IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


වෙල්ගමගේ අලුත් පක්ෂයට දයාසිරිගේ විරෝධය

(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමයට සමානකම් තිබෙන නමකින් කුමාර වෙල්ගම මහතා නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට කර ඇති ඉල්ලීමට විරෝධය දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අද මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

කුමාර වෙල්ගම මහතා ‘‘අපි ශ්‍රී ලංකා“ නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට කටයුතු කරමින් සිටින බව ද එමගින්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අගතියක් විය හැකි බව ද දයාසිරි ජයසේකර මහතාගේ පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අපි ශ්‍රී ලංකා යන නාමයන් දෙකම එක හා සමාන බවක් පෙනෙන බව ද එම නිසා  කුමාර වෙල්ගම මහතාගේ නව පක්ෂයේ නාමය වෙනස්විය යුත් බව ද දයාසිරි ජයසේකර මහතා මැතිවරණ කොමිසමට කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.



අදහස් (7)

වෙල්ගමගේ අලුත් පක්ෂයට දයාසිරිගේ විරෝධය

hira Wednesday, 07 July 2021 06:07 PM

දැන් අපිට මෙච්චරයි අඩු තනිකරම බල තණ්හාව

:       0       0

Jayasirisena - Girathalana.. Wednesday, 07 July 2021 06:09 PM

සමාන අසමානකම් ඔතැනදී විතරයිද දැක්කේ...? කීදවසක් වැරැදුණාද?

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 07 July 2021 06:19 PM

දයාසිරි ජයසේකර මහත්තයලා හොඳටම බය වෙලා වගේ පේන්නේ. පැමිණිලි කරාට වැඩක් වෙන එකක් නැහැ. ශ්‍රී ලංකා සහ අපි ශ්‍රී ලංකා කියන්නේ නම් දෙකක් මිස එකක් නොවේ...

:       0       0

Vithana Thursday, 08 July 2021 06:03 AM

බතික් ඇමතිටයි, කෝටි 800 ක මන්දිරයේ ඉන්න හිටන් මහතාටයි පුළුවන් වෙයිද සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාව හැමදාම රවට්ටන්න?

:       0       0

මුණසිංහ Thursday, 08 July 2021 06:45 AM

මේ ඔක්කොම විකාර. ලංකාවේ තරම් දේශපාලන පක්ෂ ලෝකෙම නැහැ. බල ලෝභය විතරයි තියෙන්නේ. රටට වැඩ කරන්න දේශපාලන පක්ෂ ඕන නැහැ. වරප්‍රසාද, වරදාන බලාගෙන වැඩ කරන මොවුන් එළවා දාන්න ජනතාව පෙල ගැහෙමු.

:       0       0

ලලිත් එම් Thursday, 08 July 2021 07:07 AM

දයාසිරි නුඹට දේශපාලන අනාගතය ගැන කියන්න දෙයක් නෑ. ඔබ දේශපාලන අනාථයෙක්...

:       0       0

wasudewa Thursday, 08 July 2021 08:11 AM

වෙල්ගම මන්ත්‍රී තුමා... ඔබ ඔය අලුත් පක්ෂය හදාගෙන ඉදිරියට යන්න. ඔබතුමා වටා ශ්‍රීලනිප පාක්ෂිකයන් ඔක්කොම එකතු වෙයි. අද ශ්‍රීලනිප සිරිසේන අල්ලාගෙන බණ්ඩාරනායක වරුන්වත් පාවාදීලා එයා පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් ඇඟ බේරාගෙන ඉන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1024 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1057 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 412 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site