(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමයට සමානකම් තිබෙන නමකින් කුමාර වෙල්ගම මහතා නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට කර ඇති ඉල්ලීමට විරෝධය දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අද මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
කුමාර වෙල්ගම මහතා ‘‘අපි ශ්‍රී ලංකා“ නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට කටයුතු කරමින් සිටින බව ද එමගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අගතියක් විය හැකි බව ද දයාසිරි ජයසේකර මහතාගේ පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අපි ශ්‍රී ලංකා යන නාමයන් දෙකම එක හා සමාන බවක් පෙනෙන බව ද එම නිසා කුමාර වෙල්ගම මහතාගේ නව පක්ෂයේ නාමය වෙනස්විය යුත් බව ද දයාසිරි ජයසේකර මහතා මැතිවරණ කොමිසමට කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.
COMMENTS
දැන් අපිට මෙච්චරයි අඩු තනිකරම බල තණ්හාව
සමාන අසමානකම් ඔතැනදී විතරයිද දැක්කේ...? කීදවසක් වැරැදුණාද?
දයාසිරි ජයසේකර මහත්තයලා හොඳටම බය වෙලා වගේ පේන්නේ. පැමිණිලි කරාට වැඩක් වෙන එකක් නැහැ. ශ්‍රී ලංකා සහ අපි ශ්‍රී ලංකා කියන්නේ නම් දෙකක් මිස එකක් නොවේ...
බතික් ඇමතිටයි, කෝටි 800 ක මන්දිරයේ ඉන්න හිටන් මහතාටයි පුළුවන් වෙයිද සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාව හැමදාම රවට්ටන්න?
මේ ඔක්කොම විකාර. ලංකාවේ තරම් දේශපාලන පක්ෂ ලෝකෙම නැහැ. බල ලෝභය විතරයි තියෙන්නේ. රටට වැඩ කරන්න දේශපාලන පක්ෂ ඕන නැහැ. වරප්‍රසාද, වරදාන බලාගෙන වැඩ කරන මොවුන් එළවා දාන්න ජනතාව පෙල ගැහෙමු.
දයාසිරි නුඹට දේශපාලන අනාගතය ගැන කියන්න දෙයක් නෑ. ඔබ දේශපාලන අනාථයෙක්...
වෙල්ගම මන්ත්‍රී තුමා... ඔබ ඔය අලුත් පක්ෂය හදාගෙන ඉදිරියට යන්න. ඔබතුමා වටා ශ්‍රීලනිප පාක්ෂිකයන් ඔක්කොම එකතු වෙයි. අද ශ්‍රීලනිප සිරිසේන අල්ලාගෙන බණ්ඩාරනායක වරුන්වත් පාවාදීලා එයා පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් ඇඟ බේරාගෙන ඉන්නේ...