(ඉන්දිකා රාමනායක සහ ළහිරු හර්ෂණ)
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවක් හේතුවෙන් අද(29) කොළඹ කොටුව ලෝටස් පාර වසා ඇති බව පොලිසිය කියයි.
උද්ඝෝෂණයේ නිරත වු රැකියා විරහිත උපාධිධාරීන්ට දෙවැනි වරටත් පොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.
විරෝධතාකරුවෝ ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කරමින් සිටිති.
පොලිස් කැරලි මර්දන කණ්ඩායම්, අධි පීඩන ජල ප‍්‍රහාරක රථ එම ස්ථානයට කැඳවා ඇති බව පොලිසිය කියයි.
ඡායාරූප - ළහිරු හර්ෂණ



වැඩිදුර ඡායාරුප නැරඹීමට පිවිසෙන්න
රැකියා විරහිත උපාධිධරයන්ගේ විරෝධතාවයට දෙවැනි වරටත් කඳුළු ගෑස්
COMMENTS
කිසිම රජයක් බැඳිලා නෑ එහෙම රැකියා දෙන්න. මේක කාලය කාදැමීමක්. උපාධිය තිබුණට කමක් නෑ පොඩි තැනකින් පටන් ගන්න. ඊට පස්සේ ඉහළට යන්න පුලුවන්. නැත්නම් තමන්ගේ ම ව්‍යාපාරයක් පොඩියට පටන් ගන්න. මම පිටරටකට ආවේ ඒ නිසයි. කාලය කා දැමුවොත් අපි වයසට යනවා.
පොදු ජනතාවට කරදරයක් නොවෙන ආකාරයට සියලුම විරෝධතා සහ පෙළපාලි පැවැත්විය යුතුයි.
කොහේ තියෙන ජලයද අප්පා!!!
ඔව්, නැගෙනහිරදී ගුටි කාලා තුවක්කුත් නැතිකරගෙන බස්නාහිර අයට වතුර බැරිනම් ගල්වලින් ගහපල්ලා...
තමුන් දැනගන්න ඕනේ රැකියාවකට ඉල්ලුමක් තියෙන දෙයක් ඉගෙනගන්න. මොනවද මේ කරන පිස්සු වැඩ...?
නෝන්ජලයෝ නායකයින් වුණාම හැම හාල්පාරුවම උද්ඝෝෂණය කරනවා. එකෙක්, දෙන්නෙක් එලොව යැව්වා නම් ආයේ ඔය විකාර නෑ. අනික මොවුන් රැකියා විරහිත උපාධිදාරීන්ලු. තව ටික දවසකින් කියාවි බඳින්න කෙනෙකුත් හොයලා දියව් කියලා... ඊට පස්සේ කියාවි ළමයෙකුත් හදලා දියව් කියලා. වැඩකට නැති කුණුගොඩවල් ඉගෙනගෙන රටේ මහජනයාට ඇනයක් වෙලා තියෙන පිරිසක්... මේ වගේ ගෝතයින්ට රජයේ රැකියා දුන්නාම රාජ්‍ය සේවයත් ඉවරයි. මේ වගේ අය තමයි වැඩ නොකර පිස්සු නටන්නේ රාජ්‍ය සේවයේ... අනික මේ වගේ හරක්ට උපාධි දුන්න උන්ටත් ගහන්න ඕනෑ මඩු වලිගයෙන්...
මේ ළමයින්ට දොස් කියලා වැඩක් නැහැ.. පාලකයින් දැනගත යුතුයි. ඵලදායී විෂය පථයන් හඳුන්වා දී , ඒ හරහා මේ ළමයින්ගේ ශක්තිය මේ රටේ සංවර්ධනයට යොදාගන්න.