( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන "කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසම් සභා පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති විශේෂ පෙත්සම් ලබන 19 වැනිදා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට අගවිනිසුරුවරයා තීරණය කර ඇත.
ඒ අනුව මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ගේ ප්‍රධානත්වයෙන් බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා යන මහත්වරුන් ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලෙනු ඇත.
එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ යන මහත්වරුන් , තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන් ගේ සංගමයේ සභාපති ජී කමල් රේණුක පෙරේරා, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.
එම පනත් කෙටුම්පත නීතියක් බවට පත් වීමට නම් පාර්ලිමේන්තු වේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සහ ජනතාව විසින් ජනමත විචාරණයක දී සම්මත ක< යුතු බවට තීන්දු කරන ලෙස සිය පෙත්සම් මගින් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.
COMMENTS
ලියල එවන එක කියවන්න මොකටද 5 ක්. එකෙක් හිටියනං ඇතිනේ.
අනේ අපේ රටට වුණ දෙයක්
මේකටවත් සාධාරණ විසඳුමක් ලැබේවා. නැතිනම් එය මහා විපතක ආරම්භයක් වනු ඇත
ලංකාවේ අධිකරණය මුළු ලෝකයේම ඉතාමත් ස්වාධීන අධිකරණක් දැන් කියලා පිළිගැනීමට ලක්වෙලා ඉවරයි. ඒකනිසා අපිට බොහොම ස්වාධින හා නිවැරදි තීරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.
ඔය කෙරුවාවල් අපි දන්නවා. ලංකාවේ තියෙන දූෂිතම ආයතනයක් වෙලා..
රජවරු වීර සිංහලයින් මහා සංඝරත්නය ඉතිහාසයේ දිවි පරදුවට තබලා ආරක්ෂා කරගත යුතු රටක් මේක...
අපේ රට පොහොසත් රටක් කර, රැකියා ජනනය කරන්නට හැකි එක මාර්ගයක් නම් රටට විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමයි. වර්තමානයේ ලංකාව වැනි රටකට ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම අපහසු දෙයක්. ඊට හේතුව නම් අද ආසියානු කලාපයේ ආයෝජකයින්ට හිතකර පරිසරයක් ඇති රටවල් රාශියක් තිබීමයි. එබැවින්, කොළඹ වරාය නගර වැනි ආර්ථික කලාපයක ආයෝජකයින්ට හිතකර නීති සම්පාදනය කිරීමේ වරදක් නැහැ. මෙවැනි දෙයකින් ලංකාව විදේශීය කොලනියක් බවට පත්වෙන බව පැවසීම සාවද්‍ය කරුණක්. එවැනි කරුණු දක්වන බොහෝ දෙනාගේ පරමාර්ථය පටු දේශපාලන වාසි ලබා ගැනීමයි..
චීනාට කලින් ඔබ වැනි, පාසල් නොගිය, එක එක හොරුන්ට කඩේ යන, බත් බැලයින්ගෙන් අපේ රට බේරාගැනීමටයි දැන් සිදුවෙලා තිබෙන්නේ. ඔබ නිරුවතින්ද සිටින්නේ?
මේ රටේ කොළඹ කියන්නේ ගඳගහන ඉන්දියානු කොලනියක්. 1840 සුද්දා ගෙනාපු ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ පනත දවස ඉඳලා අපිට කනබොන දේවල් අපිට වික්කේ.. මේ ඉන්දියානු පරපෝෂිතයින්. ඔවුන් තමයි අදත් අපේ රටේ ලොකුම පෝසත්තු. ඔවුන් තමයි අපේ දේශපාලකයන් බොහෝ දෙනෙක්ව බලාගන්නේ... ඇන් ඇම්, බණ්ඩා රෝහණ වගේ අයව බලාගත්තේ මේ අය. විමලෙලයි, බුද්දරක්ඛිතලයි.., බුරුමෙන් හාල් ගේන්න ටෙන්ඩරය ඉල්ලුවාම ඉන්දියානු පරපෝෂිතයන් කියලා ඒක දුන්නේ නැහැ. මේ අය තමයි අද වරාය නගරයට එරෙහි වෙන්නේ. මොකද උන්ටනේ කෙලවෙන්නේ...