(ජයන්ත සමරකෝන්)
වැලිකඩ හා දුම්බර බන්ධනාගාරවල රඳවා සිටි මරණ දඬුවම නියමවූ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා සහ මොහොමඩ් නව්ෆර් නොහොත් පොට්ට නව්ෆර් නැමැත්තන් වහාම ක්‍රියාත්මක වන පරිදි දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇතැයි බන්ධනාගාර මූලස්ථානය කියයි.
ඒ සමඟම ඉකුත් දා සිරදඬුවම් නියමවූ කන්ජිපානි ඉම්රාන් නැමැත්තා ද බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇත.
මොවුන් තිදෙනා පොලිසියේ සහ බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ බූස්ස බන්ධනාගාරයට මාරුකර යැවූ බවද ඔවුන් දැඩි ආරක්ෂාව යටතේ එහි රඳවා ඇති බවද බන්ධනාගාර කොමසාරිස් (පාලක) බන්දුල ජයසිංහ මහතා පැවැසීය.
බන්ධනාගාරගතව සිට මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන බවට බන්ධනාගාර බුද්ධි අංශ මගින් ලබාදී ඇති වාර්තා අනුව තවත් සිරකරුවන් රැසක් ඉදිරි දිනවල මාරුකර යවන බවද ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාරු කරලා යැව්වට වැඩක් නැහැ. ඔවුන්ගේ සන්නිවේදන ක්‍රියාමාර්ගයන් අවහිර කළයුතුයි. විශේෂයෙන් දුරකථන ජෑමර් සවිකළ යුතුයි. සමහර ජේලර් මහතුන්ට සල්ලි දීලා අැතුළට ඕනෑදෙයක් ගෙන යා හැකි නිසා ඔවුන්ටත් එක්කම රැහැන් රහිත දුරකථන අවහිරකළ යුතුයි.
මේ තුන්දෙනාගෙයි ගෝඨාගෙයි ඇති වෙනස මොකක්ද? මේ තුන්දෙනා වැරදි කරපු නිසා ඒවාට වන්දි ගෙවනවා... නමුත් බලයක් නැහැ. ගෝඨා වැරදි කරලා කට්ටි පනිමින් අධිකරණය නොමග යවනවා බලය තියෙන නිසා... ඉදිරිපත් වෙන්න ඕනෑ විදුලි පුටුවට මිසක් ජනාදිපති පුටුවට නෙමේ... අයියලා, මල්ලිලාට මෙවර ඡන්දෙන් පෙන්වන්න ඕනෑ ජනතාවගේ බලය නීතිය කාටත් පොදුයි කියන එක... කිසිම රටක නොවෙන දේවල් අපේ රටේ වෙන්නේ..
Chathuriට විකාර වගේ... පරක්කු නොකර අංගොඩ ගෙනියන්න.
මේ අය ඡන්දෙ ඉල්ලුවෝතින් මොවුන්ටත් කතිරේ ගහන අය නැතුව නෙමෙයි මේ රටේ... පේනවනේ මේ දවස්වල කම්බ හොරුන්ට කඩේ යන හැටි මෙලෝ රහක් නැතුව...
සිරකරුවන්ද මනුෂ්‍යයන් නිසා මේ අයට ජනපතිවරණයට ඉල්ලන්න අවස්ථාව දෙන්න විදියක් නැද්ද?
ඝෝඨාභය මහත්මයා කොහොමද මේවගේ රටට වින කරපු කාලකන්නි එක්ක සසඳන්නේ...? Chathuriත් නව පරපුරේ කෙනෙක්ද දන්නෙ නෑ
වැඩිකල් යන්න මත්තෙන් ඒ පැත්තේ කෝටිපතියෝ බිහිවෙන්න පටන්ගනී.
තව එක්කෙනෙක් දාන්න එතකොට කැරම් සෙල්ලම් කරන්න පුළුවන්
හොඳයි අපරාධ කාරයෝ එකට තිබ්බම සෙට් වෙයි තව අපරාධයකට.
චතුරි බය නැතුව ලියන්න ඕනදේ ලිව්ව.. පත්තරෙ බය නැතුව ඒක දැම්ම..
වෙලා තියෙන්නේ වෙන දෙයක්....
අපි කන්ජිපානි මහතාට ඉක්මනින් නිදහස පතනවා. දුප්පතාගේ හිතවතා ජාති බේද ඔහු ළඟ නැහැ .
ඔයා හිතන්නේ රණවිරුවන්ට විතරක් යුද්ධ කරන්න පුළුවන් කියලද ? එහෙනම් හොයල බලන්න වඩමාරච්ච්චි මෙහෙයුම ගැන . ජෙනරාල්ව තුවාල වෙලා රත්මලානට අරන් එද්දී මොකද උනේ කියල . හමුදාවට ඕන පරිසරය හැදුවේ මහින්ද .
චතුරි.. අවුරුදු 30ක් යුද්දෙ තියනකොට ඔය හමුදාවම තමා ලංකාවේ හිටියෙ. ලංකාවෙ රණවිරුවො යකෙකුටවත් බය නැති උනාට නිවැරදි දේශපාලන නායකත්වයක් නැතුව හමුදාවට ඕන විදිහට යුද්ධ කරන්න බැරි බව නොතේරීම පුදුමයක්
බමුණා විතරයි අඩු මෙතන
වෙලේ සුදා, පොට්ට නව්ෆර්, කංචිපානි සහ 19 ව්‍යවස්ථාවට අත උස්සපු ඔක්කොම එල්ලුම් ගහට...
වෙලා සුදා සහයෝගය දෙනවා ඇත්තෙත් නන්දසේනට.. මොකද ඉතින් අර කුඩු සිල්වා ණයට සල්ලි අරගෙනත් තියෙනවානේ වෙලේ අයියාගෙන්.. ඒ වගේ ළඟම හිතවත්තු තමයි.
චතුරිකා වගේ කාන්තාවන් මේ රටට වාසනාවක්...
"මෙයාලා වගේ කඩේයන්න ඉගෙනගත්තා නම් ලංකාවට ජය ශ්‍රී..!! යුද්ධය ඉවර කලේ හමුදාව මිස දේශපාලකයන් නොව..." හලෝ දන්නා මගුලක් කතා කරන්න. " දේශපාලකයන් නොව.." නම් 1983 සිට 2005 දක්වා හිටිය හමුදාවට තිබුණනේ යුද්ධය දිනා ගන්න. මොකද බැරි වුනේ? තව ගොඩක් ඔහෙට ඉගෙන ගන්න තිබෙනවා. මහින්ද පැරදුනේ ඔහෙලාවගේ 62ක් හිටියා ලණු කාපු අය... ඒ නිසයි අර චතුරිලා වගේ අය නිසා. නැතිනම් රට බේරා දුන්නු මහින්ද අමතක කරලා රට දෙමළාට පාවාදෙන්න හදපු රනිල්ට කඩේ යන්නේ කව්ද?
ඔක්කොම හොරු තමා නමුත් වැඩ කරන මහබැංකුව වගේ කරටියම කඩාගෙන කන්නේ නැති කෙලින් වැඩකරන පාවා නොදෙන තක්කඩියා තෝරාගන්න එක ඔබලාගේ වැඩක්
ආවුද පෙන්වන්න. එක්ක යන්න. ඕන කාලකන්නි. එවුන් හිරේ තියන් අපේ සල්ලි වලින් කන්න දිදී සැප දීපල්ල තවත්..
වෙලේ සුද, කංජිපානි තමන්ගේ මිතුරියන්ට ජනතාවගේ සල්ලිවලින් මාසෙකට මිලියන 21ක් කවදාවත් ගෙවා නැත...