(දිලීප් ජයසේකර)
වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරයකු සිදුකළ පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයන් තිදෙනකුගෙන් අසාධ්‍ය තත්වයේ පසුවූ පිය පුතු දෙදෙනකු අද (24) හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ කාංචනා නිවස, තරුණ සේවා පාර, කිතුල්කොටේ, තණමල්විල පදිංචි 38 සහ 13 හැවිරිදි පිය පුතු දෙදෙනෙකි.
මුහුණු පොතේ පළ වු පුවතක් සම්බන්ධයෙන් වු කතා බහක් දුර දිග යාම හේතුවෙන් මෙම පහර දිම සිදුව ඇතැයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
පහර දීමෙන් තුවාල තබා ඇති පුද්ගලන් තිදෙනා තණමල්විල රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් බරපතල තත්වයේ පසු වූ පිය පුතු දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.
සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනිම සදහා තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්වල හිටපු මදාවි බේබද්දන් විශාල පිරිසක් රැල්ලට අහුවෙලා පාප්ප බාල්දි උස්සලා, අනුන්ගේ කොඩිවැල් කපලා, ඇවිත් 'මන්ත්‍රීවරු' බවට පත් වුණා. ඔවුන් සුදු රෙද්දෙන් තමන්ගේ අතීත දුරාචාරකම් වහගන්න හැදුවත් වරින්වර සැබෑස්වරූපය එළියට දානවා.