
(අජන්ත කුමාර අගලකඩ)
අයවැය කාරකසභා අවස්ථා විවාදයේදී අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව දෙන්නැයි ආණ්ඩු පක්ෂයේ හා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
ආණ්ඩුවේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් තිස් පස් දෙනකුගේ අත්සනින් යුත් ලිපියක් කතානායකවරයා වෙත බාර දෙමින් ඔවුන් මෙම ඉල්ලීම කර ඇත.
ආණ්ඩු පක්ෂයේ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ,සමගි ජනබලවේගයේ නයනා ගමගේ සහ දෙමළ ජාතික සන්ධානයේ චාල්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරු කතානායකවරයාට අද (07) දහවල් එම ලිපිය භාර දුන්හ.
විපක්ෂයේ මන්ත්‍රීවරයකු සාම්ප්‍රදායිකව අයවැය කාරක කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ කළ යුතු වුවද ,සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට නොපැමිණීම නිසා ,එය මගහැරී ගොස් ඇති බවත්, ඒ හේතුවෙන් මන්ත්‍රීවරුන්ට ඒ ඒ අමාත්‍යාංශවල වැය ශීර්ෂ සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව නොලැබෙන බවත් ඔවුන් සිය ලිපිය මගින් පෙන්වා දී ඇත.
එබැවින් මේ සම්බන්ධයෙන් වහා අවධානය යොමුකර මන්ත්‍රීවරුන්ට සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව දෙන්නයි එම මන්ත්‍රීවරුන් කතානායකවරයාගෙන් ඉල්ලා ඇත.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
738
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
විවාදය ඉල්ලා කතානායකට ලිපියක්