(යොහාන් භාසුර)
සීනි ආනයනය තහනම් කිරීම නිසා වරාය අධිකාරිය බාරයේ තිබෙන සීනි කන්ටේනර් 81 ක් ලංකා සතොසට ලබාදීමට තීරණය කර ඇති බවත් එම කන්ටේනර් තුළ සීනි මෙටි්‍රක්ටොන් 2000 කට අධි ප්‍රමාණක් ඇති බවත් වරාය අධිකාරියේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය.
මෙම කන්ටේනර් 81 ක ලබාගන්නා ලෙස ලංකා සතොසට මීට පෙර ද දැනුම්දී තිබුණ ද එය ක්‍රියාත්මක නොවීම නිසා නැවත සාකච්ඡා කළ බවත් සතොස එම සීනි ලබාගැනීමට නැවත කැමැත්ත පළකළ බවත් එම නිලධාරියා කීය.
වරාය අධිකාරිය සතුව පමණක් සීනි කන්ටේනර් 400 කට අධික සංඛ්‍යාවක් ඇති බව කී එම නිලධාරියා සෙසු කන්ටේනර් සම්බන්ධව මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවත් සඳහන් කළේය.
COMMENTS
සීනි ආනයනය තහනම් නම් සතොසට ඒක අදාල නොවෙන්නේ රජයේ ආයතනයක් නිසානේ. එතකොට දැන් ලංකාවේ නිදහස් වෙළඳපොල ආර්ථිකය නැති කරලද. අපි ආයිමත් 70-77 අන්ධකාරයට යනවද. අවසාන ප්‍රතිඵලය බුද්ධිමතුන්ට උගතුන්ට රට හැර යාමට කරන ආරාධනය.
බඩු නිදහස් කරන්න ඩොලර් ගෙව්වාද?.
හැම මාෆියාවක්ම ගොඩනැගුනේ මේ ආණ්ඩුව ආවාම තමයි.