IMG-LOGO

2024 අප්‍රේල් මස 21 වන ඉරිදා


වරාය සේවක වර්ජනය අවසන්

(විනීතා එම් ගමගේ)       

වරාය සේවකයන් විසින් දින තුනක් තිස්සේ ගෙන ගිය වර්ජනය හා දින පහක් තිස්සේ ගෙන ගිය සත්‍යග්‍රහ ව්‍යාපාරය අද (2) අවසන් කිරීමට වරාය වෘත්තිය සමිති පියවර ගත්හ.     

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග තංගල්ලේ කාල්ටන් හිදී අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසු මෙම වෘත්තිය ක්‍රියා මාර්ගය අවසන් කළ බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ වරාය ශාඛාවේ සභාපති ප්‍රසන්න කලුතරගේ මහතා ලංකාදීපයට පැවැසීය.  

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට 49%  ක් කොටස් ලැබෙන පරිදි මේ වනවිටත් වරාය භාර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව කිසිසේත්ම අනුමත නොකරන බවට අග්‍රාමාත්‍යවරයා විසින් පොරොන්දු වීමත් සමග මෙසේ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට පියවර ගත් බව ද හෙතෙම සඳහන් කළේය.

අදානි නමැති ඉන්දීය සමාගමට 49%ක්, 39% ක් දේශීය සමාගමකට ද, තවත් 6% ක් නම සඳහන් නොකරන ලද දේශිය සමාගමකට ද ඉතිරි 12% පමණක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට ද කොටස් ලැබෙන පරිදි මෙම කැබිනට් පත්‍රිකාව සකසා කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කළ අවස්ථාවේ වරායේ වෘත්තිය සමිති 23ම එක්ව මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බවත් ඒ අනුව නැගෙනහිර පර්යන්තය ඉදිරිපිට ඉකුත් 29 වැනිදා සත්‍යග්‍රහයක් ආරම්භ කළ බවත් ඊට බලධාරින්ගේ නිසි අවධානය යොමු නොවු බැවින් 31 වැනිදා සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කළ බවත් හෙතෙම කියා සිටියේය.

මේ සම්බන්ධව අගමැතිවරයාගේ අවධානය යොමු වී සාකච්ඡාවකට ඇරයුම් කළ බැවින් අද පෙරවරු 8.30 ට කාල්ටන් හිදි එම සාකච්ඡාව පැවැත්වුණු බවත් ඒ සඳහා වරාය වෘත්තිය සමිති 23 නියෝජනය කරමින් නියෝජිතයින් 23 දෙනෙකු සම්බන්ධ වූ බවත් හෙතෙම සඳහන් කළේය.

නැගෙනහිර පර්යන්තයේ ඇති වටිනාකම පිළිබඳව අගමැතිවරයාගේ පිළිගැනීම මෙන්ම එය පෞද්ගලිකරණය නොකරන බවට හා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව අනුමත නොකරන බවට දුන් ස්ථිරසාර පොරොන්දුව නිසා වෘත්තිය ක්‍රියා මාර්ගය අත්හිටවූ බව කී ඔහු ඉදිරියේ දී කවර හෝ හේතුවක් නිසා නැගෙනහිර පර්යන්තය අවදානමට ලක්වුව හොත් යළිත් භේදයකින් තොරව වෘත්තිය සමිති එක්වනු ඇතැයි ද කියා සිටියේය. 

 



අදහස් (1)

වරාය සේවක වර්ජනය අවසන්

ranjith Sunday, 02 August 2020 12:32 PM

දේශපාලන භේදයකින් තොරව රටේ දේපළ ආරක්ෂා කරගැනීම උදෙසා වරාය සේවකයන් සියලු දෙනා කළ කැපවීමට ජාතියේ උපහාරය ලැබෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩා කර්මාන්ත සමඟ සෙල්ලම් එපා
2024 අප්‍රේල් මස 21 4 0

මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත රැකගැනීම සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක නොවන වර්තමානයේ එම කර්මාන්තකරුවන්ට නැවත ගොඩනැගීමට විශේෂ වැසටහන


රට හදන විට කවුරුවත් අත්හරින්නේ නෑ
2024 අප්‍රේල් මස 21 52 0

රටේ මෙන්ම ජනතාවගේ ද ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැ


‘ෆොක්ස්හීල්‘ තරඟයේදී කාරයක් පෙරළී පහක් මරුට
2024 අප්‍රේල් මස 21 587 0

දියතලාව නරියාකන්ද , ’’ෆොක්ස්හිල්’’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් මෝටර් රථයක් ධාවන පථය


‘විජයදාස පිළිගන්නේ නෑ‘
2024 අප්‍රේල් මස 21 254 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම පිළි නොගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.


බදුල්ලට කුඩු බෙදූ සිවිල් ඉංජිනේරුවා පොලිස් දැලේ
2024 අප්‍රේල් මස 21 371 0

කොළඹ ප්‍රදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය රැගෙන සුඛෝපභෝගී මෝටර් රථයේ ගොස් බණ්ඩාරවෙල සංචාරක හෝටල්වලට බෙදාහැරීමේ නිරත සිවිල් ඉංජිනේරුවරයෙකු කැස්බෑව හෝටලය


ආණ්ඩුව ඉන්ධන වලින් අධික ලාභ ගන්නවා
2024 අප්‍රේල් මස 21 319 2

ඉන්ධන මගින් රජය අධික ලාභ ලබන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 241 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1569 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1465 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site