IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවයට දෙවැනි වරටත් කඳුළු ගෑස්

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ අද (29) විරෝධතාවයට පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කෙරිණි.

එම දසුන් කිහිපයක් පහතින් දැක්වේ.

වැඩිවිස්තර සඳහා පිවිසෙන්න

විරෝධතාවක් හේතුවෙන් ලෝටස් පාර වහයි



අදහස් (44)

රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවයට දෙවැනි වරටත් කඳුළු ගෑස්

rana Monday, 29 July 2019 10:54 AM

දැන් වතුර, ගෝඨා අාවොත් උණ්ඩ. අන්තෝ ජටා බහි ජටා නේ..., අනේ පව් කුමක් කරන්නද පින් මඳ නිසා..?

:       1381       1587

DarshanaMonday, 29 July 2019 11:18 AM

මේ ආණ්ඩුව ඉදිරියටත් පැවතුණොත් රටේ මිනිස්සුන්ට වතුර ටිකක්වත් නැතිවෙයි.

:       846       1003

රජින්දMonday, 29 July 2019 12:26 PM

රනා, ඒ කියන්නේ ඔයත් වෙඩි කන වැඩ කරන කෙනෙක් කියන එකයි, එහෙම නේද? නැත්නම් වැරැද්දක් නොකරපු අහිංසකයින් වෙඩි කන්නේ නැහැනේ...

:       1022       1022

ranaFriday, 02 August 2019 04:33 AM

රතුපස් වල වෙඩි කෑවේ වරද කරපු අයද?

:       1       12

චන්දනWednesday, 31 July 2019 11:23 AM

රනාගේ බුද්ධි මට්ටම අනුව ‌මෙයට වඩා ‌දෙයක් හිතන්න බැහැ වගේම රැකියා විරහිත උපාධිදාරීන්ට රැකියාවක් පිනට හම්බවුනොත් මිසක් කවදාවත් තරඟ කරලා රැකියාවක් ගන්න තරම් දක්ෂතා නැහැ. ඉ‌ගෙන ගන්න කාලෙත් පාරේ, දැනුත් පාරේ. ‌මේ ‌ගොල්ලෝ පාරවල් වල උද්ඝෝෂණය කරනවටත් යන සියළු වියදම් අපේ බදු මුදලින්මනේ ඉතින්. අපි අපේ හැකියාවෙන්, දක්ෂතාවයෙන් හම්බ කරන ඒකෙනුත් භාගයක් විතර බදු හැටියට මොවුන්ට නාස්ති කරන්න රජයට ‌දෙනවනේ.... රටක් හැදෙයිද ඉතින්?

:       1       20

rana Friday, 02 August 2019 04:35 AM

මග බුද්ධි මට්ටම මැන්නට තුති... ඕකට නේද මෝඩ උද්දච්ඡකම කියන්නේ..?

:       1       0

ධම්ම Monday, 29 July 2019 10:59 AM

පාලකයෝ කියන විදියට රැකියා විරහිත උපාධිධාරීන් ලංකාවේ නැහැ. එතකොට මේ කවුද?

:       134       142

පුරවැසියා Monday, 29 July 2019 05:44 PM

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන රජයේ රැකියාවල් ලබාගෙන, රැකියාවවත් පැය 8ක් නොකරන නමුත් රුපියලටත් ඉල්ලීම් ඉල්ලමින්, මහාමාර්ග අවහිර කරමින් පිකටින් කරන උගතුන් කියාගනිමින් නුගතුන්සේ හැසිරෙන ලෝකයේ තිබෙන එකම රට සිරි ලංකාව පමණමය

:       3       487

Prabha Monday, 29 July 2019 11:18 AM

මේ රැකියා විරහිතයින් වැඩි ප්‍රමාණයක් කලා අංශයෙන් උපාධිය ලබපු අය... ඒ ඉගෙනගත් විෂයයන්ට ගැලපෙන රැකියා රටේ තියනවද? දැන්වත් රැකියාවක් ලබාගත හැකි උපාධි පාඨමාලා සකස් කිරීමට බලධාරීන්ට නුවණ පහළවේවා.. !!!

:       1       317

lalithm Monday, 29 July 2019 11:26 AM

උපාධිධාරීන් බිහිකරන්නේ රැකියා උත්පාදනය කරන්න කියල නේද කියන්නේ...? එ්ත් අපේ උපාධිධාරීන් නිකම් ඉන්න ආණ්ඩුවේ රැකියා ඉල්ලලා පෙළපාලි යනවා. පුද්ගලික අංශයේ ඕනේතරම් රැකියා තිබුණත් බොහෝ උපාධිධාරීන් ඒවාට යන්න කැමති නැහැ. ගියත් තියෙන වැඩ කරගන්න දැනුමත් මදි කියලා මතයක් තියෙනවා. මේවට උත්තර තියෙන්නේ විශ්වවිද්‍යාලවල සහ පාඨමාලා හදන අයවලුන් අතේ... පුද්ගලික විශ්වවිද්‍යාලවල ඉගෙනගන්න අයවලුන් ආණ්ඩුවේ රැකියා හොයන්නේ නැහැ නේද? පොඩ්ඩක් හිතමු. බැන්නට කමක් නැහැ.

:       1       320

PradeepMonday, 29 July 2019 02:50 PM

අපේ අය හිතන්නේ නොමිලේ අධ්‍යාපනයත් දීලා, ඊට පස්සේ රැකියාවත් ආණ්ඩුවෙන්ම දෙන්න ඕන කියලා. අපිත් එහෙම හිතාගෙන වැඩ කලානම් අදටත් ඔය පෙළපාලිවල අපි ඉන්නවා. පුද්ගලික අංශයේ රැකියා ඕන තරම් තියනවා රාජ්‍ය අංශයට වැඩිය වැටුප් ලැබෙන. උනන්දුවක් තියනවනම්, වැඩ කරලා වැටුපක් ලබා ගැනීමට හිතනවානම් පුද්ගලික අංශයට එකතු වෙන්න. අද මම සන්තෝෂ වෙනවා රාජ්‍ය අංශයට එකතු නොවී පුද්ගලික අංශයට යොමු වීම ගැන. කාටවත් බැනල හෝ බන්දේසියේ තියල පත්වීම් ලිපිය දෙනතුරු බලා නොයිද වහාම පුද්ගලික අංශයට එකතු වෙන්න. වැඩ කරන අයට, දක්ෂයින්ට ඉතා ඉක්මනින් ඉහලට යන්න පුළුවන්. අත්දැකීමෙන් කියන්නේ.

:       0       429

ධනුෂ්කMonday, 29 July 2019 03:02 PM

මහත්මයා මෙතන අවුල තියෙන්නේ මේකයි මෙතන ඉන්න 95%ක්ම වගේ කලා උපාධි හදාරපු අය. එහෙම අය පුද්ගලික අංශයට අරගෙන කරන්න දෙයක් ඇත්තෙම නෑ. ඒ විතරක් නෙමේ. කලා උපාධියක් තියනවා කියලා දැනගත්තොත් සුළු තනතුරකටවත් ගන්නේ නෑ. උපාධිය ගත්තම තමා මේක තේරෙන්නේ. ළමා කාලයේ මේ ගැන හරි වැටහීමක් නෑ. ගොඩක් දෙමාපියන්ටත් මේ ගැන වැටහීමක් නෑ. කොහොමහරි උපාධියක් ගන්නයි උත්සාහ කරන්නේ. කලා උපාධි රටකට වුවමනයි හැබැයි ලංකාවේ වුවමනාවට වැඩියි. හොඳම වැඩේ තමයි නව තත්වයනට ගැලපෙන විදියට පතිපත්ති සැකසීම

:       0       134

nandanaSaturday, 03 August 2019 08:53 PM

ප්‍රශ්නය ඔබ කියන තරම් සරල නැහැ. නගරවලින් ඈත පිටිසර පාසල් බොහොමයක් උසස් පෙළට ඉගෙන ගන්නට ඇත්තේ කලා විෂයයන් පමණයි. යථාර්තය නම්, අද රැකියා වෙළෙඳපලේ ඇති බොහෝ පුරප්පාඩු සඳහා උපාධියක් අවශ්‍ය නොවේ. බොහෝවිට, අවශ්‍ය වන්නේ වෘතීය සුදුසුකමක් පමණි. මහා පරිමාණයෙන් රජයේ රැකියා දීමට අද රටේ බදු අාදායමක් නැහැ. ලංකාවේ තිබෙන සම්පත්වලින් උපරිමව කළහැක්කේ කෘෂිකර්මාන්තයයි. නමුත් මේ උපාධිධාරීන්ගෙන් කී දෙනෙක් අද අමුඩය ගසා කෘෂිකර්මාන්තයට බසින්නට කැමති වෙයිද..?

:       0       0

Raveendra Monday, 29 July 2019 11:35 AM

අපගේ අදහස්වලට වැඩි පිරිසක් එකඟ නොවනු ඇත. නමුත් අපගේ අදහස් මෙසේ සඳහන් කිරීමට කැමැත්තෙමු. අප විශ්වාස කරනවා මහජන බදුමුදල් වැයකරමින් නොමිලේ ලබාදෙන නිදහස් අධ්‍යාපනය ලබාදී බලයට පත්වන සෑම රජයක්ම මොවුන්ට රැකියා ලබාදිය යුතුද? නැද්ද? මධ්‍යස්ථව සිතාබැලීම වැදගත් නොවන්නේද? අනික වඩාත් අවාසනාවන්ත කරුණ නම් අපගේ රටේ දැනට තිබෙන අධ්‍යාපන ක්‍රමය රටේ දියුණුව, රැකියාවන් මූලික කරගෙන, තිබෙන ක්‍රමයක්ද යන්න?" අධ්‍යාපන ඔස්තාර්ලා යයි කියන මහෞෂධ පණ්ඩිතයන් ඔලුවෙන් හිටගෙන බැලුවොත් " හොඳයි යන්නය්... එසේ රටට ඔබින අධ්‍යාපන ක්‍රමයක් තිබෙන්නේ නම් මෙවන් විරෝධතා දැක්වීමට සාමාජිකයන් සොයා ගැනීමටවත් නොහැකිවනු ඇත..

:       2       168

mp Monday, 29 July 2019 11:38 AM

මෙන්න ප්‍රජාතන්ත්‍රවාදය...! ඡන්දේ දෙන්නම ඕනේ මේ ආණ්ඩුවටම තමයි.

:       168       102

isurandi Monday, 29 July 2019 11:41 AM

දැන්වත් වෙනසකට ලැහැස්ති වෙයල්ලා... මේ පව්කාර දේශපාලකයින්ව ගෙදර යවන්න...

:       254       158

KamalMonday, 29 July 2019 12:40 PM

පරණ කට්ටියව ආපහු ගේන්න හැමදාම කොලේ ඕකනේ..

:       177       218

පිටරැටියෙක් Monday, 29 July 2019 11:48 AM

දියුණු රටවල, උපාධිධරයෝ ආණ්ඩුවේ රස්සාවක්ම ඉල්ලලා කාලේ කන්නේ නැහැ. අතට අහුවෙන කුමක් හෝ පොඩි රස්සාවක් කරන ගමන්, හෙමින්, හෙමින් හෝ තමන්ගේ ඉලක්කයට සම්ප්‍රාප්ත වෙනවා. සමහරු උපාධියක් නොගත්තත්, පෞද්ගලික අංශයේ රැකියාවන් කරමින්, ඉතා සුඛිතමුදිත ජීවිත ගත කරනවා. ඉංග්‍රීසි දැනුම සහ නව තාක්ෂණය පිළිබඳව දැනුවත් නම් ඕනෑතරම් රැකියාවල් පෞද්ගලික අංශයන්ගෙන් හොයා ගන්න පුළුවන්... හැබැයි ආණ්ඩුවේ රස්සාවල වගේ අයිස් පිට ඉන්න බැහැ. ඒකට ඉතින් ගොඩක් දෙනෙක් කැමති නැහැනේ...

:       0       382

RaveendraMonday, 29 July 2019 01:23 PM

ඇත්තෙන්ම මේ සියල්ලෝම නාස්ති කරන්නේ රටට වැඩදායි මිලකළ නොහැකි මිනිස් ශ්‍රමයයි.එබැවින් කෙසේ රටක් දියුණු වන්නේද ??

:       0       71

Prabha Monday, 29 July 2019 07:45 PM

කෙසේවෙතත් උපාධි හදාරන අයත් දැනගන්න ඕනේ රැකියාවක් ලබාගත හැකි පාඨමාලාවක් හදාරන්න.

:       0       0

රජින්ද Monday, 29 July 2019 11:48 AM

මේ පින්තුර ටික දකිනකොට මට මතක් වුණා. යහපාලන නඩය 2015 ජනාධිපතිවරණේ දිනන්න හදපු සින්දු දෙක... 'රටකට ඕනා අපමණ අගයක් හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්..' 'ආයේ ආයේ නොම ඉවසන්...' මම හිතන්නේ දැන් ඒ ලක්ෂ 62 නාම්බෝ සහ නාම්බියෝ ටිකට සනීප ඇති කියලයි...

:       425       615

rama Monday, 29 July 2019 12:28 PM

දෙනවා කියපු රැකියා දශලක්ෂය දුන්නේ පෝස්ටර් ගහපු අයට විතරද?

:       23       160

Thusitha Monday, 29 July 2019 12:36 PM

නිකන් උගන්වලා තව රස්සා දෙන්නත් ඕනෑද ආණ්ඩුවෙන්?

:       5       157

Not a Slave Monday, 29 July 2019 12:39 PM

මේ ගොල්ලෝ රස්සාවල් ඉල්ලන්නේ රජයෙන්මද? පුද්ගලික සමාගම්වලට යන්න කැමති නැද්ද?

:       2       104

RaneMonday, 29 July 2019 01:39 PM

පෞද්ගලික ආයතනවල වැඩ කරන්න වෙනවානේ...

:       2       103

Kamal Monday, 29 July 2019 12:41 PM

හාමුදුරුවන් රැකියා ඉල්ලන්නේ මොකටද?

:       2       203

බද්රානි Monday, 29 July 2019 01:28 PM

කැම්පස් එකට තේරුණා කියලා ඔලුවේ අං පැලකරගෙන රටේ ජනතාවටත් කරදරයක් වෙන ලෙස එදා මහපාරේ කෝලම් නැටීමේ ආනිශංස තමයි ඔය ලැබී තියෙන්නේ. තමන්ගේ බුද්ධියට හා දක්ෂකමට සුදුසු, අනාගතයට සරිලන විදිහේ යම් පාඨමාලාවක් නියම සරසවි සිසු සිසුවියන් ලෙස කළා නම් අද ඔය ඉරණම අත් වන්නේ නැහැ නේද? අසරණ ජනතාවගේ බදු මුදලින් නොමිලේ උසස් අධ්‍යාපනය හදාරපු මේ ලෝකල් උගතුන් සිතාගෙන ඉන්න ඇත්තේ ලෝකය පිහිටා තිබෙන්නේ, කැම්පස් එක ඇතුලේ කියා වෙන්න ඇති. මෙවැනි ලෝකල් උගතුන් දේශපාලකයින්ට පන්දමක් අල්ලා රජයේ රැකියාවක් ලබා ගැනීමෙන් අනතුරුව සමාජයට කරන මහා මෙහෙවර ගැන නම් මම මෙතන ලියන්නේ නැහැ. ලොකුකම් පැත්තකින් තියලා තමන්ගේ දෑත දෙපයේ මහන්සියෙන් මේ රටේ ආර්ථිකයට දායක වන්න. නැත්නම්, තමන් උපන් රටට ජාතියට, ලෝකෙට ණය වෙලා තමයි යම් දවසක මියැදෙන්න සිදුවන්නේ...

:       1       280

amila Chathuranga Monday, 29 July 2019 01:51 PM

කාටවත් රජයෙන් බලෙන් උගන්වන්නේ නැහැ.. අවුරුදු විසි ගාණක් වුනාට පස්සේ තමුන් ඇප්ලිකේෂන් දාලා තියෙන උපාධිය වටිනා එකක්ද? නැද්ද? කියන එකේ වගකීම තියෙන්නේ ඒක හදාරන අයට.. අවාසනාවට මේ මොක කිව්වත් වැඩක් නැහැ. තව ටික දවසකින් හරක් ගාල් වගේ තියෙන රාජ්‍ය ආයතනවලට තවත් පුටු පේලි දාලා මේ අයට පත්වීම් දෙනවා.. ඉන් පස්සේ ඒ කිසිම වැඩකට නැති නිකමුන්ට පඩිවෙන්නේ මේ රටේ ඉන්න දුප්පත් මිනිස්සු අමාරුවෙන් ගෙවන බදු මුදල් වලින්...

:       0       517

chandima Monday, 29 July 2019 03:33 PM

විශ්ව විද්‍යාල වල තියෙන සමහර පාඨමාලා ආර්ථික සංවර්ධනයට කිසිම වැඩක් නැති අද රැකියා වෙළඳපොලේ කිසිම ඉල්ලුමක් නැති ඒවා. නමුත් එව්වට දහස් ගණනින් තවමත් සිසුන් බඳවා ගන්නවා. රටට වැඩක් ඇති රැකියා වෙළඳ පොලේ ඉල්ලුමක් ඇති පාඨමාලා අලුතින් පටන්ගන්න රජයට සල්ලිත් නැහැ. ඒ වැනි පාඨමාලා මුදල් අයකර හෝ පුද්ගලික විශ්වවිද්‍යාල මගින් ඇරඹීමට ගියොත් මේ පෙළපාලි ගිය පිරිසම එව්වට විරුද්ධවත් පෙළපාලි යනවා. අන්තිමේ මැතිවරණයක් ලංවූ විගස ජනතා මුදලින් පින් පඩි ලබන තනතුරු බිහිකර මේ පිරිසට කිසියම් රැකියාවක් ලබාදී ජනතාව පිට තවත් බරක් පටවනවා. උපාධි ධාරී ඔටුන්න නිසා මේ කිසිවෙකුත් මොන තරම් මුදලක් ලැබුනත් සාමාන්‍ය රැකියාවකට කැමතිත් නැහැ. අන්තිමේ මෙහෙම කඳුළු ගෑස් කක පාරවල්වල ඉන්න වෙලා තිබෙනවා. මෙහි ප්‍රධාන වරද සිසුන් හැදෑරිය යුතු පාඨමාලාව වෙනත් අයවලුන් විසින් තීරණය කිරීමයි. දෙවැන්න එක එක පාඨමාලාව හැදෑරීමෙන් පසුව ඔවුනට ඇති රැකියා අවස්ථා සහ එම රැකියා වලට ඉදිරි වරර පහක් නැතිනම් 10 ක් තුල ඇති ඉල්ලුමේ ප්‍රවනතාව පිලිබඳ දත්ත සිසුනට නොලැබීමයි. රටේ ඉදිරි සංවර්ධන සැලසුම්අනුව මේ දත්ත සැකසීම රජයේ කාරියක්. මේ 225ත් සමග ඒ දේ කල හැකිද?

:       0       173

රොෂාන් Monday, 29 July 2019 03:56 PM

මේ වගේ අයව පෞද්ගලික ආයතනයකට බඳවා ගත්තොත් ඉතින් ඒ ආයතනයත් විනාශයි. හොඳට නාවලාම යවන්න ඔලුගෙඩියේ තියන ජරාව හොඳට හේදිලා යන්නත් එක්ක.

:       0       153

රවිඳු Monday, 29 July 2019 09:26 PM

කැම්පස් එකේ ගතකල වසර කිහිපය මහපාරේ ජොලියෙන් ගතකලා වගේම, ජීවිතයේ ඉතිරි කාලයත් මහපාරේම සතුටින් සුපුරුදු ලෙස ගත කරන්න පින පෑදිලා. අඩුතරමේ මේවා බලලවත්, වර්තමාන විශ්ව විද්‍යාල සිසුන් පාඩමක් ඉගෙන ගන්නවා නම් ලොකු දෙයක්... එ්ත්, එහෙම වෙයි කියලා හිතන්නත් බැහැ. ඒ ගොල්ලෝ හිතාගෙන ඉන්නේත් සියල්ල දත් පණ්ඩිතයින් කියලනේ...

:       0       0

Nalaka Monday, 29 July 2019 11:12 PM

රස්සාවක් නැත්නම් පාරේ උද්ඝෝෂණ නවත්තලා යූ ටියුබ් එකේ තියනවා.. ඒකවත් බලලා හැදෙන්න.

:       0       0

nanayakkara Tuesday, 30 July 2019 02:33 AM

මොවුන් තමයි රටේ ඉන්න අවාසනාවන්තම පිරිස. උපාධීදාරීන්ගෙන් ෆිල්ටර් වෙලා ඉන්න කට්ටිය. උපාධී ගත්ත පලියට මොන රටකවත් රස්සා හම්බෙන්නේ නැහැ. තමන් දැනගන්න ඕනි අලුත් ලෝකයත් එක්ක තමන්න්ගේ දැනුම රස්සාවකට හරියන විදියට ගොඩනගා ගන්න. එතකොට ඔනි තරම් රස්සා තියෙනවා. මේ වගේ ආණ්ඩුවේ රස්සා හිගාකන්න ඕනි නැහැ. මෙහෙම කරන්නේ රස්සා අරගෙන අයිස් ගහන්න බලාගෙන ඉන්න කට්ටිය. කිසිම ආණ්ඩුවේ ආයතනයක රස්සාව කරන අයගේ සේවයේ ඇගයීමක් කරන්නේ නැහැ. පිකටින් කරනවා පඩි වැඩිකරගන්න. එත් තමන් ඇත්තටම සේවයක් කරනවද නැද්ද කියන එක තමන්ගෙන්ම අහන්න ඕනි. ලංකාවේ උපාධීයක් කියන්නේ රස්සාවකට හෝඩියේ පන්තියේ සුදුසුකමක්. තමන් දැනුමෙන් පෝෂණය උනොත් පුද්ගලික අංශයේ ඕනි තරම් රස්සා තියෙනවා. එහෙම ඉහලටම ගිය අය ඕනිතරම් ඉන්නවා.

:       0       0

Anurudda karunathilaka Tuesday, 30 July 2019 02:50 AM

විශ්ව විද්‍යාලයේ ගිහින් ඉගෙන ගන්නවා කියලා පාරවල් ගානේ උද්ඝෝෂණය කරලා අවුරුදු 4ක්, 5ක් රස්තියාදු වෙවී විභාග පාස්කරලා උපාධි ගත්තු මේ වගේ අයට දෙන්න රස්සාවල් කොහේද තියෙන්නේ? රජයේ රස්සාවල් ඕනෑ නම් පාරට බැහැලා වතුර නාන්න නෙමෙයි තියෙන්නේ. රජයේ ගැසට් එක එක බලලා සුදුසුකම් තියන එකකට දාන එකයි. මේ තරම්වත් දෙයක් තේරෙන්නේ නැති බබාලටද උපාධිදාරීන් කියන්නේ...? අනේ පව්...

:       0       0

sisira Tuesday, 30 July 2019 03:22 AM

ලංකාවේ උපාධියක් අරන් දැන් වැඩක් නෑ වගේ..

:       0       0

indika Tuesday, 30 July 2019 05:58 AM

මොකක් හරි ත්‍රස්තවාදී වැඩක් කරලා අවනම් ජොබ් එක ගන්න තිබුණා. අර බදුර්දීන්ට ආයේ එයාගේ ජොබ් එක හම්බුනේ !

:       1       55

Ethara helaya Tuesday, 30 July 2019 06:59 AM

අපේ රටේ වෘත්තියන් සමාජ මට්ටම මනින එක නවත්තපු දවසට මේ ප්‍රශ්නය විසදැයි. අපේ රටේ තිබුණ වානේ, ටයර්,සිමෙන්ති, ලෝහ,සිනි,කඩදාසි, වැවිලි, පේෂ කර්මාන්ත ,තුනී ලෑලි වැනි විශාල රාජ්‍ය සංස්ථා වැඩ දෙපාර්ත මේන්තු ,සියල්ල විවෘර්ත ආර්ථිකය නිසා විනාශ වුණා. ඒ ප්‍රතිඵල තමා.

:       0       101

Nimal Tuesday, 30 July 2019 07:37 AM

අපේ රට මහා පුදුම රටක්. උසස් පෙළ විෂයන් තුනම අසමත් අයට වෛද්‍යවරු ලෙස පත්වීම් ලැබේ. නමුත් උපාධිදාරින්ට කිසිවක් නැත.

:       0       0

shan Tuesday, 30 July 2019 07:46 AM

දියුණු රටවල, උපාධිධරයෝ ආණ්ඩුවේ රස්සාවක්ම ඉල්ලලා කාලේ කන්නේ නැහැ. උපාධිය කරන අතරතුර පවා අතට අහුවෙන කුමක් හෝ පොඩි රස්සාවක් කරනවා මොකද තමන්ගේ වියදම් කරගැනීමට ඒ මුදල් වැය කරනවා. ලංකාවේ අය පිටරටවල උපාධි ගන්න ගියාම පාරවල් වල පවා වැඩ කරනවා එකේ වරදක් නැහැ. නමුත් ලංකාවේ ඉන්න අයට රජයෙන් මුදලකුත් දීලා මහපොලත් දීලා ගෙවල් වලිනුත් මුදල් ලබා දෙනවා. නිදහස් අධ්‍යාපනය කොතරම් හොද උනත් ලංකාවේ මේ උසස් අධ්‍යාපනය නොමිලේ ලබා දීම එතරම් හොද නැහැ. මම දන්නා ළමයි ඉන්නවා ඉගෙන ගන්න ගමන් හෝටල් වල පවා හවසට වැඩ කරලා මුදල් හොයා ගන්නවා. එයාලගේ වියදමට මේ අය තේරුම් ගන්නේ නැහැ හෙමින්, හෙමින් හෝ තමන්ගේ ඉලක්කයට සම්ප්‍රාප්ත වෙන්න. සමහරු උපාධියක් නොගත්තත්, පෞද්ගලික අංශයේ රැකියාවන් කරමින්, ඉතා සුඛිතමුදිත ජීවිත ගත කරනවා. ඉංග්‍රීසි දැනුම සහ නව තාක්ෂණය පිළිබඳව දැනුවත් නම් ඕනෑතරම් රැකියාවල් පෞද්ගලික අංශයන්ගෙන් හොයා ගන්න පුළුවන්. මේ අය සොයන්නේ ආණ්ඩුවේ රස්සාවල මොකද විශ්‍රාමය හා වැඩ නොකර පඩි ගැනීමේ කාර්ය සදහා පුද්ගලික අංශයේ අයිස් පිට ඉන්න බැහැ. ලංකාවේ රැකියා බැලුවම ඕනෑතරම් තියනවා හැබැයි පුද්ගලික අංශ ඒකට ඉතින් ගොඩක් දෙනෙක් කැමති නැහැනේ...

:       0       0

ruchi Tuesday, 30 July 2019 07:55 AM

අවාසනාවක්! ජීවිතය තියෙන්නේ විඳින්න මිස විඳවන්න නොවේ. සෑම කෙනෙක්ටම රැකියාවක් දීම රජයේ වගකීම නොවේ. නමුත් රටේ සිටින රැකියා කළහැකි පිරිසට සරිලන රැකියා උත්පාදනය කිරීම රජයේ ප්‍රධාන වගකීමකි. එලෙසම අධ්‍යාපන ක්‍රමය තුළින් මිනිසුන්ගේ සිතුම් පැතුම් සියල්ල සාම්ප්‍රදානුකූල නොවන මට්ටමකට ගෙන ආයුතුයි. එවිට නව අලුත් විදිහට සිතන සහ නිර්මාණ බිහිකලහැකි ජනතාවක් බිහිවේ. රටේ දියුණුවට වැඩි දායකත්වයක් ජනතාවගෙන් ලැබේ.

:       0       0

Siri Wednesday, 31 July 2019 04:34 PM

ඔය හාමුදුරුවෝ බැරියර් එකක් උස්සන්නේ මොකටද? එයාලට මොකටද රස්සා..?

:       0       104

Ananda Thursday, 01 August 2019 08:44 AM

දැන් කාලේ හාමුදුරුවන් වැඩිහරියක් ඉන්නේ ශාසනය ආරක්ෂා කරන්න නෙවෙයි, උද්ඝෝෂණ කරන්න... ආණ්ඩු පෙරලන්න. අනේ කාලේ වනේ වාසේ කිව්වලු.

:       0       2

sampath_08 Friday, 02 August 2019 11:43 AM

මේ රට පුදුම රටක්... නිකම් උගන්නලා, නිකම් පඩි දෙන්න රස්සාවකුත් දීලා පෙන්ෂන් එකකුත් දෙන්න ඕනේ... මොන විහිලුවක්ද? අනුන්ගෙන් රස්සා ඉල්ලන්න නෙවි තමන්ගෙන් අනුන් රස්සාවල් ඉල්ලන් එන විදියට වැඩකරන්න. නවලෝක මුදලාලිගේ ළඟ කී දාහක් උගතුන් වැඩකළාද? මේ රටේ ව්‍යාපාරිකයන් වෙන්නේ පාසල් අත්හැර ගියපු අය. ඒ මිනිස්සු නිසි උපාධිධාරින්... රට හදන්න නම් මේ සෙල්ලම නවත්තන්න ඕනේ එ්කට ආකල්ප වෙනසක් ඕනේ... නමට කැම්පස් ගියාට වැඩක් නැහැ සදාකාලිකව මහපාරේ..

:       0       1

Jehaan Sunday, 04 August 2019 06:03 AM

ලෝකයේ කිසිම දියුණු රටක උපන්දා සිට නිදහස් අධ්‍යාපනය දීලා රැකියාවත් බන්දේසියේ තබා දෙන්නේ නැහැ. ඇයි පුද්ගලික අංශයේ රැකියාවලට නොයන්නේ? ඒ ආයතන වල වැඩ කරන්නේ මළපොතේ අකුරු නොදන්නා බූරුතඩියන් නොවෙයි. එතැනත් හොඳට දැනඋගත් මිනිස්සු වැඩ කරන්නේ... මෙතන ප්‍රශ්නය මේ උදවිය සොයන්නේ.., නිකම් ඔහේ යන්තම් වැඩකරලා විශ්‍රාම වැටුප් අතට අරන් පරලොව යන්න. පුද්ගලික අංශයේ වැඩක් නොකර පඩි දෙන්නේ නැහැ. ඉතින් හීනෙන්වත් ඒ වගේ රැකියාවකට කැමති නැහැ.

:       0       10

ඔබේ අදහස් එවන්න

දියත

තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 7 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 5 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1342 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 281 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1383 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1366 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1537 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site