(ක.ග.කරුණාරත්න)
වැලිකන්ද, මහින්දාගම ප්‍රදේශයේ පිහිටි රජයේ රක්ෂිත ඉඩමක තිබී විදේශීය රටක නිෂ්පාදනය කරන ලද ජීව අත්බෝම්බ 3ක් අද(18) හමු වූ බව වැලිකන්ද පොලිසිය කියයි.
පොලිසියට ලැබුණු තොරතුරක් මත එය සොයා ගැනීමට හැකි වී ඇත.
මෙම අත්බෝම්බ කවුරුන් ගෙනදැමුවේද යන්න සොයා පරීක්ෂණ පවත්වන බවද පොලිසිය පවසයි. පසුගිය යුදසමයේ ත්‍රස්තවාදීන් විසිනි රැගෙනවිත් අත්හැරදමන ලද ඒවාවිය හැකියැයි පොලීසිය සැක පළ කරයි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය මගින් මෙම බෝම්බ නිෂ්ක්‍රීය කර විනාශකිරීමට පියවර ගන්නා බව විමර්ශන කරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
වැලිකන්ද පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ආරක්ෂාව අනතුරේ. වහාම ක්‍රියාත්මක වෙන්න.