(ක.ග.කරුණාරත්න සහ නිමල් ජයරත්න)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමක් සම්බන්ධයෙන් වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා, උප සභාපතිවරයා සහ මන්ත්‍රීවරයකු සැකපිට අද (17) අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලීසිය කියයි.
පොලොන්නරුව,වැලිකන්ද ප්‍රදේශයේ ක්‍රියාත්මක කොරෝනා වෛරසය නිරෝධායන කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා වැලිකන්ද රෝහලට ගිය පොලොන්නරුව මහ රෝහලේ අධ්‍යක්‍ෂවරයා ඇතුළු වෛද්‍යවරුන් කණ්ඩායමකගේ රාජකාරියට බාධාකර සාපරාධී බලහත්කාරය පෑමක් සිදුකළ බවට එම වෛද්‍යවරුන් වැලිකන්ද පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති (එජාප) කවිඳු ප්‍රියන්ත අබේසූරිය, උප සභාපති (ශ්‍රී.ල.නි.ප) සමන්ත බණ්ඩාර සහ වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී (එ.ජා.ප) සම්පත් ප්‍රසාද් යන තිදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව විමර්ශන සිදු කරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඕෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් පරිදි වැලිකන්ද පොලීසිය මේ පිළබඳව පරීක්‍ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුසාන භූමි සමිතියක ලොක්කන් වෙලා මෙසේ හැසිරෙන්නේ නම් දියවන්නාව මරණාධාර සමිතියේ බලතල සහිත සාමාජිකයින් වුණොත් මොනවා කරාවිද..? මෙම උරගයින්ට නීතිය මගින් උපරිම දඬුවම් ලැබේවා..!!!