IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


‘‘වෛරී ප්‍රහාර නැවැත්වීම සියලුදෙනා සහයෝගයෙන් කටයුතු කළ යුතුයි‘‘

වෛරී ප්‍රහාර වහාම නැවැත්වීම සඳහා සුදුසු පියවර ගැනීමට ශ්‍රී ලංකාවේ සියලු ජනවාර්ගික හා ආගමික කණ්ඩායම්, ආණ්ඩුව, විපක්ෂය, සිවිල් සමාජය සහ ආරක්ෂක අංශ සහයෝගයෙන් කටයුතු කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ විශේෂ උපදේශකයන් දෙදෙනෙක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් අද (14) සඳහන් කළහ. 

ජනඝාතන වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ උපදේශක ඇඩමා ඩියැන්ග් සහ ආරක්ෂාවට ඇති වගකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ උපදේශිකා කැරන් ස්මිත් යන දෙදෙනා එම නිවේදනය නිකුත් කර තිබේ. 

පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන කිහිපයකට සහ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයකට එල්ල වූ ප්‍රහාර සහ ඊයේ (13) ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක සිදු කළ පහරදීම්, දශක තුනක් පැවැති අන්තර් ජනවාර්ගික සන්නද්ධ ගැටුමකින් පසුව ඉදිරියට යෑමට උත්සාහ කරන ශ්‍රී ලංකාව පසුපසට ඇද දමන බව ද ඔවුන් දෙදෙනා සිය නිවේදනයේ සඳහන් කර ඇත. 

එම ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට පියවර නොගතහොත් එම ප්‍රචණ්ඩත්වය උග්‍ර අතට හැරෙනු ඇතැයි ද එහි දැක්වේ. 

රටේ ජනතාව අතර වෛරය පැතිර නොයන බව තහවුරු කිරීම සඳහාත් එවැනි ප්‍රචණ්ඩකාරී සහ වෛරී ප්‍රහාර නොඉවසන බව තහවුරු කිරීම සඳහාත් ශ්‍රී ලංකා රජය ක්‍රියාවෙන් උදාහරණ සැපයිය යුතු යැයි ද එහි සඳහන් වේ.

ආගමික හිංසනය සහ ප්‍රචණ්ඩත්වය නැවැත්වීම සඳහා ජාතික මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් පියවර ගත යුතු බවද එක්සත් ජාතීන්ගේ විශේෂ උපදේශකයන් දෙදෙනා ඔවුන්ගේ නිවේදනයේ සඳහන් කර ඇත. 

රට තුළ අන්තර් ආගමික සහජීවනය හා සමඟිය ඇති කිරීමට රජයට පූර්ණ සහයෝගය දීමට සූදානම් යැයි ද ඔවුන් දෙදෙනා සිය ඒකාබද්ධ නිවේදනයේ සඳහන් කර තිබේ.

පාස්කු ඉරිදා (අප්‍රේල් 21) විශේෂයෙන්ම ක්‍රිස්තියානි ප්‍රජාවද, ඉන් පසුව මැයි (13) වැනිදා මුස්ලිම් ප්‍රජාවද ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල වීම ආසියානු කලාපයේ දක්නට තිබෙන  අන්තවාදී සහ ජාතිවාදී කණ්ඩායම්වල බලපෑම ශ්‍රී ලංකාව තුළ වැඩිවෙමින් පවතින බව පෙන්නුම් කරන්නේ යැයි ද එම තත්ත්වය මත සුළු ආගමික කණ්ඩායම් අවදානමේ හෙළන බවත් ඔවුහු සඳහන් කරති.  

“ශ්‍රී ලංකාව බහුත්ව සමාජයක්. ශ්‍රී ලාංකිකයකු වීමට නම් බෞද්ධයකු, හින්දු බැතිමතකු, කිතුණුවකු, මුස්ලාමනුවකු විය යුතුයි. මේ සෑම ජන ප්‍රජාවකටම ඔවුන්ගේ අනන්‍යතාවට , නිදහසේ ඔවුන්ගේ ආගමික කටයුතුවල නිරත වීමට, ශ්‍රී ලංකාව තුළ සාමයෙන් සහ ආරක්ෂාවෙන් ජීවත්වීමට වගේම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හඳුනාගැනීමට සහ පිළිගැනීමට ලක්වීමට අයිතියක් සහ සූදානමක් තිබේ. අනෙකාට ගරු කරන්නැයි අපි සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නෙමු” යැයි ද එම නිවේදනයේ තවදුරටත් සඳහන් වේ. 

055

 



අදහස් (0)

‘‘වෛරී ප්‍රහාර නැවැත්වීම සියලුදෙනා සහයෝගයෙන් කටයුතු කළ යුතුයි‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29875 30


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12038 7

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10890 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 752 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 225 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 876 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site