IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වැලිකඩ තාප්පයට උඩින් පියාඹන දුරකතන බැටරි ආරෝපණය කාන්තා අංශයේ

(ජයන්ත සමරකෝන්)
 
පසුගිය දිනයන්හිදී  වැලිකඩ බන්ධනාගාරය තුළට  බන්ධනාගාර තාප්පයෙන් විසි කළ  පාර්සල් තුළ තිබූ ජංගම දුරකතන බැටරි  සහ මත් ද්‍රව්‍ය සියල්ල බන්ධනාගාර කාන්තා අංශයේ රැඳවියන්  දෙදෙනකු ඉලක්ක කරගනිමින්  විසි කර ඇති බවට තොරතුරු  අනාවරණය වී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
 
තහනම් ද්‍රව්‍ය හා උපකරණ අලෙවිකරමින්  සිටි  බව කියන  එම  කාන්තා රැදවියන් දෙදෙනා කවුරුන්ද යන්න හඳුනාගෙන ඇති අතර  ඔවුන්   දෙදෙනා මේ වන විට  අඟුණකොළ පැලැස්ස බන්ධනාගාරයට මාරු කර  එහි විශේෂ සිර කුටියක රඳවා ඇතැයි එම ආරංචිමාර්ග සඳහන් කරයි.
 
එහි  එක් කාන්තා රැඳවියෙක්  වනාතමුල්ල සීවලී පටුමඟ දෙසින්  බන්ධනාගාරය තුළට  දමන ජංගම දුරකතන බැටරි  ආරෝපණය කර  අලෙවි කර ඇති අතර  අනෙක් කාන්තාව මත් ද්‍රව්‍ය  අලෙවිය සිදු කර ඇතැයි හෙළිව තිබේ.
 
බැටරි ආරෝපණය කර අලෙවි කිරීම මෙම කාන්තා අංශය තුළ ඉහළ පෙලේ ජාවාරමක් බවට පත්ව ඇතැයි ද  මේ සඳහා  එක් බැටරියකට රුපයල් 3000-4000 ක් අතර මුදලක් අය කර ඇතැයිද හෙළිව තිබේ.
 

එම පාර්සල්වලින් දිගින් දිගටම හමු වී ඇත්තේ   ජංගම දුරකතන බැටරි බවද , ඉකුත් දිනකදී එක් බෑගයක ජංගම දුරකතන බැටරි 167 ක් තිබී ඇතැයිද වාර්තා වෙයි.
 



අදහස් (0)

වැලිකඩ තාප්පයට උඩින් පියාඹන දුරකතන බැටරි ආරෝපණය කාන්තා අංශයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site