( ජයන්ත සමරකෝන්)
වැලිකඩ බන්ධනාගාර බුද්ධි අංශය විසින් බන්ධනාගාර කාන්තා අංශයේ සිදු කළ විශේෂ වැටලීමකදී එහි එසෙඩ් අංශයේ සඟවා තිබී ජංගම දුරකතන 28 ක් එම බැටරි 200,සිම්පත් 8 ක් ඇතුළු දුරකතන උපාංග තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම බැටරි බන්ධානාගාර තාප්පයට පිටින් පිහිටි වනාතමුල්ල සීවලී පටුමග පෙදසින් බන්ධනාගාරය තුළට විසි කර ඇතැයිද පරීක්ෂණ වලදී හෙළිව ඇත.
එමෙන්ම සිරකුටියේ සිවිලිම යට,වැසිකිළියේ සහ අපද්‍රව්‍ය භාජනතුළ සඟවා තිබීයදී මෙම භාණ්ඩ සොයාගෙන තිබේ.
මෙම වැටලීම සඳහා බන්ධනාගාර කාන්තා බුද්ධි අංශයේ නිලධාරිනියන් 8 ක් ඇතුළු 13 ක් සහභාගීවී ඇතැයිද ආරංචිමාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්ධනාගාරයට ඉහළින් සැමදාටම මෙසේ බඩුමුට්ටු විසිකරන්නට ඉඩදී බලන්න සිට බැහැ නේද? එබැවින් හැකි ඉක්මනින් මේ බඩුමුට්ටු වීසි කරන මිනිසුන් කුමන හෝ ක්‍රමයකින් අල්ලා ගත යුතුයි නේද?
මේක වසංගතයක් වගේ,
මෙම වටිනා ඉඩම වෙනත් ප්‍රයෝජනවත් දෙයකට යොදාගෙන, සිරමැදිරි ටික ශුෂ්ක කලාපීය නිදහස්, මිනිසුන්ගෙන් තොර ප්‍රදේශයකට... උත්තර තියාගෙන නිලධාරින් වටේ කැරකෙන්නේ මොන හේතුවක් හින්දාද මන්දා. පගාවල රහවැටිලා දෝ කියලා හිතෙනවා..