(සිතුම් චතුරංග)
වවුනියාව, කොවිල්කුලම ප්‍රදේශයේ ඉඩමක තිබී බෝම්බ පිපිරවීම සඳහා යොදාගන්නා ඩෙටනේටර් සහ වයර් තොගයක් අද (29) දහවල් සොයාගත් බව වවුනියාව පොලිසිය කියයි.
වවුනියාව ගුවන් හමුදා කඳවුර පිටුපස භූමියේ පෞද්ගලික ඉඩමක්තුල තිබී මෙම ඩෙටනේටර සහ වයර් සොයාගත් බව පොලිසිය පවසයි.
එම ස්ථානයේ තිබී ඩෙටනේටර දෙකක්, බෝම්බ පිපිරවීම සඳහා යොදාගන්නා අඩි 100ක් පමණවූ වයර් සහ බෝම්බයක කොටසක් සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.
ඉඩමේ හිමිකරු විසින් ඩෝසර් රථ යොදා ඉඩම ශුද්ධ පවිත්‍ර කිරීම්වල යෙදී සිටියදී මෙම ඩෙටනේටර හමුවී තිබේ.
පොලිසිය පැවසූයේ පසුගිය යුද සමයේ වවුනියාව ගුවන් හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කිරීම සඳහා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් රැගෙන ආ ඩෙටනේටර බවට සැක පළකරන බවයි.
සොයාගත් ඩෙටනේටර් හා වයර් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ විනාශ කිරීමට නියමිතය.
අදාළ ස්ථානයේ තවදුරටත් පුපුරණ ද්‍රව්‍ය තිබේද යන්න සොයා වවුනියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd