(පාලිත ආරියවංශ)
වැල්ලවාය ඇතිලිවැව,මීගස්අරාව පුබුදුවැවදී අද (14) සිදුවූ වෙඩි තැබීමකින් 41 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට පත්ව ඇත්තේ වයි.ඊ. ලාල් ප්‍රේමකුමාර නමැත්තෙකි.
සැකකරු මරණකරුගේ බිරිඳගේ සොහොයුරා වන බවත් එකම නිවසක ජීවත්වන මේ දෙදෙනා අතර හේනක් පිළිබඳව ඇතිවූ බහින් බස්වීමකින් පසු මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd