(නිමල් ජයරත්න)
පොළොන්නරුව වැලිකන්ද කරපොළ විල්ලුව ආශ්‍රිත භූමියෙන් අක්කර 50ක පමණ කොටසක් බැකෝ යන්ත්‍ර යොදා විනාශ කළේ යැයි කියන පුද්ගලයකු බැකෝ යන්ත්‍රයක් සමඟ අද(23) වැලිකන්ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයා වන අලි සහ වන සතුන් ගැවසෙන කරපොළ විල්ලුවේ ශාක කපා දමා, පුරාවිද්‍යා නටඹුන් විනාශ කර, විශාල වලවල් හාරා තිබූ බව පොලිසිය කියයි.
මෙම වන විනාශය ජනතාවගේ විරෝධයට ලක් වූ බවද, නාහිමිවරුන් දෙනමක්, තරුණයින්, පරිසරවේදීන් පිරිසක්, වැලිකන්ද පොලිසිය හා එක්ව මෙම වනවිනාශය නවතා දැමීමට කටයුතු කළ බවද පොලිසිය පවසයි.
කරපොළ විල්ලු ආශ්‍රිතව කපා දමන ලද දැව වලින් ගඩොල් පුළුස්සන පිරිසක්ද සොයාගත් බව පොලිසිය පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් පුදුම රටක්. මෙච්චර මිනිස්සු, නිලධාරීන් ඉන්න රටක ජනාධිපති වරයාගේ ප්‍රදේශයේ කැලේ අක්කර 50 ක් විනාශ කරන්න තරම් සමතා කවුද? අනේ ලංකාවේ නීතියක් ඇත්තෙම නැද්ද?
කවුද ඉතින් ඔය කියන පුද්ගලයා?
වත්මන් සියලුම ප්‍රාදේශීය සභා, පළාත් සභා වල ඉන්න සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලකයින් මේ රටට කරන හානිය සුළුපටු නොවේ. දැනටමත් ගොඩ ගැනීමට අසීරු අඩියක ඇති මේ දෙරණ විනාශ කරනා මොවුන්ට ස්වභාවධර්මයාගේ ශාපය ඉක්මනින්ම ලගා වෙනු ඇත.
අක්කර 50ක් විනාශ කරන කල් පොලීසිය පොල් ගෑවාද?
විල්පත්තු කපපු අයටත් මේ නීතියම ක්‍රියාත්මක කරන්න බයද