IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


වරාය සේවක වර්ජනය අවසන්

(විනීතා එම් ගමගේ)       

වරාය සේවකයන් විසින් දින තුනක් තිස්සේ ගෙන ගිය වර්ජනය හා දින පහක් තිස්සේ ගෙන ගිය සත්‍යග්‍රහ ව්‍යාපාරය අද (2) අවසන් කිරීමට වරාය වෘත්තිය සමිති පියවර ගත්හ.     

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග තංගල්ලේ කාල්ටන් හිදී අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසු මෙම වෘත්තිය ක්‍රියා මාර්ගය අවසන් කළ බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ වරාය ශාඛාවේ සභාපති ප්‍රසන්න කලුතරගේ මහතා ලංකාදීපයට පැවැසීය.  

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට 49%  ක් කොටස් ලැබෙන පරිදි මේ වනවිටත් වරාය භාර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව කිසිසේත්ම අනුමත නොකරන බවට අග්‍රාමාත්‍යවරයා විසින් පොරොන්දු වීමත් සමග මෙසේ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට පියවර ගත් බව ද හෙතෙම සඳහන් කළේය.

අදානි නමැති ඉන්දීය සමාගමට 49%ක්, 39% ක් දේශීය සමාගමකට ද, තවත් 6% ක් නම සඳහන් නොකරන ලද දේශිය සමාගමකට ද ඉතිරි 12% පමණක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට ද කොටස් ලැබෙන පරිදි මෙම කැබිනට් පත්‍රිකාව සකසා කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කළ අවස්ථාවේ වරායේ වෘත්තිය සමිති 23ම එක්ව මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බවත් ඒ අනුව නැගෙනහිර පර්යන්තය ඉදිරිපිට ඉකුත් 29 වැනිදා සත්‍යග්‍රහයක් ආරම්භ කළ බවත් ඊට බලධාරින්ගේ නිසි අවධානය යොමු නොවු බැවින් 31 වැනිදා සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කළ බවත් හෙතෙම කියා සිටියේය.

මේ සම්බන්ධව අගමැතිවරයාගේ අවධානය යොමු වී සාකච්ඡාවකට ඇරයුම් කළ බැවින් අද පෙරවරු 8.30 ට කාල්ටන් හිදි එම සාකච්ඡාව පැවැත්වුණු බවත් ඒ සඳහා වරාය වෘත්තිය සමිති 23 නියෝජනය කරමින් නියෝජිතයින් 23 දෙනෙකු සම්බන්ධ වූ බවත් හෙතෙම සඳහන් කළේය.

නැගෙනහිර පර්යන්තයේ ඇති වටිනාකම පිළිබඳව අගමැතිවරයාගේ පිළිගැනීම මෙන්ම එය පෞද්ගලිකරණය නොකරන බවට හා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව අනුමත නොකරන බවට දුන් ස්ථිරසාර පොරොන්දුව නිසා වෘත්තිය ක්‍රියා මාර්ගය අත්හිටවූ බව කී ඔහු ඉදිරියේ දී කවර හෝ හේතුවක් නිසා නැගෙනහිර පර්යන්තය අවදානමට ලක්වුව හොත් යළිත් භේදයකින් තොරව වෘත්තිය සමිති එක්වනු ඇතැයි ද කියා සිටියේය. 

 



අදහස් (1)

වරාය සේවක වර්ජනය අවසන්

ranjith Sunday, 02 August 2020 12:32 PM

දේශපාලන භේදයකින් තොරව රටේ දේපළ ආරක්ෂා කරගැනීම උදෙසා වරාය සේවකයන් සියලු දෙනා කළ කැපවීමට ජාතියේ උපහාරය ලැබෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 117 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 963 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2571 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site