(බිගුන් මේනක ගමගේ සහ තරිදු ජයවර්ධන)
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ ඉන්සාෆ් අහමඩ් නැමැත්තාට අයත් වැල්ලම්පිටියේ පිහිටි තඹ කම්හලේ සේවය කරමින් සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් නවදෙනකුට අලුත්කඩේ අංක දෙක උසාවියේ මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා පොලිස් විරෝධය නොතකා ඇප ලබා දුන් බවටත්, එය නඩු වාර්තාවේ සඳහන් කර නොමැති බවටත් චෝදනා කරමින් වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාන මහතා අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් කර ඇත.
සැකකරුවන්ට ඇප නොදෙන ලෙස පොලිසිය කළ ලිඛිත හා වාචික ඉල්ලීම් නොසලකා ඇප ලබා දී ඇති බවටත් එහි ප්‍රතිඵලයක් ලෙස තමා ඇතුළු නිලධාරීන් කිහිපදෙනකුට එරෙහිව පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවටත් හේවාවිතාන මහතා තම පැමිණිල්ලේ සඳහන් කර ඇත.
එම නිසා මේ සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් කරන්නැයි අධිකරණ සේවා කොම්සමෙන් ඉල්ලා සිටින බවද එහි සඳහන් වේ. සැකකරුවන්ට ඇප ලබා දීමට පොලිසිය දැඩි ලෙස විරුද්ධ වූ බවට මෙම නඩුවේම විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීවේදී පිටිගල කංකානම්ලාගේ දොං වසන්ත මහතා දිවුරුම් ප්‍රකාශයක් මගින් පවසා ඇතැයිද එම පැමිණිල්ලේ සඳහන් වේ.
දුරකතන විශ්ලේෂණ වාර්තා ඔස්සේ කරන ලද විමර්ශනයේදී මෙම සැකකරුවන් සිම්පත් දෙකේ සිට අට දක්වා සංඛ්‍යාවක් ළඟ තබාගෙන ඇති බවත්, ඔවුන් අපරාධය සඳහා පැහැදිලි අවබෝධයෙන් කටයුතු කර ඇතැයි විමර්ශනයේදී පෙනී ගොස් ඇති බවත් අධිකරණයට වාර්තා කළ බවද පොලිස් ස්ථානාධිපතිවරයා සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.
කොළඹ අපරාධ කොට්ටාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී උදය හේමන්ත මහතා පසුගිය අප්‍රේල් මස 21 දින රාත්‍රියේ කළ දැනුම්දීමක් මත වැල්ලම්පිටියේ පිහිටි කොලෝසස් නැමැති තඹ කම්හලට ආරක්ෂාව යෙදූ බවත් පසුව ඔහුගේ උපදෙස් මත පුද්ගලයන් නව දෙනකු පොලිස් බාරයට ගත් බවත් පොලිස් ස්ථානාධිපති ගාමිණී හේවාවිතාන මහතා සඳහන් කර තිබේ.
COMMENTS
කොහොමද අපේ නීතියේ ආධිපත්‍යය? ඔන්න ගරු අධිකරණය...
එක බොරුවක් වහන්න බොරු 500ක් ගොතනවා. බලහන්කෝ බන් විත්තියේ නීතිඥයා දිවුරුම් ප්‍රකාශයකුත් දෙනවලු. මේ වගේ සුරංගනා කථා ගොතලා පුලුවන්ද මිනිස්සු රවටන්න..? මෙන්න අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරනවා නම්... කොහෙවත් නැති හාල් කෑලි අත්අඩංගුවට ගන්නේ නැතුව...
රන්ජන් රාමනායක නිවැරදිද?
රංජන් රාමනායකගේ නඩුවට සාක්ෂි එකතුවෙනවා.
මෙය බරපතල චෝදනාවක්... වැටත්, නියරත් ගොයම්කා නම් කාට කියමුද ඒ අමාරුව...?
පොලිසියෙන් කරන ඉල්ලීම් සැමටම විනිශ්වරුන් එකඟ වෙන්න පොරෝදුවී නැත.
ඇයි බන් මෙහෙම බොරු කෙළින්නෙ ..? විත්තියෙ නීතිඥ වරයාගෙන් දිවුරුම් ප්‍රකාශයක් මොකටද...? එකත් හරියට හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ. ඔයා හරියට රාජකාරිය කලානම් මහත්තයො මේක වෙන්නෙ නැහැ ..එක්කො ඔයා සල්ලි ගත්තා නැත්නමි කාගෙ හරි ඉහලින් ආපු අණක් පිළිපැද්ද..එකයි ඇත්ක..රටේ වගකිව යුතු අය පිස්සු නටන කොට සාමාන්‍ය ජනතාවට ගැන මොන කථාද...?
රන්ජන් රාමනායක නීතිය ගැන කියපු දේවල් මට සිහියට එනවා
උසාවි ගැන රංජා කියන කතාව ඇත්තක් වෙයි වගේ...
මේවා කියවනකොට සිංහල ජනතාවගේ ලේ උණු වෙන එක අහන්න දෙයක්ද?
ඉතාම බරපතල තත්වයක්... ලෝගුව යටින් ඉන්න අය කවුද කියා සැකයි.
නීති නීති කියල කටවහගෙන ඉන්න එක ඇත්ත. නමුත් දැන් මේ ඇප දුන්න මහේස්ත්රාත්ට දඬුවන් කරන්නේ කවුද? ඔහු පසුපස සිටිනා හස්ත කවුරුද කියා හොයා බලන්නේ කවුද ?
ප්‍රියන්ත ලියනගේ මහේස්ත්‍රාත්ගේ වැඩ තහනම් කොට බන්ධනාගාරයට යවන්න.
මහේස්ත්‍රාත්වරයාට එරෙහිව වහාම පරීක්ෂණයක් ආරම්භ කල යුතුයි.
ලැජ්ජයි....
මෙතුමා කොච්ච්චර නින්දා අපහස වින්දද, පසුගිය දින කීපයේම, එ්ක තමයි කියන්නේ කලබල නොවී බුද්ධියෙන් විමසන්න කියලා... දැන් අර විනිසුරුට දෙන දඬුවම කුමක්ද? දාන්න ඕන හිරේ සදහටම...
රජය කෙරෙහි ජනතාවගේ විශ්වාසය, ගතවෙන සෑම මොහොතකම බිඳ වැටෙමින් තිබේ. ඇතිවී තිබෙන නොසන්සුන් තත්වයට හේතුව එයයි. මෙය පොලීසිය ඇතුළු නීති පද්ධතිය තුළ විශේෂයෙන් දක්නට ලැබේ. මාධ්‍යයට අනාවරණය වන්නේ සියයට 10කි. රජය නිසිලෙස කටයුතු කළේ නම් මේ සියල්ල වළක්වා ගත හැකිව තිබුණි. නමුත් ඔවුන් වගකීම් විරහිතව කටයුතු කර ඇත.
අසාත් සාලි කියපු කතාවේ ඇත්තක් තියෙනවා වගෙයි..
මේ අනුව තම ඒකමතික බලය උසාවිය තුළ හසුරවමින් හිතුමතේ කටයුතු කළ නඩුකාරයාට නීත්‍යානුකූලව දඬුවම් ලැබේදැයි බලා සිටිමු. ඔවුනට රටට හෙන ගැහුවත් කම් නැත. ඔවුන් ජීවත් වන්නේ පටු මනෝ ලෝකයකය. අධි මාන්නය විසින් ඔවුන් මෙහයවනු ලබයි.
බොහෝමයක් නඩුකාරයෝ මුදලට නැවෙනවා. ජනාධිපති වහාම මේ ගැන හොයා නඩුකරුට අච්චු කළයුතුයි.
ලංකාවට එරෙහි UN මුල් වෙඩිල්ල තියයි.. R2P සහිත පලමු නිවේදනය එයි.. ලංකාවට එරෙහි UN මුල් වෙඩිල්ල තියයි.. R2P සහිත පලමු නිවේදනය එයි.. ශ‍්‍රී ලංකාවේ ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය නිල වෙබ් අඩවියේ නිවේදනයක් දක්වා ඇත. ‘ආරක්‍ෂාව සදහා වගවීම’ යන්න ඇතුලත් හිසින් යුතුව එම නිවේදනය පල කර ඇත. බෞද්ධ බහුතරයක් වෙසෙන ශ‍්‍රී ලංකාව තුළ ඉස්ලාම්, කතෝලික ආදී අන්‍යාගමිකයින්ට ඒ ආගම් ඇදහීම සඳහා නිදහස තිබිය යුතු බවත්, ඒ සඳහා වන බාධා සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත් නිවේදනයේ දැක්වෙයි. ශ‍්‍රී ලංකාව තුළ සුළු ආගමිකයන් අවදානමකට ලක්ව සිටින බව නිවේදනයේ සඳහන් වෙයි.
සම්පූර්ණයෙන්ම වැරදි නඩු කාරයා. මහජන වැටුප් ලබන කෙනෙක්.. කවුරුත් ඇත්ත කතා කරන්න බයයි. හරිම පුදුමයි... දෙවියන් නෙමෙයි. වැරදිකරුවන් තරාතිරම නොබලා කියන්න.
බැලුවාම අසාද් සාලිගේ කතාවේ මොකක් හරි ඇත්තක් තියෙනව කියල මටත් හිතුනා.
කෙසේ වෙතත් මෙවන් වටපිටාවක ඇප දීම කිසිසේත්ම අනුමත කල නොහැක. මෙම මහේස්ත්‍රාත් වරයා පිළිබඳව විශේෂ විමර්ෂණයක් කලයුතු වේ. බලධාරීන්ගේ විශේෂ අවධානය යොමු විය යුතුය.
හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටලු.
අපේ රටේ පගාව ගන්නේ මොකාද කියලා හොයන්න බැහැ හැමෝම සුදු කර පටිකාරයෝ
කිතුල් ගහට ගියකෙනාටත් කියන්න දෙයක් තිබ්බලු නේ. දැන් අපට අයි.එස්.අයි.එස් අමතකයි, සහරාන් අමතකයි, බුර්කා තහනම අමතකයි, ෂරියා විශ්ව විද්‍යාලය අමතකයි, අරාබි පාසල් අමතකයි, කඩු කිනිසි අමතකයි, වහාබ් වාදය අමතකයි, විල්පත්තුව අමතකයි, අරාබි කොලනි අමතකයි, බෝම්බ සේරම අමතකයි. දැන් කතාව පෙට්ටි කඩ ගිනිතියන එක ගැනයි. ඉතින් අපට හරියයිද?
දැන් බලාගෙන ගියහම අසාත් සාලි කියපු කථාව ඇත්ත වගෙයි පෙනෙන්නේ!
ඔය එන්නේ එලියට...
නගනන්ද මහතා හරියට හරි.....
මේවට කතා කරලා වැඩක් නෑ... ගොඩක් අධිකරණ වල තත්වය ඔහොම තමා
මෙන්න බඩු අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න ඕනා ...විත්තියෙ නීතිඥයා ඇයි දිවුරුම් ප්‍රකාශයක් දෙන්නෙ ... ඇප දුන්න සියළු දෙනාගෙන් කට උත්තර ගන්න එවිට තිරය පිටු පස කවුද ඉන්න ලොක්කන් නිකම්ම එලියට ඒවි නේ...?
ස්වාධීනත්වය පැහැදිලිවම පේනවා....
ඇයි මතක නැද්ද, අපේ විල්පත්තුවා කිව්වා නේ අපේ පැත්තට මහේස්ත්‍රාත් වරුත් ඉන්නවා කියල.
පොලිචේ නිලධාරීන්ට මේ අනුව චෝදනා කිරීම පදනම් විරහිතයි.