
(අජන්ත කුමාර අගලකඩ)
වැලිකඩ බන්ධනාගාරය පිහිටි අක්කර 42ක ඉඩම දිගු කාලීන බදු පදනම යටතේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සදහා ලබා දීමට රජය තීරණය කර ඇත .
ඉඩම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා දිගුකාලීන බදු පදනම මත ලබාදීමෙන් රුපියල් කෝටි 2630 ක පමණ මුදලක් ල්බාගැනීමට ඇස්තමේන්තු කර තිබේ .
වැලිකඩ බන්ධනාගාරය එම ස්ථානයෙන් ඉවත් කර ,හොරණ මිල්ලනිය ප්‍රදේශයේ අක්කර 280 ක පමණ ඉඩමක ඉදිකිරීමට රජය සැලසුම් කර ඇති අතර,බන්ධනාගාර මූලස්ථානය බත්තරමුල්ලේත්,නිල නිවාස සංකීර්ණය මාලබේ ප්‍රදේශයේත් ඉදිකිරීමට යෝජනා වී ඇත .
මෙම ව්‍යාපෘති තුන වෙනුවෙන් වැය වන මුදල වැලිකඩ බන්ධනාගාරය පිහිටි ඉඩම බදු දීමෙන් ලැබෙන මුදලින් පියවාගැනීමට ද යෝජනා කර ඇත .
වැලිකඩ බන්ධනාගාරය හොරණ මිල්ලනිය ට ගෙන යාම ,මූලස්ථානය බත්තරමුල්ලේ ඉදි කිරීම සහ නිල නිවාස සංකීර්ණය මාලඹේ ඉදිකිරීම යන ව්‍යාපෘති තුන සහ ඉඩම් පවරා ගැනීම සඳහා රුපියල් කෝටි 3147ක පමණ මුදලක් වැය වනු ඇතැයි ගණන් බලා ඇත .
COMMENTS
චීනාටද?
බන්ධනාගාරය විකිණීමෙන් ආදායම මිලියන 2670... වියදම මිලියන 3170 යි, මොකද්ද මේකේ වාසිය..?
හොද වැඩක්..... හිර ගෙවල් තැනිය යුත්තේ හිස් ඉඩම් බොහෝ ඇති මොනරාගල හෝ කයිට්ස් දූපත වැනි දුරස්ථ ප්‍රදේශ වලය.
චීනෙට නොවෙයි නේද දෙන්නේ...?
ඇමැතිතුමනි, අපිට සාධාරණයක් කරන්න දැන් කිසිම ආදායමක් නැහැ... පාර්සල් තාප්පෙට උඩින් යවනවා. වසර ගණනාවක පලපුරුද්ද අනුව වෙන වැඩක් කරන්න අපි දන්නෙත් නැහැ... හොරණ මිල්ලනියේ අපිට නිවාස ලබාදෙන්න..
අංක ගණිතයවත් තෙරෛන්නේ නැද්ද මන්දා
හරි ආසයි... රටේ මුදල් ටික එකතුවෙලා කොල්ල කනවා. ඊට පස්සේ රටේ සම්පත් ටික විකුණනවා... ඉන්න හිතෙන රටක් මේක..
ආදායම කෝටි 2630... වියදම කෝටි 3147...
මේ වගේ අමන වැඩ යෝජනා කරන, ක්‍රියාත්මක කරන වවාගෙන කන්නන්ගේ මෑණිවරුන් බද්දට දුන්නා නම් මීට වඩා හොඳයි...
කොමිස් ටිකයි, හොරාකන ටිකයි ගියාම ඉතුරු මුදල ගෙවන්නේ මහජනතාව... අන්තිමට ජනතාවට ඉඩමත් නෑ, සල්ලිත් නෑ.. දැන් සැපද අහන්න මයිනෙකුත් නෑ.
දුන්නා දුන්නම තමා ආයේ හම්බවෙන්නේ නෑ. මිනිස්සු රවට්ටනවා
හොඳම ගැහිල්ලක් ගහලා වගේ අයියලා, මල්ලිලා, බාප්පලා, මහප්පලා, පුතාලා... මේක වාසියක් වෙන්නේ කොහොමද? ඉඩම දිගුකාලීන බද්දට දුන්නාම ලැබෙන මුදලින් අර අලුත් හිරගේ හදන්නත් මදිනේ...