IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වල්ලපට්ටා සමග අයෙක් දැලේ

(දෙනගම යසන්ත ආරියසේන)

කිරින්ද කඹුරුපිටිය පාරේ නිවසක පිටුපස කොටසේ පවත්වාගෙන ගිය වල්ලපට්ටා තෙල් සිදීමේ ස්ථානයක් වටලා එහි තිබි සුදු හඳුන් හා වල්ලපට්ට ශාකවල කොටස් තොගයක් හා සිදින ලද තෙල් හා උපකරණ සමග සැකකරුවකු  අත්අඩංගුවටගත් බව විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි.

විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමේදී වල්ලපට්ටා කිලෝ ග්‍රෑම් තුන්සිය හතලිස් එකක් සහ සුදු හදුන් කිලෝ ග්‍රෑම් තුන් සියයක් හා වල්ලපට්ට තෙල් මිලි ලිටර් එකසිය හැත්තෑ පහක් සහ තෙල් සිදිමට යොදාගන්නා උපකරණයක් ඇතුළු භාන්ඩ රැසක්ද පොලිස් බාරයට ගෙන ඇත. 

සැකකරු කිරින්ද ප්‍රදේශයේ පදිංචි පනස් පස් හැවිරිදි සැකකරු සහ සුදු හදුන් හා වල්ලපට්ටා තොගය හා ඇතුළු උපකරන හා තෙල්වැඩිදුර විමර්ශන සදහා අඩවි වන දෙපාර්තමේන්තුවේ මාතර කාර්යාලයට භාරදුන් බව විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පවසයි.



අදහස් (0)

වල්ලපට්ටා සමග අයෙක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site