IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වරාය නගරයේ ගොඩකිරීම් අවසන්

(ඩයනා උදයංගනී)
 
කොළඹ වරාය නගරය ඉදිකිරීම සඳහා මුහුද ගොඩකිරීමේ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් අවසන් කර ඇතැයි මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.   
 
හෙක්ටාර 269 ක භූමියකින් සමන්විත කොළඹ වරාය නගරයේ මීළඟ අදියර ලෙස ගොඩනැඟිලි සහ අනෙකුත් ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ඉදිරියේදී සිදුකරන බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.
               
ගොඩකිරීම් අවසන් කළ වරාය නගරය නිරීක්‍ෂණය කිරීමේ චාරිකාවක මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චැන් ෂුයෑංග් මහතා ඇතුළු පිරිසක් හෙට (16) දිනයේදී නිරතවීමට නියමිතය.
               
කොළඹ වරාය නගරය හෙවත් ‘පෝර්ට් සිටි’ ව්‍යාපෘතිය මෙරට ඉතිහාසයේ ඉදිකෙරෙන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස දැක්වෙන අතර එහි ඉදිකිරීම් චීන ජනාධිපති ෂි ජිංපින්ග් සහ එවකට ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 2014 වසරේ සැප්තැම්බර් මස 16 වැනිදා ආරම්භ කෙරිණි.

මෙය ආරම්භයේදී පරිසර සංවිධාන හා බොහෝ පාර්ශවවලින් විරෝධතාවන් ද මතු වූ අතර පසුගිය 2015 වසරේ පැවති ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී මෙම නගරය ඉදිකිරීම ගැන දෙවරක් සිතා බලන බවට දේශපාලන පොරොන්දු පවා ලබාදීමට වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ එක්සත් ජාතික පෙරමුණු පාර්ශවයන් කටයුතු කර තිබිණි.
 
මෙහි ඉදිකිරීම් කලක් නවතා දමා තිබූ අතර පසුව නැවතත් පරිසර හා තාක්‍ෂණික ආදී ඇගයීම් වාර්තා ලබාගැනීමෙන් අනතුරුව යළිත් මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණේ නව රජයේ මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය යටතේය.
 
මෙහි ආර්ථික කලාපය පළමුව ඉදිකිරීමට නියමිත අතර සමස්ත ව්‍යාපෘතිය තවත් වසර 25කින් පමණ අවසන් කිරීමට නියමිතය.         
 
මෙම කොළඹ වරාය නගරය අතිනවීන පහසුකම් රැසකින් සමන්විත වනු ඇති අතර බැංකු කාර්යාල, අලෙවිසල්, හෝටල් හා ආපනශාලා, තානාපති කාර්යාල, නිවාස හා නිවාස ඒකක, බද්ධ නිවාස ගොඩනැඟිලි, සෞඛ්‍ය, අධ්‍යාපන සහ පර්යේෂණ හා සංවර්ධන ආයතන, විවෘත වෙළෙඳ ප‍්‍රදේශ, රූපලාවන්‍ය, බේකරි, රෙදි සේදුම්, මුද්‍රණ, පරිගණක අලූත්වැඩියා, කුඩා පරිමාණ කලා හා අත්කම්, මෝටර් රථ හා මෝටර් සයිකල් නඩත්තු, පයිප්ප වැඩ, වඩු වැඩ සහ වෙනත් ඒ ආකාරයේ කුඩා ව්‍යාපාර, ආපනශාලා, පේ‍්‍රක්ෂකාගාර, පුවත්පත් විකුණුම් ස්ථාන, පොත් සාප්පු, එළිමහන් හා ගෘහස්ත විනෝදාස්වාද ස්ථාන, කලාගාර, සමාජ ආර්ථික මධ්‍යස්ථාන, 
ආදී අංග රැසකින් සමන්විත වනු ඇතැයි ද මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මෙම නගරය කටුනායක හා සම්බන්ධ කෙරෙන අධිවේගී මාර්ගයක් ද ඉදිකිරීමට නියමිතය.



අදහස් (1)

වරාය නගරයේ ගොඩකිරීම් අවසන්

Nandalal DE SILVA - France Tuesday, 15 January 2019 06:01 PM

වරාය නගරයේ ගොඩකිරීම් අවසන් කරන්න රටේ විවිධ පළාත්වලින් කළුගල්, පස් ආදී දේ ඝන මීටර් කොතරම් විශාල ප්‍රමාණයක් ඉන්දියන් සාගරයට හැලුවාද ? මෙමගින් මුළු රටේම ස්වභාවික තත්වය වෙනස්කර ගංවතුර නායයාම් ආදිය මිනිසා විසින්ම නිර්මාණය කරාද? බෝඩ් ලෑලි, දිලිසෙන නාම පුවරු සවිකරවා ගැනීම සඳහා පමණක්ම ආරම්භ කරන ලද මේ ව්‍යපෘතියට වැය කල අතිවිශාල ධනස්කන්දයෙන් කොතරම් ප්‍රයෝජනවත් සංවර්ධන වැඩ කටයුතු රාශියක් කිරීමට පුළුවන් කමක් තිබුණාද? එමෙන්ම උපදින්නට සිටින අනාගත පරපුරේ දරුවන් ගෙවිය යුතු පොළිය කොපමණදැයි කියන්න පුළුවන් කාටද?

:       160       110

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 802 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site