර ඉන්න පොඩි චාම් උත්සවයක් ගන්න කියන්න. එ්කට කැමති නැති කෙනෙකුට මාස දෙක තුනක් ඉවසන්න කියන්න...
ලක්ෂම කීයක් ඉතුරුද? ඒ සල්ලි වලින් දෙයියනේ කියලා රටට, ලෝකෙට ණය නොවී එක්කෝ වැඩිදුර ඉගෙන ගන්න පුළුවන්. නැත්තන් වෙනත් ප්‍රයෝජනයක් ඇති දේකට යොදවන්න පුළුවන්. එක්කෝ දෙන්නා එක්ක වෙන රටකට ගිහින් හොඳ ජිවිතයක් ගත කරන්න පුළුවන්. රටට, ලෝකෙට ණය වෙලා කොහෙවත් ඉන්න හාර, පන්සියක් ගෙනැල්ල කන්න බොන්න දෙන්න ඇත්තටම අපිට පිස්සු නෑනේ... හරියට මගුලක් ගන්න නම් මනාලියගේ ගෙදර අයයි, මනමාලයාගේ ගෙදර අයයි තව දෙන්නගේ හොඳම යාළුවො දෙන්නෙකුයි හිටියා නම් හොඳටම ඇති. සීයත් වැඩියි මම නම් කියන්නේ. උපරිම 25ක් කළානම් හොඳටම හොඳයි. කවුරුත් තරහ වෙන්නෙත් නෑ. සල්ලිත් ඉතුරුයි. වැඩෙත් කෙරෙනවා. කොහෙද අපේ අයට කපල් එකට හෙනගහලා ගියත් කමක් නෑ... රටට, ලෝකෙට පේන්නනේ වැඩ. අන්තිමේ ඉන්නවා හිඟා නොකා හිඟා කකා. අවුරුදු දහය, පහළව ණය ගෙව ගෙවා. කවුරුවත් ඉදිරිය ගැන හිතන්නේ නෑ. ඊට පස්සේ ඉන්නවා ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ...
ඇයි අමතකද? 1970-1977 දක්වා පරිච්ඡේදයේදී විවාහ උත්සවය සඳහා 100ක් සහභාගී වනවිට සංග්‍රහ සඳහා දිය හැකිව තිබුනේ බීම වීදුරුවක් හා කේක් කෑල්ලක් පමණි. නරකද ඒ ක්‍රමවේදය කොරෝනාටත් යෙදුවොත්. විවාහය සඳහා යන වියදම මනාල යුවලගේ අනාගත සුබසිද්ධිය සඳහා යෙදෙව්වොත්...
කරුණාවෙන් සලකන්න... මේ නීති ඡන්දය තියන දිනයට පමණක් පවත්වන විවාහ උත්සවවලට අදාල නොවන බව සලකන්න...
ඡන්දේ ඉක්මණින් තියන්න ඕන නිසා මේවා මෙහෙම ඉවක් බවක් නැතුව ලිහිල් කරන්නේ. 25කට සීමා කරන්න ඕන හරිනම්. මේවායෙන් වෙන්නේ නිකමට හරි කොරෝනා තියෙන කෙනෙක් හිටියොත් වටේටම ආයේ බෝවෙන එකයි. මිනිස්සු මළත් කමක් නෑ ඡන්දේ තියමු. ගිය ආණ්ඩුවට වඩා උද්දච්ච ආණ්ඩුවක් මේක...
ඒ කියන්නේ 100ක් ආවට කමක් නෑ. එකසිය එක් වෙනියා තමයි වාහකයෙක් වන්නේ... හරි එහෙමනම් සීයකට ආරාධනා කර මුලින්ම පැමිණෙන සියදෙනා ඇතුලත් කරගෙන ඊට පසුව පැමිණෙන එකසිය එක් වෙනි පුද්ගලයා පැමිණෙන තුරු මග රැකසිට කහ වතුරින් පහරදී, ගස් බැඳ ළඟම ඇති පොලිසියට හෝ නාවික හමුදා කඳවුරට බාරදීම සුදුසු බව මගේ මතයයි...
කවුද මේ ගාන හදපු කෙනා...?
මෝඩ වෙන්න එපා.. හෝටල් කාරයෝ පොහොසත් කරන්න එපා. ළඟම නෑදෑපිරිස් ගෙන්වාගෙන සුළු වියදමකින් චාරිත්‍ර වැඩ කරන්න පුරුදු වෙන්න. ඔතැනින් ගියාට පසු කිසිවෙකුට මගුල ගැන මතකයක් නැහැ. කාපු, බීපුවාවත් මතක නැත.
මෙතන අදහස් දන හුඟ දෙනෙකුට අමු කැවිලා වගේ. මංගල උත්සව වලට මත්පැන් දීම තහනම් මා දන්නා තරමින්. අද මට මංගල උත්සවයකට ඇරයුම් ලැබුණා. ආරාධනා කරපු මගේ ඥාතියා කිව්වා මත්පැන් නැහැ කියලා. සියලු අමුත්තන් මුඛ ආවරණ පළඳින්න ඕනේ. මීටරයක පරතරය තියාගෙන ඉන්න ඕනේ කියලා. රජය උත්සාහ කරන්නේ හැකිතරම් මහජනයාට පහසුකම් සලසන්නයි. සියලු දේ දිහා රිනාත්මකව බලන්න එපා. ටිකක් ධනාත්මකව සිතන්නට පුරුදු වෙන්න. රජයකටවත් ද්වේශ කරන්න එපා. තවත් ගොඩක් නීති තියෙනවා මේ සම්බන්ධව. ඒවා ඔක්කොම තියෙන්නේ මහජන සුබ සිද්ධිය සඳහා බව සලකන්න.